+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (1 වන කොටස)

අපි බයිබලයෙන් අපගේ ජීවිතයේ උසස්වීම් තුනක් දෙස බලන්නට යන්නෙමු.
ලබන්නා වූ වසරේ අපේ ජීවිතවල ඉලක්ක ලෙස මේවා තිබිය යුතුයි.
ඒවා ස්වාභාවික උසස්වීම් නොව, අධිස්වාභාවික උසස්වීම්ය.
මෙම උසස්වීම් අපට ඉදිරියට යෑමටත් ඉහළට යෑමටත් හැකියාව ලබා දෙයි.
එලෙසෙම මෙම අධිස්වාභාවික උසස්වීම් අපව ඉහළින් ඉහළට ඔසවනු ඇත.
“උසස්වීම” යන වචනයේ අර්ථ නම්, උසස්වීමක් ලබා දීම, උසස් තනතුරකට පත් කිරීම, ඉදිරියට ගෙනයාම, ඔබේ ප්‍රමිතිය ඉහළ නැංවීම, යමක් ඉහළ ශ්‍රේණියකට යාම, පහත මට්ටමක සිට ඉහළ මට්ටමකට ගෙන යාම, යම් කිසි තත්වයක් වැඩි දියුණු කිරීම, මූල්‍යමය ආශීර්වාදයක් ලබා ගැනීම, වඩා යහපත් තත්ත්වයක ජීවිතයක් ලබා ගැනීමයි.
මම උසස්වීම් තුන ගැන කතා කරන්නට පෙර, 1 තෙසලෝනික 5:23 වන පදයට යමු.
“සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.”
මෙම ශුද්ධ ලියවිල්ල අපගේ ආත්මය, ප‍්‍රණය සහ ශරීරය නිර්දෝෂව තිබෙන බවත් ආරක්ෂා සහිතව තබා තිබෙන බවත් ගැන කතා කරයි.
මුලින්ම එය කතා කරන්නේ අපගේ ආත්මය ගැනයි. ඉන්පසුව අපේ ප‍්‍රාණය ගැන කතා කරයි.
අපගේ ප‍්‍රාණයෙහි අඩංගු වන්නේ අපගේ මනස, බුද්ධිය සහ කැමැත්තයි.
මෙම පදයේ මුල් කොටසේ සඳහන් වන්නේ, “සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා;” කියාය.
උන්වහන්සේ සමාදානයේ දෙවියන්වහන්සේය.
අපි තුන් කොටස් ඇතුව සිටින්නාවු (ත්‍රිත්ව) අය වන්නෙමු, අපගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ එක්වී තිබේ.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
►https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1299)]


