+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (13 වන කොටස)

බොරුවක් කීම, දේවල් අතිශයෝක්තියට නැංවීම (දේවල් එකතු කර කතා කිරීම) සහ අවිශ්වාසවන්ත වීම ඔබට සාමාන්‍ය දෙයක් වනු ඇත.
ඉතා කුඩා දෙයක් ඔබට විශාල කාරණයක් බවට පත් කළ හැකිය.
අවිශ්වාසවන්තකම වසං කිරීමට ඔබට මනුෂ්‍යයන්ගේ සිත් ඇදගැනීමට උත්සාහ කළ හැකිය.
මන්ද, අපට යමක් වසං කිරීමට අවශ්‍ය වන නිසා. නමුත් දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ විවෘතව සිටීමයි.
අප ඔබ ඉදිරියේ විවෘතව සිටින බව පාවුල් පවසයි.
අපි මනුෂ්‍යයන් ඉදිරියේ සරලව හා විවෘතව සිටිමු. අපට වසං කිරීමට අවශ්‍ය කිසිවක් නැත.
අපට ස්වාමින්වහන්සේට විශ්වාසවන්ත මනුෂ්‍යයන් වීමට අවශ්‍යයි.
ලූක් 16:10 පවසන්නේ, “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.”
දෙවියන්වහන්සේ ඔබට ජීවිතයේ දේවල් ස්වල්ප වශයෙන් භාර දුන්නොත්, ඔබ එය කුඩා දෙයක් යැයි සිතන්නේ නම්, ඒ ගැන මට ඕනෑවට වඩා විශ්වාසවන්ත වීමට එය විශාල දෙයක් නොවේ නම්, ඔබේ ජීවිතයට විශාල දේවල් පැමිණෙන්නේ නැත.
දෙවියන්වහන්සේට ඔබගේ විශ්වාසවන්තකම කුඩා දේවලින් සොයා ගත නොහැකි නම්, උන්වහන්සේ ඔබට විශාල දේවල් භාර දෙන්නේ නැත.
පසුගිය වසර ගණනාවක් පුරා කිතුනුවන් කී දෙනෙක් රැවටී ඇත්ද, ඔවුන් කල්පනා කරමින් සිටියේ, “දෙවියන්වහන්සේ මාව පාවිච්චි නොකරන්නේ ඇයි?” මම ඉතා දක්ෂයි, දේශකයාට වඩා මට හොඳින් කළ හැකියි” කියාය.
නමුත් ස්වාමීන්වහන්සේ විසින් තවමත් ඔවුන්ව පාවිච්චි කර නැත. මන්ද, ඔවුන් කුඩා දේවල්වලට විශ්වාසවන්ත නොවන නිසාය.
කුඩා දේවල්වලට විශ්වාසවන්ත වන්න.
භාරකරුවෙකුගෙන් අවශ්‍ය වන්නේ ඔහු විශ්වාසවන්තයෙකු වීමයි. ඔහු විශ්වාසවන්ත චරිතයක් ඇතුව සිටිය යුතුයි.
ඔහු දේවල් වසං කරන පුද්ගලයෙකු නොවිය යුතුය. ඔහු ඉතා විවෘතයි.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1289)]


