Print this page

ඔබ නව ගිවිසුමේ ශුද්ධවන්තයෙකුය - මනූ මැතානි
June 1, 2025 Sunday Sermon Notes


පරණ ගිවිසුමේ සෙඟට වඩා අප ශුද්ධ සෙනඟක්ය.
පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට දේව මාළිඟාවටම යා යුතුව තිබුණි.

නමුත් අප උන්වහන්සේගේ ශරීරයවූ දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

අප පරණ ගිවිසුමේ මට්ටමෙන් අපගේ ජීවිත ගෙන නොයා යේසුස්වහන්සේ අපගේ උදාහරණය කර ගනිමු.

අප යේසුස්වහන්සේ පිළිගෙන ජීවත්වෙමු.

පරණ ගිවිසුමේ මිනිසුන් ක‍්‍රියාකලේ යම් නීති පද්දතියක් තුළය. එහෙත් එය ඔවුන්ට රකින්ට නොහැකිවුණි.

නව ගිවිසුමේ අප ශුද්ධවන්තයන්ය. ශුද්ධාත්මයාණන් වහන්සේ සිටින්නේ අප තුළ වාසය කරමිනි.

පරණ ගිවිසුමේ සියලු සිද්ධි සඳහන් කර ඇත්තේ අපගේ වර්ධනය සදහාය.

අප ඊට වඩා උතුම් ජීවිතයක් ගත කරන පිණිස යේසුස්වහන්සේ මෙළොවට පැමිණ උන්වහන්සේ අප වෙනුවෙන් සියලු ශාපයන් දරා ගන්නා ලදි.

නව ගිවිසුම යේසුස්වහන්සේගේ ලේ තුළින් සෑදු ගිවිසුමයි.

පරණ ගිවිසුමේ යහපත් උදාහරණ අපට අදාල කර ගත හැකිය. නමුත් වාසි ප‍්‍රයෝජනය තකා එහි පද උපුටා ගත යුතු නැත.

හෙබ්‍රෙව් 8:6
[6] නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අපව ශුද්ධ පවිත‍්‍ර කරමින් අපගේ ගල් සිත ඉවත් කරමින් දිව්‍යමය ස්වභාවයක් අපට දී ඇත.

හෙබ්‍රෙව් 7:22
[22] මෙසේ දිවුරුමක් නැතුව නොවන නිසා, එපමණටම යේසුස්වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයා වී සිටිනසේක.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ගේ දුර්වලකම් බලා අපට පහත් ජීවිතයක් ගත කළ නොහැක.

අද වගේම නෝවාගේ කාලෙත් තිබුනේ මනුෂ්‍යයන් තුළ නපුරු දේය.

උත්පත්ති 6:5
[5] මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.

ස්වාමීන්වහන්සේ දුටුවේ නෝවාගේ කාලයේ මනුෂ්‍යයන් තුළ නිතරම අයුතුකම හා නපුරුකම තිබූ බවය.

යේසුස්වහන්සේ පැවසුවේ මනුෂ්‍යය පුත‍්‍රයාත් පොළොවට එන්නට යන්නේ මේ හා සමාන කාලෙක කියාය.

නෝවාගේ දෙවියන්වහන්සේ තුළ ධර්මිෂ්ඨව සිටින ලදි. ඔහු තුළ දේව භය තිබුණි.

උත්පත්ති 6:8
[8] එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය.

උත්පත්ති 6:9
[9] නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.

දෙවියන්වහන්සේ නෝවා තෝරාගෙන ඔහු හා ගිවිසුමක් ඇතිකර මුළු පොළොව විනාශ කර දමන ලදි.

දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයා ගැන තැවුණි.

උත්පත්ති 6:6
[6] තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.

දෙවියන්වහන්සේ නොවාට නැවක් සාදන ලෙස පවසා එයට ඇතුල්වීමට සියලු දෙනාට ආරාධනා කරන ලදි.
නමුත් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කළේ නෝවා සහ ඔහුගේ අය පමණි. (උත්පත්ති 7:13)

එම නැවට සියලු දෙනාටම ඇතුල් වීමට පුළුවන්කම තිබුණි. ඔවුන් විශාල වර්ෂාවක් ගැන මීට කලින් අසා නොතිබුණි. නමුත් දෙවියන්වහන්සේ විශාල වර්ෂාවක් එවන බව පවසන ලදි.

