+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (4 වන කොටස)

තවද අපි හබක්කුක් 2:4 හි “බලව, ඔහුගේ සිත උඩඟුය. එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක” යයි කියවන්නෙමු.
මේ ඇදහිල්ලේ ගමනේදී දෙවියන්වහන්සේ පවසන්නේ අහංකාර නොවන්න, උඩඟු නොවන්න නැතහොත් උද්ධච්ච නොවන්න කියාය,
ඔබට ඇදහිල්ල තිබේ නම්, එම ඇදහිල්ලෙන් තවත් ඇදහිල්ලක මට්ටමකට යන්න. යටහත් පහත්කම එයයි.
අප ඉහළට යන තරමට, අපි අපිව යටහත් පහත් කරගන්නේ කෙසේදැයි ඉගෙන ගත යුතුය.
හබක්කුක් 2:4 හි “බලව, ඔහුගේ සිත උඩඟුය. එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේය.
අප විසින්ම අපව යටහත් පහත් වීම ඉතා වැදගත් වේ. මෙය අපට එක් ඇදහිල්ලේ මට්ටමක සිට තවත් ඇදහිල්ලේ මට්ටමකට යන්නට හැකියාව ලබා දෙනු ඇත.
නිර්දෝෂ මනුෂ්‍යයෙකු, ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු, ආබ්‍රහම් මෙන් දිනපතා ඇදහිල්ලෙන් ගමන් කිරීමට ඉගෙන ගන්න යන බව දෙවියන්වහන්සේ පවසයි.
සියල්ලටම පළමුව, මේ ලබන්නාවූ නව වසරේදී දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ ඇදහිල්ලේ එක් මට්ටමක සිට තවත් ඇදහිල්ලේ මට්ටමකට යන්නටයි.
"දෙවියනි, මම ඇදහිල්ලේ එක් මට්ටමක සිට තවත් මට්ටමකට ගමන් කරන්නට යන්නෙමි" කියා දේව වචනය රැගෙන දෙවියන්වහන්සේට පවසන්න.
මන්ද, අපගේ ජීවිතයේ අප මුහුණ දෙන තත්වයන් ජය ගැනීමට ඇදහිල්ල අපට ඉතා වැදගත් වන බැවිනි.
හෙබ්‍රෙව් 11:6 හි පවසන්නේ, “නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”
ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප්‍රසන්නකරන්ට නොහැකිය.
ඔබ ගොඩනැගිලි ව්‍යාපෘතියක් පටන් ගන්නා කල, ඔබ එම ගොඩනැගිල්ලට අත්තිවාරම දමන්නේය. අපට ගසක් අවශ්‍ය නම්, අපි පොළොවට බීජ වපුරමු.
ආත්මික ක්ෂේත්‍රය තුළද එය එසේමය; අපි ඇදහිල්ලෙන් ආරම්භ කර පසුව වර්ධනය වෙමින් අපගේ ඇදහිල්ල එක් මට්ටමක සිට තවත් මට්ටමකට ගොඩනඟා ගනිමු.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1302)]


