+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නපුරු සිතුවිලි සහ නපුරු වචන අපවිත‍්‍ර කරයි! (2 වන කොටස)

1_E.png

වචනය මෙලෙස පවසන්නේය, නපුරුකමෙන් පරාජය නොවී, (නපුරෙන් ග‍්‍රහණය නොවී) යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න. 

යහපත් සිතුවිල්ලක්ද, යහපත් ප‍්‍රතිරූපයක්ද රැගෙන ඔබේ මනසද, හදවතද එයින් පුරවා ගන්න. 

එසේ කරන විට, අයහපත් ප‍්‍රතිරූප පහවී යනු ඇත.

ඔබට කැමති ප‍්‍රතිරූපයක් ඔබගේ වචන වලින් සහ ඔබගේ සිතිවිලි වලින් නිපදවිය හැකිය. 

දෙවියන්වහන්සේ ඊශ‍්‍රායෙල් සෙනඟ ඉදිරියේ ආශීර්වාදයද, ශාපයද යන දෙකම තැබූසේක, නමුත් උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදය තෝරා ගන්නා ලෙස පැවසූ සේක: 

ඔබ මෙසේ පවසනු ඇත, ”ඔව්, නමුත් උන්වහන්සේ එම පොරොන්දුව දුන්නේ ඊශ‍්‍රායෙල් දරුවන්ටය.” 

නැත, මෙම පොරොන්දුව දෙවියන්වහන්සේගේ සෙනඟටය. 

එය අද දවසේ ඔබට තිබෙන පොරොන්දුවකි – එය එසේ වන්නේ ඔබ ඒ ගැන විශ්වාස කරමින් ලබා ගතහොත් පමණි. 

ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ ශාපයෙන් ඔබ මුදාගත්තේ ආබ‍්‍රහම්ගේ ආශීර්වාදය ඔබ කෙරෙහි පැමිණෙන පිණිසය.

දැන් ඔබ ජීවනය තෝරා ගැනීමට ආරම්භ කරන්න. 

දෙවියන්වහන්සේ ඔබ ඉදිරියේ ජීවනය හා මරණයද, ආශීර්වාදය සහ ශාපයද තබා ඇත; එබැවින්, ඔබ ජීවනය තෝරාගන්න.

තෝරා ගැනීමට ඔබට ආධිපත්‍යය ඇත. 

ඔබ වෙනුවෙන් වෙන කිසිවෙකුට තේරීමක් කළ නොහැක.

හිතෝපදේශ 18:21 අනුව, “මරණයත් ජීවනයත් දිවේ බලයෙහි යුක්තය. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.” 

හොඳම දේ සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. 

සම්පූර්ණ ජීවිතයක් සඳහා දෙවියන්වහන්සේ විශ්වාස කරන්න. 

ඔබ මුහුණ දෙන අවස්ථාවලදී සෑම තත්ත්වයකින්ම යහපතම (හොඳම දේ) විශ්වාස කරන්න!

මතෙව් 15:11,18-20; 2 කොරින්ති 10:5; ද්විතීය කථාව 30:11-15, 19; ගලාති 3:13-14 පද කියවන්න. 



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#17)]

Read 149 times