ඒ සිදුවීමෙන් පසුවත් දෙවියන්වහන්සේ නෝවා සමඟ නැවත ගිවිසුමක් ඇති කළේය. (උත්පත්ති 8:20-9:17)

නමුත් ටික කලකින් මනුෂ්‍යයාගේ අභ්‍යන්තර ස්වභාවය හේතුකොටගෙන ඔවුන් නැවත පාපිෂ්ඨ දේට යොමුවන ලදි.

දෙවියන්වහන්සේ මෙලෙසින් දිගින් දිගට ගිවිසුම් සාදන ලදි.
ආබ‍්‍රහම් සමඟ, දාවිත් සමඟ දෙවියන්වහන්සේ ගිවිසුම් පිහිටුවන ලදි.

දෙවියන්වහන්සේ උත්සාහ කළේ මනුෂ්‍යය කොට්ඨාශයක් උන්වහන්සේ සමඟ එකට ගමන් කරයි යන විශ්වාසයටය. නමුත් එය සිදුනොවුණි.

ඉශ‍්‍රායෙල් සෙනඟ සමඟත් ගිවිසුමක් සෑදීය. ඔවුන්ද දෙවියන්වහන්සේගෙන් ඈත්වුණි.

දෙවියන්වහන්සේට අවශ්‍යය වූයේ ඉශ‍්‍රායෙල් දේශය තුළින් සුභාරංචි වචනය මුළු ලෝකයා වෙත යන්නය. නමුත් එයද සිදුනොවුණි.

අවසානයේදී දෙවියන්වහන්සේ උන්වහන්ස්ගේ පුත‍්‍රවූ යේසුස්වහන්සේව ශුද්ධ මනුෂ්‍යයෙක් හැටියට මනුෂ්‍යයාකාරව මේ පොළොවට එවමින්, කිසි පාපයක් නැත්තාවු මේ තැණැන්වහන්සේ සමඟ මුළු මිනිස් සංහතිය වෙනුවෙන් ගිවිසුමක් පිහිටුවන ලදි.

මාගේ පුත‍්‍රවූ යේසුස් ක‍්‍රිස්තුස් ඔබ විශ්වාස කළොත් ඔබට ගැළවීම තිබෙන බව දෙවියන්වහන්සේ පැවසුවේ ඒ නිසාය.

දෙවියන්වහන්සේ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරන ලදි. ඒ තැනැන්වහන්සේ ශුද්ධය, කිසිදු පාපයක් නොමැත. උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට ජීවමානව සිටී.

යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටුවීමට දෙවියන්වහන්සේට පුළුවන්කම තිබුණි. වෙන කිසිවෙකුත් මළවුන්ගෙන් නැඟිටුවා ස්වර්ගයට ගෙන ගියේ නැත.

දෙවියන්වහන්සේ විශ්වාස කළාවූ මියගිය අය සිටියේ අපායේ වෙන් කරන ලද ස්ථානයකය.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් සමඟ ඇති කළාවු ගිවිසුම තුළින් මනුෂ්‍යයන්ට ආබ‍්‍රහම්ගේ ලැපැත්තේ සිටීමට හැකිවුණි.

මේ පොළොවට පැමිණි යේසුස්වහන්සේ උන්වහන්සේගේ පූජාව තුළින් ඒ ස්ථානයෙන් මනුෂ්‍යයන් නිදහස් කර සියල්ලන් ස්වර්ගයට ගෙන යන ලදි.

පාරාදීසය කියන එම කොටස දැන් නැත.

ඒ කොටසේ සිටි අයට යේසුස් වහන්සේගේ ලේ වැගිරීම වන තුරු එම ස්ථානයේ සිටීමට සිදුවිය.

කුරුසියේ සිටි පසුතැවිලිවූ සොරාට යේසුස්වහන්සේ පැවසුවේ අද නුඹ මා සමඟ පාරාදීසයේ සිටිනවා ඇත කියාය.

යේසුස්වහන්සේ අද දවසේදී අප සමඟ ගිවිසුමකට ඇතුල්ව ඇත. මේ නව ගිවිසුම තුළින් යේසුස්වහන්සේ අපව දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් කර ඇත.

