+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය

“ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (19 වන කොටස)

1_E.png

ලූක් 24 වන පරිච්ඡේදයේ 19 වන පදයේ සාක්ෂිය, “මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණයය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.”

උන්වහන්සේ බලවත් අනාගතවක්තෘවරයෙකු වූයේය. උන්වහන්සේ කවදාවත් හැම කෙනෙකුට තනි තනිව පෞද්ගලික අනාගතවාක්‍යයන් දෙමින් නොගියේය.
නමුත් උන්වහන්සේ වචනය දේශනා කළේය.

මනුෂ්‍යයන්ගේ ජීවිතවලට සුවය හා ප්‍රීතිය ගෙන ඒමෙන් උන්වහන්සේ දිගින් දිගටම වචනය දේශනා කළේය.

මම අනුගමනය කරන්නෙකු වන්නට යන්නෙමි, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වන්නෙමි.

ශුභාරංචි පොත් 4 කියවන්න.

මටම ධෛර්යමත්කමක් අවශ්‍ය වූ විට, මම යොහන්, ලූක්, මතෙව් සහ මාර්ක්ගේ පොත් වෙතට යමින් උන්වහන්සේගේ බලවත් ක්‍රියා සහ මුඛයෙන් නික්මුණු වචන මම දකින්නෙමි.

උන්වහන්සේ කිසිදා තමාගේ ගෝලයන්ට "අනාගතවාක්‍ය කියන්න, අනාගතවාක්‍ය කියන්න" යැයි පැවසීමට ඉඩ නොදුන්නේය.

"දැන් එන්න, මට කියන්න, අනාගතවාක්‍ය කියන්න, අනාගතවාක්‍ය කියන්න," යැයි කීමට උන්වහන්සේ පේතෘස් සහ යොහන්ව පත් කළේ නැත.

මේ වාගේ දේවල් කරන මේ බොරුකාරයෝ දෙස බලමින් මට සිතෙන්නේ හිනා වෙන්නටමය.

එයට දෙවියන්වහන්සේගේ වචනයට කිසිඳු සම්බන්ධයක් නැත.

නමුත් මනුෂ්‍යයන්ට එවැනි බොරු විශ්වාස කරන්ට සලස්වමින් මේ වාගේ පාලනය කරන්නට තැත් කරන අය සිටී.

මා භය නැත, මට හැම වේලාවකම දෙවියන්වහන්සේගේ වචනයෙන් කතා කරන්නට පුළුවන.

"පාවුල්, පාවුල්, අනාගතවාක්‍ය කියන්න, අනාගතවාක්‍ය කියන්න, අපට දැන් යම්කිසි අනාගතවාක්‍යයක් අවශ්‍යයි, කියා මේ දේවල් කරමින් ගිය අයව පාවුල්තුමා පත් කරන බවක් මට දෙවියන්වහන්සේගේ වචනයෙන්, පෙනෙන්නේ නැත.

පේතෘස් හාස්කම් කළ බලවත් මනුෂ්‍යයෙකු වූයේය.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!
පහත link එක ක්ලික් කරන්න.
► https://www.youtube.com/live/F8BvTlk3QLA?t=5532&si=ah3g6BoyszOisbMn
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
______________________________
► https://www.believersfellowship.lk
► https://youtube.com/c/BelieversFellowshipSinhala
► https://www.facebook.com/BelieversFellowshipSinhala
► යාච්ඤාාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195
ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.
[#1478)]

Read 1307 times