+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 වසර සඳහා උසස්වීම් තුනක් (7 වන කොටස)

අපි දෙවියන්වහන්සේගේ වචනය ඇතුල් කර ගන්නා විට අපගේ මනස දිනපතා අලුත් කර ගැනීම ඉතා වැදගත් වන්නේය.
එය ඔබ ඔබටම කර ගන්නා උදව්වකි.
මෙම දේව මෙහෙයෙන් වලට පැමිණ ඔබ වචනය අසනවා පමණක් නොව, නමුත් ඔබ නිවසට යන විටදීත් නැවත නැවතත් එය ඇසිය යුතුය.
වචනයට ඔබගේ ජීවිතය පරිවර්තනය කරන්නට ඉඩ දෙන්න.
අප දුටු දෙවන උසස් කිරීම මහිමයෙන් මහිමයටය.
තුන්වන උසස් කිරීම “ශක්තියෙන් ශක්තියට” යන්නයි.
ගීතාවලිය 84:4-7
[4] “ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.
[5] තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
[6] ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති; එසේය, ප්‍රථම වර්ෂාව එය ආශීර්වාදවලින් වසයි.
[7] ඔව්හු බලයෙන් බලයට (ශක්තියෙන් ශක්තියට) යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.”
තවද අප ඇදහිල්ලෙන් ඇදහිල්ලට සහ මහිමයෙන් මහිමයට යන කල, අපි ශක්තියෙන් තවත් ශක්තිමත් මට්ටමකට යන බව මතක තබා ගන්න.
සමහරුන් “දැන් අපි දවසින් දවස වයසට යනවා,” කියා කියති.
එය හොඳ ප‍්‍රකාශයක් කියා මම හිතන්නේ නැත.
“මා එන්න එන්නම තරුණ වෙමින් පවතිනවා”
හලෙලූයා!
අපි පවසන්නට ඕනේම එයයි. අපි එන්න එන්නම තරුණ වෙනවා.
මන්ද ඔබගේ වචන ඉතා වැදගත් සහ ඒවා ඉතා බලවත්ය.
අපි ශක්තියෙන් තවත් ශක්තිමත් මට්ටමකට යා යුතු බව දෙවියන්වහන්සේ පවසයි.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1305)]


