+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ස්වාමීන්ට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද? - යෝෂා මනූ
February 8, 2026 Sunday Sermon Notes
ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කළ නොහැකිය. (හෙබ්‍රෙව් 11:6)
ඇදහිල්ල ක‍්‍රියා කරන්නේ පෙනෙන තලයේ නොව නොපෙනෙන තලයේය.
පෙනෙන තලය ක‍්‍රියා කරන්නේ පංච ඉන්ද්‍රයයන් තුළින්ය. එනම් පෙනෙන, හැඟෙන, ඇසෙන, ස්පර්ෂ කරන දේ තුළින්ය.
දෙවියන්වහන්සේ ක‍්‍රියා කරන්නේ දේව වචනය තුළිණි. ඇදහිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි. දෙවියන්වහන්සේ පවසන දේ අප නැවත වාරයක් ප‍්‍රකාශ කරන විට ඇදහිල්ල ඇති වේ. බයිබලය මෙනෙහි කරන්න පුරුදු වෙමු.
කණස්සලුවීම යනු වැරදි දේ මෙනෙහි කිරීමකි. යක්ෂයා සැකය, භිය, කනස්සල්ල යන දේ අපගේ ජීවිතයට ඇතුල් කිරීමට උත්සාහ කරයි. අප තුළ සිටින තැනැන්වහන්සේ තුළින් අප ඒ දේවල් ජය ගත යුතුය.
සමහර විට අපගේ ඉවසිලිවන්තකම නොමැති නිසා කලබලය තුළින් යම් දේවල් සිදුවේ. අප තුළින් ක‍්‍රියා කිරීමට අපගේ දෙවියන්වහන්සේට ඉඩ දෙමු.
දෙවියන්වහන්සේට සිමාවන් නැත. උන්වහන්සේ යම් වචනයක් කතා කරනවානම් ඒවා බලවන්ත වචනය.
ලුක් 1:37
[37] මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය. දෙවියන්වහන්සේට කළ නොහැකි කිසිවක් නොමැත.
යෙරමියා 32:27
[27] බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?
මාංශය කියන වචනයේ අර්ථය නම් මනුෂ්‍යය වර්ගයා පමණක් නොව ඕනෑම සත්වයෙකුට දෙවියන්වහන්සේ සපයාදෙන දෙවි කෙනෙක්ය.
දෙවියන්වහන්සේට අමාරු කිසිවක් නොමැත. උන්වහන්සේට සියලු රෝග සුව කළ හැකිය. අපගේ සියලු අවයවයන් දෙවියන් වහන්සේ සතුය. ඒවා අප ඉල්ලන කළ දෙවියන්වහන්සේ අපට දෙනු ඇත. උන්වහන්සේ තුළ කිසි හිඟයක් නැත.
දෙවියන්වහන්සේ යන වචනය හෙබ්‍රෙව් භාෂාවෙන් ”එලෝහීම්” යනුවෙන් හදුන්වයි.
එනම් දෙවියන්වහන්සේ උත්තරීතර දෙවියන්වහන්සේය, බලවත්වූ දෙවියන්වහන්සේය, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය. එමෙන්ම උන්වහන්සේ ශේෂ්ඨයි, දේවදූතයන්ට වඩා බලවන්තය. උන්වහන්සේ සර්වබලධාරි දෙවියන්වහන්සේය.
යෙරමියා ස්වාමීන්වහන්සේ යනුවෙන් හදුන්වහන්සේ “යෙහෝවා” දෙවියන්වහන්සේවය. යෙහෝවා යන වචනයේ අර්ථය ස්වාමීන්වහන්සේය.
පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ සෙනඟට ප‍්‍රකාශ වූයේ යෙහෝවා නමිනි. (යෙසායා 12:2 හොෂෙයා 12:5 ආමොස් 5:8, 9:6)
දෙවියන්වහන්සේ ජීවමානය සදාකාලිකය. උන්වහන්සේ එකම සැබැවූ දෙවියන්වහන්සේය.
යෙරමියා 32:17
[17] අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
අහසත් පොළොවත් මැව්වේ දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේගේ බලවත්කම සැක නොකරන්න.
ශු මතෙව් 19:20
[20] යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
යේසුස්වහන්සේ යෞවනයාව ඔහු ඇළුම් කළ දෙයින් නිදහස් කරන්නට උත්සාහා කළත් ඔහු එයටම ඇළී යන ලදි.
ශු මතෙව් 19:21-22
[21] යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.[22] නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.
ශු මතෙව් 19:23-26
[23] එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය [24] නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. [25] ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. [26] යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
දෙවියන්වහන්සේට අවශ්‍යය අපගේ වස්තුව නොව අපගේ හදවතය. අප දෙවියන්වහන්සේ සමඟ එකඟ වෙනවානම් උන්වහන්සේ අපගේ සියළු දේ ඉශ්ඨ කරයි
Watch the Sermon Video


