+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය

“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (27 වන කොටස)

1_E.png

ස්වාමීන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනු ඇත.

ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න. සතුරා පෝෂණය නොකරන්න.

එකිනෙකාට සැනසිලිදායක වචන කතා කරන්න.

ඔබගේ ඇදහිල්ලේ පලිහ සූදානම් කරගන්න.

ආත්මයාණන්ගේ කඩුව වන දේව වචනය තබා ගන්න.

ඉදිරියට යන්න පටන් ගන්න, පිටුපසට නොව, පෙරටම යන්න.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා ඇත්තේ ඉදිරියට යන්නටයි. යක්ෂයාට ඔබගේ ජීවිතය පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

දෙවියන්වහන්සේගේ යහපත්කමද දයාවද ඔබගේ ජීවිතයේ සෑම දිනකම ඔබ අනුව එන්නේය.

උන්වහන්සේට නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න, ගෞරව කරන්න.

උන්වහන්සේට මහිමය හා ප්‍රශංසාව පුදන්න.

යේසුනි, ඔබවහන්සේ උසස්ව සිටිනසේක. ඔබට ප්‍රශංසාවේවා, යේසුනි!

යේසුනි, ඔබගේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය. (සලමොන්ගේ ගීතය 1:3)

යේසුනි, සියලු නාමවලට ​​වඩා උසස්ම නාමයයි.

උන්වහන්සේගේ නාමය සවිමත්ය; උන්වහන්සේගේ නාමය බලවත්ය; උන්වහන්සේගේ නාමය ඔබට ජය ගන්නට උපකාර කරයි.

දේව වචනය තුළ ඔබවම ශක්තිමත් කරගන්න.

දේව වචනය ඔබගේ අත්තිවාරමයි. ඔබට නිසි අත්තිවාරමක් ඇත්නම්, ඔබ ජීවිතයේ කිසිදා අසාර්ථක නොවන්නේය.

ඔබේ ආත්මික නිවස කිසිදා කඩා වැටෙන්නේ නැත.

අනාවැකි අසාර්ථක වනු ඇත, නමුත් දෙවියන්වහන්සේගේ වචනය නොවේ.

මනුෂ්‍යයන්ගේ හඬවල් අසමර්ථ විය හැකි නමුත්, දේව වචනය අසමර්ථ නොවන්නේය.

අනාගතවාක්‍ය කෙරෙහි යැපෙන්නේ නැතිව ඔබගේ ජීවිතය අවුල් කර නොගන්න.

ඔබව දේව වචනය මත ගොඩනඟා ගන්න.

දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=bhUc7CGEGCOxbIdr

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1486)]

Read 392 times