යේසුස්වහන්සේ උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයායැයි පැවසූ විට යුදෙව්වරු උන්වහන්සේට ගල් ගසන්නට සැරසුනි. (යොහන් 8:59)

අපගේ උදාහරණය විය යුත්තේ යේසුස්වහන්සේය.

බයිබලයේ සෑම පදයක් තුළින්ම අප යේසුස්වහන්සේ දැකිය යුතුය. උන්වහන්සේ සර්ව සම්පූර්ණය.

හෙබ්‍රෙව් 12:1-2 SROV
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. [2] උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

අපගේ මේ දිවීම යේසුස්වහන්සේ දෙස බලමින්ම දුවමු.

යේසුස්වහන්සේ කිසිදු වරඳක් කළේ නැත.

1 පේතෘස් 2:20 SROV
[20] මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.

වරදක් නොකර ඉවසීමෙන් සිටීම ඉතා මහත් දෙයකි.

අපගේ ඉවසීම දෙවියන්වහන්සේට අප වෙනුවෙන් ක‍්‍රියා කිරීමට ලකුණකි.

2 තෙසලෝනික 1:4-6
[4] එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව. [5] ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක්විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය. [6] කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී,

අපගේ ඉවසීම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය.

අපගේගේ අවංක කම තිබිය යුත්තේ දෙවියන්වහන්සේටය.
අපගේගේ හෘද සාක්ෂිය හරි දේට යොමුව තිබිය යුතුය.

2 තෙසලෝනික 1:7-8
[7] දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, [8] නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.

අපට විරුද්ධකම් කරන්නන්ට ශාප නොකර ආශීර්වාද කරමු. විනිශ්චය දෙවියන්වහන්සේ කරනු ඇත. අප දෙවියන්වහන්සේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරමු.

සියලු කාරණා දෙවියන්වහන්සේට භාරදී, වැරදි කළ අයට සමාව දී, නිහඬව සිටිය යුතු තැන නිහඬව සිටිමු.

දාවිත්ට බොහෝ ප‍්‍රශ්න පැමිණෙන ලදි. මනුෂ්‍යයන් නපුරු කම් කරන ලදි. පුත‍්‍රයා පවා ඔහුට විරුද්දවුණි.

ගීතාවලිය 55:10-13
[10] ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය. [11] ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය. බලාත්කාරයත් වංචාවත් එහි වීථිවලින් ඉවත්ව නොයන්නේය. [12] මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි. [13] නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ නුඹමය.

ඔහුට නින්දා ගෙන ආවේ ඔහු සමඟම සිටි අයයි.

ගීතාවලිය 55:14
[14] අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.

අප සමීපම පුද්ගලයින් අපව පාවා දෙන්නන් විය හැකිය. ඔවුන් අපගේ දුර්වලකම් අන් අය හා පවසා අපව ලැජ්ජාවට පත් කරන්නන් විය හැකිය.

ස්වාමීන්වහන්සේ අපට සමාව දුන් ආකාරයෙන්ම අපද ඒ අයට සමාව දී අපගේ ඇදහිල්ලේ ගමනට එය බාධාවක් කර නොගනිමු.

දාවිත් රජව මරන්ට උත්සහා කළේ ඔහුගේම පුත‍්‍රයාය. ඔහුට ඔහුගේ රාජ්‍ය පවා දමා පලා යන්නට සිදුවුණි.

පාවුල්ව පවා බොහෝ දෙනා අතහැර යන ලදි.

අධර්මිෂ්ඨයාට ගැළවෙන්නට මගක් නැත.

1 පේතෘස් 4:18
[18] ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?

විශ්වාස මැවුම්කරුට අපගේ මාර්ගය භාර දෙමු.

1 පේතෘස් 4:19
[19] එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.

දිවියාගේ තිත් වෙනස් කළ නොහැකි වුවත් අපව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට යේසුස්වහන්සේගේ ලේ වලින් ශුද්ධාත්මයාණන්වහන්සේට පුළුවන.

යේසුස්වහන්සේ අපට දී ඇති නව ජීවනය ප‍්‍රීතියෙන් ගත කරමු.

යෙරෙමියා 13:23
[23] කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.

