+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය
“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (24 වන කොටස)

ඒවගේම සහෝදර හවඩ් දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් වූ අතර ඔහු අනාගතවක්තෘවරයෙකු බව මනුෂ්‍යයන් දැන සිටිය නමුත් මම කවදාවත් ඔහුට දණ නමමින් නමස්කාර කළේ නැති බව කියමි.
ඔහුගේ අනාගතවාක්‍යයන් නිවැරදිව තිබුණේය.
තවද අපට කවරමදාකවත් ඔහුට වැඳ වැටී "අනාගතවක්තෘ" ලෙස හැඳින්විය යුතු ආකාරයේ සම්බන්ධකමක්ද නොතිබුණේය.
අප ඔහුට කතා කළේ සහෝදර හවඩ් කියාය. නමුත් මා ඔහුට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු ලෙස ගරු කරමි.
බොරු අනාගතවක්තෘවරුන්ට බොහෝ නම් සහ පදවි නාම, ගරු., ආචාර්ය, යනාදිය….. තිබේ.
දවසක්දා කෙනෙකු ඇවිත් සහෝදර හවඩ්ව හඳුන්වා දීමෙන් පැවසුවේ, “ගරු. හවඩ් විලාඩ් අප අතරට පැමිණ ඇත” කියාය.
එවිට ඔහු, “ඕක නවත්වන්න, මම ගෞරව ලබන්නෙකු නොවෙමි. ගෞරව යැයි හැඳින්විය යුතු එකම තැනන්වහන්සේ උන්වහන්සේ පමණයි” යනුවෙන් පැවැසුවේය.
1996 දී රයින්හාර්ඩ් බොන්කේ මෙහි පැමිණි කල, මනුෂ්‍යයෙක් පැමිණ ඔහුව විශාල පදවි නාම සමඟ හඳුන්වා දුන්නේය.
රයින්හාර්ඩ් බොන්කේ ඔහු දෙස බලමින් “ඔබ කවුරු ගැනද මේ කතා කරන්නේ? මම රයින්හාර්ඩ් බොන්කේ විතරයි,” යැයි පැවසුවේය.
“මට රයින්හාර්ඩ් බොන්කේ නැතහොත් සහෝදර රයින්හාර්ඩ් බොන්කේ” කියා අමතන්න” යනුවෙන් ඔහු පැවසුවේය.
ඔහු එතරම් බලවත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් වූ නමුත් අවංක හදවතක් ඇති පුද්ගලයෙකු විය.
එළිමහන් රැස්වීමේදී, අපි ඔහුට ඉතා ළඟින්ම හිඳගෙන ඔහුව හමුවීමට උත්සාහ කළ නමුත් අපට නොහැකි විය. එහෙත් ඔහු සෙනඟ කෙරෙහි පෙන්වූ ප්‍රේමයේ හදවත අපි දුටුවෙමුව.
බලවත් හාස්කම් සිදු වූ අතර වචනය දේශනා කිරීමද ඉතා බලවත් වූයේය.
උදෑසන සැසිවාරයන් කිහිපයක් තිබුණා, අපි ඒ හැම එකකටම සහභාගි වුණෙමු.
අපි උදෑසන 6 ට පමණ එහි ගියෙමු, එහි ඉදිරි පෙළෙන්ම තිබුණු ආසන වල අපට හිඳගන්නට ගන්ට ඕනෑ විය. ඒ වෙලාවේ සංවිධායකයින් කිහිප දෙනෙකු හැරෙන්නට වෙන කිසිවෙකු ඇවිත් සිටියේද නැත.
අපි වේදිකාව ළඟින්ම හිඳගත්තෙමු. සෙනඟ එන්නට පටන් ගත්විට, ඉඩ මදි විය, ඒ නිසා ඉදිරි කොටසම පිරී ගිය අතර, අපි හරියට මැදටම ගියෙමු.
කෙසේ වූවත්, එය අපට ආශීර්වාදයක් විය.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
►https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=bhUc7CGEGCOxbIdr
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1483)]


