+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (7 වන කොටස)

1_E.png

ගැළවීම, කමාවදීම සහ යේසුස්වහන්සේගේ ලේ යනු කුමක්දැයි යන්නෙන් අප දැන සිටියේවත් නැත. අපි යේසුස්වහන්සේගෙන් දුරස්ව සිටියෙමු.

අපි පව් කරමින් යක්ෂයා අනුව නැතහොත් අන්ධකාරයේ ක්‍රියා අනුව ජීවත් වෙමින් සිටියදීම උන්වහන්සේ තවමත් අපට ප්‍රේම කරමින් අප වෙනුවෙන් මැරුණුසේක.

රෝම 5:9 වන පදය පවසන්නේ, “එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව.”

මම “ඊටත් වඩා” කියන ඒ වචනයට කැමත්තෙමි. “එබැවින් අපි ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබුවෙමු.”

මම ධර්මිෂ්ඨ (නිර්දෝෂ) කරනු ලැබ සිටිමි. මම වරදකාරිත්වයක් හෝ ලැජ්ජාවක් නොමැති ස්ථානයක සිටිමි.

සහෝදරයන්ට වරදතබන්නාවූ යක්ෂයා, අපගේ නඩුව විනිශ්චයකරු ඉදිරියේ ඉදිරිපත් කරන්නේ නම්, විනිශ්චයකරු මාගේ පියාණන්වහන්සේ වන අතර විශ්වාසවන්ත අධිනීතිඥවරයාත් (අද්වකාත්) නීතිඥයාවරයාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

මාගේ නීතිඥයාවරයා නැඟිට, "මාගේ ලෙයින් ඔහුට කමාව දී ඇත" යනුවෙන් පවසයි. ඔහු කළ සියල්ල වෙනුවෙන් මම කුරුසියේදී දරාගත්තෙමි.”

එවිට විනිශ්චයකරු, අපගේ පියාණන් වහන්සේ පවසන්නේ, ඔබ “වරදකරුවෙකු නොවේ. ඔබ නිදහස්ය, ඔබ නිර්දෝෂය” කියායි.

යක්ෂයා විසින් ඔබට විරුද්ධව එම චෝදනාව එල්ල කරන හැම අවස්ථාවකදීම එහි අධිකරණයක් ඇති බව මතක තබා ගන්න.

දෙවියන්වහන්සේ ඔබගේ පියාණන්වහන්සේද විනිශ්චයකරුද වන අතර යේසුස්වහන්සේ ඔබගේ අධිනීතිඥවරයාණෝය.

1 යොහන් 2:1 පදය වෙත යමු, “මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.”

එබැවින් උන්වහන්සේ අපගේ මැදිහත්කාරයාණෝ වේ. උන්වහන්සේ පියාණන් ඉදිරියෙහි සිටින්නාවූ අපගේ අධිනීතිඥවරයානන් වනසේක. උන්වහන්සේ කවදාවත් කිසි නඩුවක්වත් පරාජය වී නැති බව මම තරයේ විශ්වාස කරමි—අපගේ එක නඩුවක්වත් කිසිම අවස්ථාවකදී පරාජය වී නැත. උන්වහන්සේ අපව "වරදකරුවෙකු නොවන" ස්ථානයකට ගෙනාවේය.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
https://www.believersfellowship.lk
https://youtube.com/c/BelieversFellowshipSinhala
https://www.facebook.com/BelieversFellowshipSinhala
යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1283)]

Read 719 times