+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමාව නොදීම සොරෙකි! (2 වන කොටස)

1_E.png

බොහෝ කිතුනුවන් අකාලයේ මිය යන්නේ ඔවුන් දේව වචනයට කීකරු නොවූ නිසාය. 

සමාව නොදීම සැබවින්ම ජීවනය සොරාගන්නෙක්ය.  

දේව වචනයේ මූලධර්ම අනුව ක්‍රියා කිරීමෙන් අපට අපගේ ජීවිතය දීර්ඝ කරගත හැකිය.

යේසුස්වහන්සේ යොහන් 10:10 හි පැවසුවේ, සොරෙකුගේ මනසෙහි ඇත්තේ එක දෙයක් පමණි—ඔහුට අවශ්‍ය වන්නේ සොරකම් කිරීම, මරා දැමීම හා විනාශ කිරීමය. 

නමුත් මම පැමිණියේ ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සෑම දෙයක්ම බහුල ලෙස ඔබට ලබා දීමටයි. 

ඇදහිල්ල යනු අප ජයග්‍රහණය ලබා ගන්නාවූ ආකාරයයි. නමුත් අප සමාව නොදෙන්නේ නම් ඇදහිල්ල ක්‍රියාත්මක නොවන්නේය. 

අපට ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නට අවශ්‍ය නම් අප කමාව දීමෙන් ගමන් කළ යුතුය! 

මාර්ක් 11:22-26; හෙබ්‍රෙව් 12:12-15; මතෙව් 6:14-15 දක්වා කියවන්න.

වසර ගණනකට පෙර යම් රැස්වීමකට පැමිණි තමාගේ ශරීරයේ අසනීපයක් හේතු කොටගෙන නොයෙකුත් ප‍්‍රශ්නවලින් පෙළුනාවූ කාන්තාවක් මෙසේ කියා සිටියාය. 

“මම දේව වචනය ඉගෙනගන්නෙමි. ඉන්පසු එක් රාත‍්‍රියකදී මම සුවය ලබාගැනීම සඳහාවූ පෙළගැසීමකදී සුවය ලබා ගන්නෙමි.” 

උදෑසන රැස්වීමක් අතරවාරයේදී, දේශකයා සමාවදීම පිළිබඳව උගන්වමින් සමාව නොදීම මනුෂ්‍යයන්ගේ සුවය ලබාගැනීම වලක්වන බවත් යක්ෂයාට දොර හැරීමක් බවත් පෙන්වා දුන්නේය. 

රැස්වීම අවසන්වූ පසු, එම කාන්තාව අවුරුදු 20 ක් තිස්සේ කථා නොකළාවූ  ඇයගේ සහෝදරයාට දුරකථනයෙන් කථා කළාය.  

එකෙණෙහිම ඇය ඔහුගෙන් සමාව ගෙන, ඔවුන් අතර පැවතුණු මතභේද දුරකථනය හරහා විසඳගත්තාය. 

එම කාන්තාවට එසේ කිරීමට හැඟීමක් නොතිබුණු නමුත් එසේ කිරීමට ඇය තීරණයක් ගත්තාය. 

ප්‍රේමයෙන් හැසිරීමට ඇය තීරණය කළාය. 

එම රාත‍්‍රියේදී ඇය නැවත රැස්වීමට පැමිණියාය; සුවය සඳහා පෙළගැසීමටත් ප‍්‍රථමයෙන්, ඇයගේ ශරීරයේ තිබුණාවූ සියළු රෝග ලක්ෂණ දුරුවිය. ඇය සුවය ලැබුවාය!

මේ සම්බන්ධයෙන් ඔබ අන් අයව විනිශ්චය කිරීමට උත්සාහ නොගන්න. 

ඔබගේ හදවත පරීක්ෂා කරමින් ඔබගේම ජීවිතයට එය අදාළ කර ගන්න. 

ඔබ සමාව නොදී සිටියහොත්, ඔබව වධකයන් අතට භාරදෙනු ලබන අතර සාතන්ට ඔබගේ ජීවිතයට ළඟාවීමට නිදහස් මාර්ගයක්ද ලැබෙනු ඇත.




ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#24)]

Read 152 times