+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2025 වසර සඳහා උසස්වීම් තුනක් (8 වන කොටස)

1_E.png

“ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.” (ගීතාවලිය 84:4)

ආශීර්වාද ලත් මනුෂ්‍යයා නිරතුරුම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරයි.

ඔහු සෑම දිනකම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරයි.

ඔහු තමාගේ වයස ගැන සිතන්නට යන්නේ නැත.

ඔහු සිතනුයේ "ස්වාමීනි, මම ශක්තියෙන් තවත් ශක්තිමත් මට්ටමකට යන බව" යි ඔහු සිතමින් සිටින්නේ.

ඔහු ආශීර්වාද ලත් මනුෂ්‍යයෙකුය. මෙම ආශීර්වාද ලත් මනුෂ්‍යයා විශ්වාසය තබමින් සිටින්නේ දෙවියන්වහන්සේගේ ශක්තිය කෙරෙහියි.

“තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.”
(ගීතාවලිය 84:5)

ඔව්හු බලයෙන් බලයට (ශක්තියෙන් ශක්තියට) යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.”

ඔහු අනේකාකර කරදර හා පරීක්ෂාවන් තුළින් ගමන් කළත් ගීතාවලිය 84, 7 වන පදය පවසන්නේ, ඔහු ශක්තියකින් ශක්තියට යන බවයි.

හලෙලූයා!

ඉතින් මේ අවුරුද්දේ මෙහි සදහන් කළ උසස් කිරීම් තුන ඉලක්ක කරගන්න.

"මම දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්නට යන අතර මම ඇදහිල්ලේ එක් මට්ටමකින් තවත් මට්ටමකට යන්නෙමි."

"මම මාගේ මනස අලුත් කර ගනිමින් මහිමයෙන් මහිමයේ එක් මට්ටමක සිට තවත් මට්ටමකට ගමන් කරමි."

"මම දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලත් පුරුෂයෙක්/ස්ත්‍රියක් බැවින් දෙවියන්වහන්සේට නිරතුරුම ප්‍රශංසා කරමින් සිටිමි. මන්ද, මාගේ ශක්තිය ඇත්තේ උන්වහන්සේ තුළය. මම ශක්තියෙන් තවත් ශක්තියේ මට්ටමකට යන්නෙමි.

හලෙලූයා! දෙවියන්වහන්සේ යහපත්ය.

ඔබ මෙම ශුද්ධ ලියවිලි පද තුන ලියා ගෙන ඒ ගැන මෙනෙහි කරන්න. ලබන්නාවූ නව වසර තුළ දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් යහපත් සැලසුම් ඇති බව මට නිසැකය. ආමෙන්!

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://youtu.be/v10kUKyeeos?si=gkj591iOlaL5eojZ

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1306)]

Read 325 times