+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි
(1 වන කොටස)

සමහර මනුෂ්‍යයන් අපට හලෙලූයා සෙනඟ කියා අමතනු ලබයි.
හෙබ්‍රෙව් භාෂාවෙන් හලෙලූයා යන්නෙහි තේරුම "ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!" යන්නයි.
ඉතින් අපි හැම වෙලාවෙම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමු.
එය අපගේ මුඛයේය. එය අපගේ ජීවිතයේය.
අපි ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන සෙනඟයි.
සමහරුන් අපට සතුටින් අත්පුඩි ගසන සෙනඟ ලෙස හඳුන්වති.
ඒ නිසා අපි ප්‍රීතිමත් මනුෂ්‍යයන්ය, මන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රීතිය අපගේ ශක්තියයි.
අඩුම තරමේ අපි දුකෙන්වත් කිසිසේත්ම ශක්තියක් නැති අයවත් නොවෙමු. මන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රීතිය අපගේ ශක්තියයි.
සමහරුන් අපව දෑත් ඔසවන්නාවූ සෙනඟ ලෙස හඳුන්වති.
එබැවින් අපි අපගේ දෑත් ඔසවන අතර අපගේ දෑතින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමු.
එක අතකින් සැකයකින් තොරව සහ දෙවනුව කෝපයකින් තොරව. (1 තිමෝති 2:8)
අපි ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. උන්වහන්සේ සියලු ප්‍රශංසාව, මහිමය සහ ගෞරවය ලබන්නට සෑහේ.
ජීවිතයේ වෙනත් දේවල් ගැන කී දෙනක් ප්‍රශංසා කරන්නේද? නමුත් උතුම්ම ප්‍රශංසාව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කිරීම විය යුතුය.
බයිබලයේ පවසන්නේ, "ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!" කියාය. එය අණකි. සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරන්න. (ගීතාවලිය 34:1)
සෑම කල්හිම ඉතා සතුටින් සිටින්න, මන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රීතිය ඔබගේ ශක්තියයි.
මේවා අපගේ ජීවිතවල ඉතා ප්‍රායෝගික දේවල් වේ. අපි ස්වාමීන්වහන්සේ සමඟ ඉතා සරලව ගමන් කරමින් සිටිමු.
දේව දරුවෙකු ලෙස අපි කිසි විටෙකත් ස්වාමීන්වහන්සේ සමඟ අපගේ කිතුනු ගමන සංකීර්ණකර නොගත යුතුය.
අපි එය ඉතා සරල කරගත යුතුය. සරල කිතුනුවන් වීම ගැන අපි සතුටු වෙමු.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?si=5o13iPGDOI2Hhp3R
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1277)]


