+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (2 වන කොටස)

1 කොරින්ති 6:17 “නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.”
දැන් යේසුස්වහන්සේද මමද අපගේ ආත්මය තුළ එකතැනැත්තාය. අලුත් කළ යුතු වන්නේ අපගේ ප‍්‍රාණය නැතහොත් අපගේ මනසයි.
අපගේ ප‍්‍රාණය සහ ශරීරය නිදොස්ව ආරක්ෂා කරගත යුතු බව මෙහි සඳහන් වන්නේය. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සම්පූර්ණයෙන්ම නිදොස්ව සිටීමයි.
දෙවියන්වහන්සේ ඔබ වැරදියි කියා හෝ උන්වහන්සේ ඔබට දොස් පවරන්නේවත් නැත, තවද උන්වහන්සේ ඔබගේ සියලු අත්වැරදීම් පෙන්වන්නේද නැත. උන්වහන්සේ එවැනි දෙවිකෙනෙකු නොවේ. උන්වහන්සේ කිසිම දෙයකට ඔබට දොස් පවරන්නේ නැත.
“මම ශුද්ධකමේ දෙවි කෙනෙකු වෙමි.” මම ඔබව හරිගස්වන්නෙමි, නමුත් ඔබ නිදොස්ව සිටින බව දැනගන්න" යැයි දෙවියන්වහන්සේ පවසනසේක.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නන්ට දෝෂාරෝපණයක් නැති බව අප දැනගැනීම ඉතා වැදගත් වේ.
අපි වරදකාරිත්වයෙන් සහ පාපයෙන් නිදහස්ව ඇත. දෙවියන්වහන්සේගේ අභිමුඛයේ කිසිම ලජ්ජාවක් නැති අතර, අපට උන්වහන්සේ වෙත නිර්භීතව යන්නට පුළුවන.
දෙවියන්වහන්සේට අප විසින් උසස් කරන්නට ඕනෑ දේව වචනයේ ලියවිලි අපි බලමු.
උන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ නැවත පැමිණීම තෙක්, අපගේ ආත්මය, ප‍්‍රාණය සහ ශරීරය ආරක්ෂා කොට තබා ගැනීමයි. නමුත් ඒ අතර අපට යම් දෙයක් කරන්නට සිදුවන්නේය.
ඇදහිල්ලෙන් වර්ධනය වන පිණිස අපි ලියවිල්ලේ තිබෙන මෙම පද තුන දෙස බලමු.
අපව උසස් කළ හැකි පළමු ශුද්ධ ලියවිල්ල රෝම 1:17 වේ.
“මක්නිසාද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වේ. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය, කියා ලියා ඇත.”
මෙතැනදී දෙවියන්වහන්සේ පවසන්නේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන බවයි.
මෙම පදයේ මුල පවසන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලේ එක් මට්ටමක සිට තවත් මට්ටමකට එළිදරව් වන බවයි.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1300)]


