+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (6 වන කොටස)

1_E.png

“මම දෙවියන්වහන්සේගේ දරුවෙකුය; මා නැවත ඉපදීම ලබා ඇති නමුත් මගේ ජීවිතයේ මා විසින් බොහෝ වැරදි කර තිබේ යැයි ඔබට පැවසිය හැකිය.

මා ස්වාමින්වහන්සේ සමඟ ගමන් කරපු කාලයක් තිබුණා නමුත් දැන් මම දෙවියන් වහන්සේගෙන් බොහෝ දුරින් සිටින්නෙමි.

දෙවියන්වහන්සේ මට කලින් ප්‍රේම කරපු තරම් ප්‍රේම කරනවාදැයි කියා මා දන්නේ නැත.”

ඔබ දෙවියන්වහන්සේගෙන් ඈත් වූ පමණින්ම දැන් උන්වහන්සේගේ ප්‍රේමයත් වෙනස් වී ඇතැයි, ඔබ සිතන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ඉතා සීමිත ලෙස තේරුම් ගෙන ඇති බවයි.

මන්ද ඔබ සිතුවේ උන්වහන්සේව ප්‍රසන්න කරන්ට ඔබ සෑම දෙයක්ම කළ යුතු බවත්, ඉන්පසුව උන්වහන්සේගෙන් අනුග්‍රහය ලබා ගත යුතු බවත්ය.

උන්වහන්සේගේ අනුග‍්‍රහය ලබා ගැනීමට ඔබ වැඩ කිරීමට උත්සාහ කරයි.

උන්වහන්සේගේ අනුග‍්‍රහය කිසි විටෙකත් වෙනස් නොවේ.

ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රේමය කිසි විටෙකත් වෙනස් නොවේ.

ඔබ එය මුළුමනින්ම වරද්දගත්තත් උන්වහන්සේගේ අනුග‍්‍රහය තවමත් එලෙසම පවතී.

"දෙවියන්වහන්සේ මට ප්‍රේම කරපු ආකාරයට, මට ප්‍රේම කරන්නට උන්වහන්සේට තව බොහෝ කාලයක් ගතවනු ඇත" කියා ඔබ පැවසිය හැකිය.

උන්වහන්සේට ඔබ වෙනුවෙන් එය කොතරම් ඉක්මනින් කළ හැකිද කියා මම ඔබට කියන්නම්—ක්ෂණිකවම,
උන්වහන්සේ කලින් ඔබට ප්‍රේම කළ ආකාරයටම ප්‍රේම කළ හැකිය.

උන්වහන්සේ ඔබේ ජීවිතය දෙස බලා සිට ඔබ කොතරම් යහපත් දැයි කියා දකින්නට යන්නේ නැත.

නමුත් උන්වහන්සේගේ අනුග‍්‍රහය මුළුමනින්ම සෑහේ.

රෝම 5:8, “නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.”

අප පව්කාරයන්ව දෙවියන්වහන්සේගෙන් දුරස්ව සිටියදීම උන්වහන්සේ අපට තමන්වහන්සේගේ ප්‍රේමය ඔප්පු කරනසේක.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1282)]

Read 626 times