+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය
“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (18 වන කොටස)

ඉන්පසු යේසුස්වහන්සේ දේශනා කරන්ට පටන් ගත් අතර ලූක් 4:27 පදයේ උන්වහන්සේ මෙසේ පැවසූසේක,
"ඉශ්‍රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, නාමන් නම් එක් මනුෂ්‍යයෙකු හැර ඔවුන්ගෙන් කිසිවෙක් සුවය නොලැබුයේය."
ලූක් 4:25 සහ 26 පදවල, සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය බවත්, ස්වාමීන්වහන්සේ සීදොන්හි එක් ස්ත්‍රියෙක් පමණක් මුණගැසුණු බවත් එහි සඳහන් වේ.
යේසුස්වහන්සේ ඒ ගැන දේශනා කළසේක.
“සිනගෝගයේ සිටි සියල්ලෝ මේ දේවල් ඇසූ විට ක්‍රෝධයෙන් පිරී ගියෝය.” (ලූක් 4:28)
ඔවුන්ගේ හදවත් කොතරම් දැඩිව නොඇදහිලිකාරකමෙන් පිරී තිබුණු බව ඔවුන් දැන සිටියෝය.
යේසුස්වහන්සේ එතැන්හි දේශනා කරනවාට ඔවුන් අකැමති වූවෝය.
යේසුස්වහන්සේට අවසානයේදී සිදු වූයේ මෙයයි. ලූක් 4:29.
“නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය.”
ඔවුන්ට අවශ්‍ය වූයේ උන්වහන්සේව කන්දෙන් පහළට හෙළීමයි.
බලන්න, උන්වහන්සේ සත්‍ය දේශනා කළේය. නමුත් ඔවුන්ට සත්‍ය ඇසීමට අවශ්‍ය නොවීය.
නමුත් ඔබගේ හදවත තුළ සත්‍ය තිබෙන්නේ නම්, ඔබ උන්වහන්සේට ගෞරවය දෙමින් සත්‍ය සමඟ ඔබව සම්බන්ධ කර ගන්නේය.
නමුත් ඔබට සත්‍ය නොමැති නම්, ඔබ බොහෝසේ ලිහිල්ව සෑමවිටම අනාගතවාක්‍යයක් සොයමින් යන්නේය.
ඔබ ශුභාරංචි හතර බැලුවහොත්, යේසුස්වහන්සේ ඉතා බලවත් අනාගතවක්තෘවරයෙකු වූයේය.
බයිබලයේ පවසන්නේ, "උන්වහන්සේ බලවත් අනාගතවක්තෘවරයෙකු වූ බවයි."
නමුත් උන්වහන්සේ කවදාවත් හැම කෙනෙකුට තනි තනිව පෞද්ගලික අනාගතවාක්‍යයන් දෙමින් නොගියසේක.
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වූ බව අපට පෙනී යයි.
උන්වහන්සේ නිතරම දෙවියන්වහන්සේගේ වචනය උගන්වමින් සිටියේය.
දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=ah3g6BoyszOisbMn
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1477)]


