+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (8 වන කොටස)

"ඔබ පව් කරනවාට මම කැමැති නැත, නමුත් ඔබ වරද්දාගත්තත් මම තවමත් ඔබට ප‍්‍රේම කරමින් ඔබට කමාව දෙන්නෙමි. ඔබ වෙනුවෙන් මාගේ ප‍්‍රේමය කවදාවත් වෙනස් වන්නේ නැත” යයි උන්වහන්සේ පවසයි.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය කවදාවත් වෙනස් නොවේ. මන්ද එය ඔබගේ ජීවිතය ඔසවනු ලබයි.
හැමවිටම ඔබ දෙස බලමින් "දෙවියන්වහන්සේ මට ප්‍රේම කරනවා" කියා පවසන්න.
සමහර අවස්ථාවන්වල ඔබ ඔබටම කතා කරන්න. කැඩපත ඉදිරිපිටට ගොසින් "දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරයි" කියා ඔබ පවසන්න.
බයිබලය පවසන්නේ, ඔබ ඔබටම කතා කරගන්න කියාය. ඔබ ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද ඔබටම ගායනා කරන්න. දෙවියන්වහන්සේගේ සමෘද්ධිමත් වචනය ඔබ තුළ වාසය කෙරේවා. (කොලොස්සි 3:16)
ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන පිණිස මේවා ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රම වේ.
එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබගේ යොමුව තබගන්න.
ස්වාමීන්වහන්සේ සමඟ ඔබේ ගමන භුක්ති විඳින්න.
අද දහවල් මට මේ වචනය ඇසුණා: “භාරකාරත්වයේ වසරක්.”
අප ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හොඳ භාරකරුවන් වී සිටීම වැදගත්ය.
අපගේ ශරීරය උන්වහන්සේ විසින් මිලදී ගන්නා ලදී.
අපි “යේසුස්වහන්සේ ස්වාමීන්” කියා පැවසූ මොහොතේම, යක්ෂයාගේ රාජ්‍යයෙන් අපව උදුරා ගැනීමට අප ස්වාමීන්වහන්සේට අවසර දෙනු ලැබුවේය.
“ඔව්, අපි යේසුස්වහන්සේගේ ලේ විශ්වාස කරනවා” යැයි පැවසූ සැණින්ම, දෙවියන්වහන්සේ අපව ලෝකයෙන් උදුරා ගෙන උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් කළේය.
කෙනෙකුට ඒතරම් ඉක්මනින්ම නැවත ඉපදෙන්නට පුළුවන් වන්නේ එසේය.
ඔබට මතක ඇති කාලයේ සිටම ඔබගේ හැම පව් නැවත නැවතත් කියා දෙමින් සිටිය යුතු නැත.
එය දෝෂාරෝපණය තුළ ජීවත්වීමයි. ඔබගේ පව් කියාදීමෙන් ඔබට ගැළවීම ලැබෙන්නේ නැත.
අපට ගැළවීම ලැබෙන්නේ ඒ ආකාරයට නොවේ. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් ගැළවීම අපට ලැබෙන්නේය.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1284)]


