+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය
“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (17 වන කොටස)

ලවොදිකයෙහි සභාව තුළ ඔවුන් දේවස්ථානයේ හැම ක්රියාකාරකමක්මද ආගමික කටයුත්තක්ද පවත්වාගෙන ගිය අතර, යේසුස්වහන්සේ පිටත දොර ළඟ සිට තට්ටුකරමින් සිටියේ කෙසේදැයි මම කල්පනා කළෙමි.
එළිදරව් 3:20 හි, "මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය" කියා උන්වහන්සේ මෙසේ පැවසුවේය.
පාවුල් සහ පේතෘස් ඔවුන් කොතරම් ආලේප ලබා සිටියත් එවැනි අයට අද බොහෝ සභාවන් තුළ දේශනා කරන්ට පැමිණෙන්ට ඉඩ නොදෙනු ඇතැයි මම සිතමි.
යේසුස්වහන්සේටත් මෙලෙසම එම ගැටලුවම තිබුණේය.
අපි ලූක් පොතේ 4 වන පරිච්ඡේදයට සහ 16 වන පදයට යමු. "උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද (උන්වහන්සේට තිබූ සිරිත) ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක."
යේසුස්වහන්සේ සිනගෝගයට යාමට පුරුද්දක් කර තිබුණේය.
එකිනෙකාව ධෛර්යමත් කරගන්නා පිණිසත් තමාවත් ධෙර්යමත් කරගන්නා පිණිසත්, සභාවට පැමිණීම අපට යහපත් දෙයකි.
යේසුස්වහන්සේ දේශනා කරමින් ලියවිල්ල කියවූ කල උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන සෙනඟ පුදුම වූ බව අපට මෙහිදී දැකගත හැකිය.
“මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි” හදිසියේම ඔවුන් මෙසේ කීවෝය.
“අපි මේ මනුෂ්‍යයා අඳුනනවා” යැයි ඔවුන් මෙසේ කියන්ට පටන් ගත්හ.
ඔබ යමෙකුගේ පුත්‍රයෙකු විය යුතුයි. ඔබට ඕනෑම කෙනෙක් විය නොහැකියි, ඵයයි මා අදහස් කළේ.
ඔබට ස්වර්ගයෙන් පාත් වෙමින්, “මම දේශකයෙක්,” යැයි පැවසිය නොහැකියි.
ඔබ යමෙකුගේ පුත්‍රයෙකු විය යුතුය.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=ah3g6BoyszOisbMn
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1476)]