අප සිටින්නේ යේසුස්වහන්සේගේ ලේ වලින් සම්පූර්ණයෙන් පවිත‍්‍රවය. අපට දෙවියන්වහන්සේගේ සැනසිල්ල ඇත. අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන්ය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපට දුක් වෙන්ට කාරණාවක් නොමැත.

යෙසායා 54:1
[1] දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ඳ තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

හන්නා යාච්ඤා කරමින් තම ශෝකය දෙවියන්වහන්සේ ඉදිරියේ වගුරුවන ලදි. දෙවියන්වහන්සේ ඇයගේ යාච්ඤාවට පිළිතුරු දුනි. ඇයට දෙවියන්වහන්සේගෙන් වටිනා දරුවෙක් ලැබුණි.

ඒ දරවා දෙවියන්වහන්සේ ඉදිරියේ මහත් ආශීර්වාදාත්මක දරුවෙක් විය.

1 සාමුවෙල් 3:1
[1] සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය.

දෙවියන්වහන්සේ සාමුවෙල් තුළින් මනුෂ්‍යයන්ට කථා කරන ලදි. උන්වහන්සේ ඔහුගේ වචන එකක්වත් හිස්වෙන්ට ඉඩ නොදෙන ලදි.

1 සාමුවෙල් 3:19
[19] සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.

හන්නාගේ යාච්ඤා සිදුවූයේ ඔහුගේ සිත තුළිණි. වචන පිට නොවුණි.

1 සාමුවෙල් 1:12-13 SROV
[12] ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය. [13] මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය.

පූජකයා සිතුවේ හන්නා මත්වෙලා කියාය.

1 සාමුවෙල් 1:14
[14] ඒලී ඈට කථාකොට: නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්නැයි කීවේය.

1 සාමුවෙල් 1:15
[15] හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.

අපගේ යාච්ඤාව අන්‍ය භාෂාවට හරවමින් යාච්ඤා කරමු.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ ප‍්‍රදානය සිදු වූ අවස්ථාවේ එහි සිටි අය සිතුවේත් ඔහුන් මත්වෙලා කියාය.

ක්‍රියා 2:15-16
[15] මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ. [16] නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්:

අප ආත්මික තලයේ ජීවත්වන අය මෙන් සිටිමු.

පොළොවේ ගත කරන ජීවිතයට වඩා ආත්මික තලයේ ජීවිතය වටී.

පොළොවේ දෙවියන්වහන්සේගේ කැමැත්ත සිදුවිය යුතුයි යන අරමුණෙන් අප ජීවත්වෙමු.

ඔබගේ සිතුවිලි ගැන ප‍්‍රවේසම් වන්න. ඔබගේ සිතුවිලි පවා ඔබව වරදට පත් කළ හැකිය.

සිත ආරක්ෂා කර ගත හොත් අප නිතර හරි වචන කථා කරයි.

හිතෝපදේශ 4:23
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

එක සිතුවිල්ලකින් බොහෝ දේ ඇති කළ හැකිය.

සෑම සිතුවිල්ලක්ම යේසුස් වහන්සේ තුළ තබා ගනිමු.

නුවරක් අල්ලා ගන්නවාට වඩා සිත පාළනය කර ගැනීම වටී.

හිතෝපදේශ 16:32
[32] බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.

අපගේ මනස අප පාළනය කර ගනිමු.

දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ දේ අපගේ මනසේ තබා නොගනිමු.

2 කොරින්ති 10:5
[5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

දෙවියන්වහන්සේට විරුද්ධව එන සිතුවිල් බිඳ දමමු.

දෙවියන්වහන්සේට පටහැනි දේ වලින් සිත පූර්ණ කර නොගනිමු.

ශු. මතෙව් 12:34
[34] පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.

යේසුස්වහන්සේ දුන්නාවු ආදර්ශය අනුව ගමන් කරමු.

1 පේතෘස් 2:21-25
[21] එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක. [22] උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත, [23] උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ඳ කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක. [24] අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

මනුෂ්‍යයන්ට නරකක් වෙන්නැයි නොපතා ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේට කාරණා බාරදෙමු.

අප වෙනුවෙන් ක‍්‍රියා කළ යුතු ආකාරය දෙවියන්වහන්සේ දන්නා සේක.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වී අපව ධර්මිෂ්ඨ කර එතුලින් අපට සුවයද දී ඇත.


Watch the Sermon Video

Read 5 times