+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ හදවතෙහි ඔබ කුමක් තැන්පත් කරමින් සිටින්නෙහිද? (1 වන කොටස)

1_E.png

යේසුස්වහන්සේ පැවසුවේ, "යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය." 

මතෙව් 12:35 සහ ලූක් 6:45 කියවන්න.

ග‍්‍රීක භාෂාවෙන් "සම්පත්" යන වචනයේ තේරුම “තැන්පත් කිරීම” යන්නයි, එබැවින් යහපත් මනුෂ්‍යයෙක් තමාගේ හදවතේ (සිතේ) ඇති යහපත් තැන්පතු වලින් යහපත් දේ ගෙන එයි. 

වෙනත් වචන වලින් කිවහොත්, මනුෂ්‍යයන් දැන හඳුනාගන්නේ ඔවුන්ගේ අකාරයෙනි. 

යහපත් හා අවංක පුද්ගලයෙකුගේ හදවත තුළ ගුණවන්තකම තැන්පත් වන විට එය හොඳ ඵල දරයි. නමුත් නපුර සැඟවී ඇති විට නපුරු කෙනා නපුරු ඵල දරයි. 

මක්නිසාද ඔබේ සිතේ තැන්පත් වී ඇති දේ උතුරා පිටාර ගැලීම ඔබගේ ඵල වලින් පෙනෙනු ඇති අතර ඔබගේ වචන වලින්ද ඇසෙනු ඇත. 

ඕනෑම දෙයක් දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි නම්, දෙවියන්වහන්සේ එය නපුර ලෙස සලකයි. 

ඔබ එය නිතර නිතර කථා කරන්නේ නම්, එය ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත්වනු ඇත. 

එය ඔබගේ හදවතේ ඇති දෙයම පිටතට ගෙන එනු ඇත. 

සමහර අයට මෙය නොතේරේ. 

ඔවුන් පවසන්නේ, “මේ 'ඇදහිල්ලේ' මනුෂ්‍යයන් හැමවිටම ජයග්‍රහණය ගැන කථා කරන්නේ ඇයි? නිතරම නැති දේ ඇති දේ මෙන් සඳහන් කරන්නේ ඇයි? රෝම 4:17 

පිළිතුර සරලය: ඔවුන් දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවේ මූලධර්ම අදාළ කරමින් සිටී. 

අප කරන සෑම කටයුත්තකදීම දෙවියන්වහන්සේව අනුගමනය කරන්න යනුවෙන් බයිබලය පවසයි, මන්ද එවිට අපි අපගේ පියාණන්වහන්සේගේ ප්‍රේමණීය පුත‍්‍රයන් හා දියණියන් ලෙස නියෝජනය කරනු කරන්නෙමු. එපීස 5:1 

අපි උන්වහන්සේගේ දරුවන් බැවින් අප දෙවියන්වහන්සේව අනුකරණය කළ යුතුය – උන්වහන්සේ අනුව යන්නන් ලෙස උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතුය. අපි උන්වහන්සේ මෙන් ගමන් කළ යුතුය හා කතා කළ යුතුය. 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#12)]

Read 135 times