+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (6 වන කොටස)

2 කොරින්ති 3:18 “අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.”
දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේගේ වචනය ගෙන අපගේ ජීවිතවලට අදාළ කර ගැනීමෙන් ආත්මිකව වර්ධනය වීමයි.
මෙහි "වෙනස්කරනු ලැබීම" යැයි යොදා ඇති වචනයේ තේරුම අන්වෙසක්වීම යන්නට සමානය.
යේසුස්වහන්සේ කන්ද උඩ සිටියදී,
උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය. උන්වහන්සේ අන්වෙසක්වූ සේක නැතහොත් වෙනස්කරනු ලැබීමයි. (මතෙව් 17:2; ලූක් 9:29)
යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මහිමයෙන් ආලෝකමත් වූ බව ගෝලයෝ දුටුවෝය.
ඒ ආකාරයෙන්ම ඔබගේ මනසද වෙනස් වී පරිවර්තනය විය යුතු බව දෙවියන්වහන්සේ පවසයි.
රෝම 12:2
“නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.”
ඔබගේ මනස දිනපතා දේව වචනයෙන් පරිවර්තනය විය යුතු බව, නැතහොත් අලුත් කළ යුතු බව ස්වාමීන්වහන්සේ පවසන සේක.
එවිට ඔබගේ ජීවිතය වෙනුවෙන් දෙවියන්වහන්සේගේ යහපත්වූ පිළිගත හැකිවූද සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා ඔබට දැනගත හැකිය.
අපට දේවස්ථානයට පැමිණ දේව වචනයට සවන් දිය හැකිය, එනමුත් යාකොබ් 1:23 පවසන ලෙස, “මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.”
ඔහු අසන්නෙකු පමණක් නම්, ඔහු වෙනස් වන්නට යන්නේ නැත, මන්ද ඔහු වචනය දෙස බලමින් සිටිනවා පමණයි, නමුත් ඔහු එය තමාගේ හදවතට අදාළ කරගන්නේ නැත.
යාකොබ් 1:22 පවසන්නේ, “නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.”
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1304)]


