+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (11 වන කොටස)

ඉතින් මෙම වසර භාරකාරත්වයේ වසරයි.
මන්ද දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් දේවල් ගබඩා කර ඇති අතර ඔබගේ භාරකාරත්වය එතරම් හොඳ නැතිනම්, ඔබට ජීවිතයේ සමහර දේවල් මග හැරෙනු ඇත.
අපි යෙරෙමියා 2:13 පොතට යමු, “මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.”
හානි වී ඇති කටාරම්ද වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම්ද ජීවන වතුර අත්හැරදා තිබේ.
ඉතින් දෙවියන්වහන්සේගේ ආශීර්වාදය පැමිණුනත් අපි හොඳ භාරකරුවන් නොවුවහොත් එය අපගෙන් ඉවත්ව යන්නේය.
අප සිතනවා, “අනේ මගේ දෙවියනේ, මට ආශීර්වාද ලබා ගන්නට බැරි ඇයි? මම තවමත් පරණ ආකාරයෙන්ම ගමන් කරන්නේ ඇයි?’
ඔබව උසස් කරන්නට දෙවියන්වහන්සේ
කැමැත්තෙන් සිටී.
උසස්වීම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් පැමිණෙන්නේ නැත. එය ඉහළින් පැමිණේ. (ගීතාවලිය 75:6)
දෙවියන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක. කෙනෙකු දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව නොසිටින බවත්, ඔබගේ උසස්වීමට බාධාවක් වීමට උත්සාහ කරන බවත් දකින විට උන්වහන්සේ ඒ ගැන සැලකිල්ල දක්වමින් ඔබව උසස් කරනවා ඇත.
ඔබගේ උසස්වීමට බාධාවක් වීමට උත්සාහ කරන මනුෂ්‍යයන් උන්වහන්සේ ඉවත් කරනු ඇත.
එබැවින් භාරකාරත්වයේ වසරක්.
1 කොරින්ති 4:2, “ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.”
හොඳ භාරකරුවෙකු තුළ තිබීමට අවශ්‍ය වන්නේ විශ්වාසවන්තකම බව එහි සඳහන් වේ.
විශ්වාසවන්තකම යනු ඔබගේ විශ්වාසයන් කෙරෙහි සහ ඔබගේ ක්‍රියාවන් කෙරෙහි ස්ථිරව සිටීමේ ගුණාංගයයි.
ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙකි. ඔහු සැබෑ හදවතක් ඇති පුද්ගලයෙකි. ඔහු කරන්නාවූ හැම දෙයකදීම පක්ෂපාතීවද විශ්වාසවන්ත කමෙහිද සිටින කෙනෙකි.
අද ඔබට විශ්වාසවන්ත පුද්ගලයින් කී දෙනෙක් සොයා ගත හැකිද?
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/PO3nVcMHdSQ?t=6915&si=odYWznEFjeq1o12Q
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1287)]


