+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (5 වන කොටස)

ලූක් 18:8 යේසුස්වහන්සේ පැවසුවේ, “උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.”
දෙවියන්වහන්සේ ඇදහිල්ල සොයයි;
මනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන කල උන්වහන්සේ ඇදහිල්ල සොයයි.
මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් ගමන් කරන්නේ නැතිනම්, එයින් අදහස් කරන්නේ ඔවුන් තමුන්ගේ ඉන්ද්‍රිය හැඟීමෙන් ගමන් කරනවා ඇත කියායි.
එසේනම් උන්වහන්සේට පොළොවෙහි ඇදහිල්ල සම්බවෙයිද?
ඔබ ඇදහිල්ලෙන් ගමන් කිරීමද ඇදහිල්ලේ එක් මට්ටමකින් තවත් මට්ටමකට වර්ධනය වෙන්නට පටන් ගැනීමද ඉතා වැදගත් වේ.
එබැවින් දෙවියන්වහන්සේගේ වචනයට ඔබේ ජීවිතයේ දිනපතා ප්‍රමුඛ ස්ථානයක් බවට පත් කරගනිමින්, එය මෙනෙහි කරන්න.
ඊළඟ වසර අවසානයේදී, නැවත පිටුපස හැරී බලන විට ස්වාමීන්වහන්සේ සමඟ ඔබේ ආත්මික ගමන වර්ධනය වී ඇති ආකාරය බලන්න.
දේව වචනයට නැවත නැවතත් සවන් දීමෙන්ද, සටහන් ලියා ගැනීමෙන්ද, ඇතැම් විට ඒවා නැවත කියවීමෙන්ද ඔබට ඇදහිල්ල වර්ධනය වෙනවා දකින්නට හැකි වනු ඇත.
අප විසින් උසස් කළ යුතු දෙවෙනි කාරණය වන්නේ අපි මහිමයෙන් මහිමයට යාමයි.
අප එක් මහිමයකින් තවත් මහිමයකට උසස් විය යුතුයි.
2 කොරින්ති 3:18 “අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.”
ඇදහිල්ලේ ගමනේදී අපට කැඩපතක් වන උන්වහන්සේගේ වචනය දෙස බලමින් මෙනෙහි කරන්නට පටන් ගත් කල, අප මහිමයෙන් මහිමයට වෙනස් වෙන්නට පටන් ගන්නා බව පාවුල්තුමා මෙහි පවසයි.
අප දිනපතා අපගේ මනස අලුත් කර කරගැනීමට වුවමනා වන අතර ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට අපව වෙනස් කරන්නටද ඉඩ දිය යුතුය.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1303)]


