+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (3 වන කොටස)

1_E.png

දැන් මනුෂ්‍ය ශක්තිය කෙරෙහි තවදුරටත් ඔබ විශ්වාසය තබන්ට යන්නෙ නෑ, ඔබ පොළොවෙත් ස්වර්ගයෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ශක්තිය තබන්ට යනවා.

දැන් ඈ අවදානමක් ගත්තා. මොකද අනිත් සියලුදෙනාම උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරපු මොහොතේ ඈ කිව්වා, මම ඒ මහෝත්තම දෙවියන්වහන්සේව විශ්වාස කරන්ට යනවා. 

ඉතිං අපි හිතනවා අපි විශ්වාස කරන විදිහට හැමෝම විශ්වාස කරන්ට  ඕනේ. ඔවුන් මං විශ්වාස කරන විදිහට විශ්වාස නොකළහොත් මම ඔවුන් විශ්වාස කරන විදිහට විශ්වාස කරන්ට යනවා.

ඔබ රැකියා ස්ථානෙට යනවා. ඔබගේ අසල්වාසීන් අතරේ ඔබ ජීවත් වෙනවා. කිට්ටුවෙන්ම සිටින්නාවූ අය වෙන්න පුලුවන්. 

නමුත් ඔබ විශ්වාස කරන විදිහට ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔබ විශ්වාස කරන විදිහට ඔවුන්ට විශ්වාස කරන්න ඕනෙත් නැහැ. 

ඔවුන්ට ඕන කරන්නේ ඇත්තටම ඔබට තිබෙන්නාවූ ඒ කුඩා ඇදහිල්ල පවා විනාශ කර දමන්නයි. 

වැරදි අයව ඔබ ආශ‍්‍රය කරන්න පටන් ගත්තොත් ඔබත් විනාශ වෙන්ට යනවා. මන්ද ඔවුන් විසින් ඔබගේ ජීවිතයට ඇති කරන්ට යන්නාවූ ඒ විශාල බලපෑම නිසා. 

ඈ තීරණයක් ගත්තා, ඇයව වෙන්කර ගන්නවා කිව්වා. ඈ කිව්වා දැන් මම ස්වර්ගයෙහිත් පොළොවෙහිත් දෙවියන්වහන්සේව විශ්වාස කරනවා. 

ඈ අවදානමක් ගත්තා ඇගේ ජීවිතයට පවා. මේ ඔත්තුකාරයන් දෙදෙනාව සඟවා තබා ගත්තා. 

දැන් ඈ ඒ ඔත්තුකාරයන් දෙදෙනාට කතා කරලා කිව්වා, මා සමඟ ගිවිසුමක් සාදන්න මාව ආරක්‍ෂා කරන බවට. 

දෙවියන්වහන්සේ මේ දේශයට කඩුව දිගු කරන්ට යන විට ඔබයි මාව ආරක්‍ෂා කරන්ට යන්නේ. ඉතිං මේ මනුෂ්‍යයන් දෙදෙනා සමඟ ඈ ගිවිසුමක් සෑදුවා.

ඊටපස්සේ කුමක්ද සිද්ධවුණේ ඈත් ඇගේ පවුලේ අයත් ආරක්‍ෂාව ලැබුවා, ගැළවුණා. අනික් සියලු දෙනාම මිය ගියා. ඇගේ ඇදහිල්ල ඈ පාවිච්චි කළා මුළු පවුල වෙනුවෙන්ම. 

ඈ, ඇය ගැන පමණක් නොසිතා ඇත්තටම ඈ කිව්වා මා සමඟ ගිවිසුමක් සාදන්න. ඊටපස්සේ විනිශ්චය ආවිට මේ දේශයට ඇගේ පවුලේ සියල්ලෝම ආරක්‍ෂා වුණා. 

මා විසින් ඔබට කියන්නාවූ පළමු චරිතය හැටියට තිබෙන්නේ අධිෂ්ඨානශීලී චරිතයක්. කිසිවකට වටින්නැති කාන්තාවක්. 

දෙවියන්වහන්සේ ඇයව උසස් කළා. ඇයට ආශීර්වාද කළා, මන්ද ඈ අධිෂ්ඨානශීලීව සිටිය නිසා!

බයිබල් පද: යෝෂුවා 2:1-24; 

හෙබ්‍රෙව් 11:31 

https://youtu.be/KMHQ6tGEQGo

Watch the full message on our Youtube channel:

https://youtu.be/76eoscBxqxY

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#32)]

 

Read 70 times