+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය

“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (25 වන කොටස)

1_E.png

දැන්, සතුරු හමුදාව යෙරුසලමට විරුද්ධව පැමිණි විට, ඔවුන් මොවුන්ට තර්ජනය කළහ.

2 ලේකම් 32:2-3, "සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක, නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණය කරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය."

රජතුමා මෙසේ පැවසීය, "අපි මේ සතුරන්ට වතුර දෙන්නෙත්, අපි ඔවුන්ට පෝෂණය කරන්නෙත් ඇයි?"

2 ලේකම් 32:4, "මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.”

ඔබගේ සතුරන්ට පෝෂණය කිරීම නතර කරන්න. එය ස්ථිරව නවතා දමන්න..

"සතුරා පවසන දේ අසන්ට මා අකැමතියි; මම ඔහුට පෝෂණය කිරීමට අකැමතියි, මා ඔහු වටා සිටින්නටත් අකැමතියි" කියා පවසන්න.

2 ලේකම් 32:5, “ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.”

එනිසා ඔහු කුමක්ද කළේ? ඔහු තමාවම ශක්තිමත් කරගත්තේය.

කැඩුණු තැන් තිබුණ හැම ස්ථානයක්ම, ඔහු ඒවා ගොඩනඟා ගැනීමට පටන් ගත්තේය.

අප හැම කෙනෙකුම අපගේ ජීවිතයේ යම් යම් ස්ථාන ගොඩනඟා ගත යුතු අතර ඒවා සාදා ගත යුතුය.

සතුරා අපට විරුද්ධව එන බව අපට ඇසෙන විට එය අප විසින් කළ යුතු දෙයකි.

ඔබවම ශක්තිමත් කරගන්න.

ඔහු ඊතල (ආයුධ) සහ පලිහ බහුල වශයෙන් සෑදුවෝය.

"ඊතල" (ආයුධ) යන වචනයේ තේරුම "කඩු" යන්නයි; ඔවුන් තමුන්ගේ කඩු සමඟ, දේව වචනය ගන්නට පටන් ගත්තෝය.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=bhUc7CGEGCOxbIdr
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1484)]

Read 415 times