+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (5 වන කොටස)

1_E.png

සියලු සත්‍යයන් කරා ඔබට මඟ පෙන්වන පිණිසත් ගෙන යන පිණිසත් ශුද්ධාත්මයාණන්වහන්සේට ඉඩ දෙන්න. (යොහන් 16:13)

උන්වහන්සේ කොහේ හරි සැඟවී සිටින කෙනෙකු නොවේ. උන්වහන්සේ ඔබ තුළ සිටී. ඔබට උන්වහන්සේගේ හඬ ඇසෙනු ඇත.

ඔබ යේසුස්වහන්සේට ඔබගේ ජීවිතයට පැමිණෙන්ට ආරාධනා කරන විට, උන්වහන්සේම පැමිණෙන අතර එදින පටන් උන්වහන්සේ ඔබගේ හඬ බවට පත්වේ.

උන්වහන්සේ ඔබේ එඬේරා බවට පත්වේ. උන්වහන්සේ මෙසේ පවසයි, “මම ඔබේ එඬේරා වෙමි, ඔබ මාගේ බැටළුවෝය. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති.”

යොහන් 10:27 මෙසේ පවසයි: “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.”

උන්වහන්සේ එඬේරා සහ බැටළුවන් අතර තිබෙන සම්බන්ධතාවය සංසන්දනය කරයි.

අපි වෙනත් හඬවල් අසන්ට යන්නේ නැත. අපට වෘකයාගේ හඬ ඇසීමටද අවශ්‍ය නැත.

අපට තිබෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ හඬට අවධානය යොමු කිරීම පමණි.

අපගේ එඬේරා අප ඉදිරියෙන් ඇවිදිමින්, අපට මඟ පෙන්වමින්, අපට උගන්වමින් අපට උපදෙස් දෙයි. උන්වහන්සේ අප සමඟ සිටී.

අප අසමත් වූවත් උන්වහන්සේ තවමත් අපව ඔසවයි.

අපි අකීකරු වුණත්, උන්වහන්සේ තවමත් අපව ඔසවයි.

අපි මාර්ගයෙන් ඉවතට ගියත්, උන්වහන්සේ අපව නැවත මාර්ගයට ගෙන එන්නේ උන්වහන්සේ අප සිතනවාටත් වඩා අපට ප්‍රේම කරන බැවිනි.

මෙම ජීවිතය ගත කිරීමට අපට උන්වහන්සේගේ අනුග‍්‍රහය ප්‍රමාණවත්ය.

අනුග‍්‍රහය යන වචනයේ එක් අර්ථයක් නම් අනුග‍්‍රහය ක්‍රියාත්මක කරන තැනැත්තා එය ලබන්නාට වඩා තම අනුග‍්‍රහය අප කෙරෙහි ක්‍රියාත්මක කරන්නට කැමැත්තෙන් සිටින බවයි.

උන්වහන්සේ තම අනුග‍්‍රහය අපට මුදා හරින පිණිස තමාගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරනසේක.

එය දිය ඇල්ලක් මෙන් අප තුළට පැමිණ, අපි උන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් පිරී සිටින්නෙමු. එයයි අනුග‍්‍රහය.

ඉතින් ඔබ කළ වැරදි ගැන ඔබ කනස්සල්ලෙන් සිටින්නේ නම්, උන්වහන්සේගේ ලේ ඒ සියල්ල වසා දමනු ලබයි.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1281)]

Read 550 times