+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (3 වන කොටස)

දෙවියන්වහන්සේ අපට එළිදරව් කරන, රෝම 10:17හි උන්වහන්සේ මෙසේ පවසයි, "එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් වන අතර, එනම්: දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි."
එසේනම් අපට ඇදහිල්ලෙන් වර්ධනය වන්නට පුළුවන් වන්නේ කෙසේද? එය උන්වහන්සේගේ හඬද උන්වහන්සේගේ වචනයද ඇසීමෙනි. එය නිරන්තර ක්‍රියාවකි.
අපි ඇදහිල්ලෙන් වර්ධනය වන විට, අපි එක් මට්ටමකින් තවත් මට්ටමකට පරිණතභාවයට පත් වන්නෙමු.
එසේනම් අපේ ජීවිතයේ සෑම දිනකම අපි දෙවියන්වහන්සේගේ වචනය අසන්නටත් සෑම දිනකම දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්නටත් අවශ්‍යයි.
දැන් පරණ ගිවිසුමේ ද්වීතීය කථාවේ 32:20 හි ඊශ්‍රායෙල් පුත්‍රයන් පිළිබඳව බලන කල, “උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.”
දෙවියන්වහන්සේ මේ පුත්‍රයන් දෙස බලමින් ඔවුන් ගැන එතරම් සතුටු නොවූයේය.
ඔවුන් හිතුවක්කාර පරම්පරාවක්ය; ඔවුන් තුළ කිසිම ඇදහිල්ලක් තිබුණේ නැත යයි එම ශුද්ධ ලියවිල්ල පවසයි.
ඔවුන් මුරණ්ඩු වු නිසා ඔවුන්ට වෙනස් වීමට අවශ්‍ය වූයේ නැත.
යෝෂුවා සහ කාලෙබ් හැරනු කොට දෙවියන්වහන්සේට අනික් සියල්ලන්වම පොරොන්දු දේශයට ගෙන යාමට නොහැකි විය.
අද දින අපට තිබෙන ඇදහිල්ල ඔවුන්ට නොතිබූ බව පරණ ගිවිසුම පවසයි.
එනමුත් “ඔබ ඇදහිල්ලෙන් ගමන් කරමින් එක් ඇදහිල්ලේ මට්ටමකින් තවත් ඇදහිල්ලේ මට්ටමකට යන්නට අවශ්‍යයයි” කියා දෙවියන්වහන්සේ පවසයි.
එනිසා ලබන්නා වූ නව වසරේදී ඔබ තීරණයක් ගෙන, රෝම 1:17, “දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වන්නේය” යන පදය ලියා තබන්න.
ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි, නමුත් ඔබගේ ජීවිතයේ ධර්මිෂ්ඨකමේ ඵල ඔබට ප්‍රකාශ වන ආකාරය දැකගන්නට හැකි වනු ඇත.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1301)]


