+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබේ ආශීර්වාදයට තිබෙන බාධා - මනූ මැතානි
February 8, 2026 Sunday Sermon Notes
1 තිමෝති 2:8
[8] එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.
දෙවියන්වහන්සේට නමස්කාර කිරීම ඉතාම වැදගත්ය. ගීතිකාවලින්ද ප‍්‍රශංසාවෙන්ද නමස්කාරයෙන්ද ස්තුති දීමෙන්ද මේ සියළු දේකින්ම අපි දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුය. එයට හේතුව දෙවියන්වහන්සේ අපගේ ස්වාමීන්වහන්සේ නිසාය.
අප සෑම මොහොතකම ශුද්ධ දෑත් ඔසවා දෙවියන්වහන්සේට නමස්කාර කරමු.
අශුද්ධකමක් තිබෙනවානම් පසුතැවිලිවී වෙනස්වී දෙවියන්වහන්සේ වෙතට හැරෙමු. අපේ ජීවිතයේ සියල්ලක්ම දෙවියන්වහන්සේට කළ හැකිය.
නපුරු සමාගමෙන් වෙන්වී සිටීම යහපත්ය. අපගේ මුළු ජීවිත කාලයටම අවශ්‍යය කරන උපදෙස් දේව වචනය තුළ ඇත. ඒ වචන අපි විශ්වාස කරමු.
අපගේ ජීවිතයේ යම් දේවල් වලින් අප වෙන්විය යුතුය. ඒ වෙන්වීමෙන් අපගේ ජීවිතවලට ආශීර්වාදය ලැබේ.
නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.[1 කොරින්ති 15:33]
අපේ ජීවිතයට පැමිණෙන බාධා අපම ඉවත් කර ගත යුතු වේ.
ශු. යොහන් 11:38-39
[38] එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබූණේය. [39] ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.
ලාසරස් නම් මනුෂ්‍යයා අසනීප තත්වයෙන් සිටින විට ඔහුගේ සුව දුක් බැලීමට යේසුස්වහන්සේ පැමිණියේ නැත. නමුත් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මහිමය ලැබෙන පිණිස උන්වහන්සේ ලාසරස්ගේ මරණයෙන් පසුව ලාසරස්ට කතා කරන ලදි.
දෙවියන්වහන්සේ පවසන්නේ අප ජීවිතයේ බාධා ඉවත් කර දමන්න කියාය. ප‍්‍රීතිය, සඵලත්වය නැතිනම් අපේ තිබෙන නොයිවසිලිවන්තකමද, කෝපයද නොයෙකුත් පලපුරුදුද ඒවා අපේ ජීවිතයෙන් ඉවත් කර ගත යුතුය.
හිතෝපදේශ 11:29
[29] තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
හිතෝපදේශ 11:29 කියවෙන පරිදි සුළං යනුවෙන් හඳුන්වන්නේ යක්ෂ ආත්මය. යක්ෂ ආත්ම වලට අපේ ජීවිතයට ඒමට ඉඩ නොදෙමු.
කෙනෙකු නිවසට ප‍්‍රේමය, ප‍්‍රීතිය, සමාදානය ගෙන එන්නේ නැත්තම්, බාහිර බලපෑම් වලින් නිවස කළඹනවානම් අප යක්ෂ ආත්ම වලට අපගේ ජීවිත පාලනය කරන්න ඉඩ දී ඇත.
දෙවියන්වහන්සේ අපට දෙන ආශීර්වාදයට බාධාවක් නොවන ලෙස අප යම් කාරණා වලින් ඈත්ව සිටිය යුතුය.
හිතෝපදේශ 15:27
[27] ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.
යම් කිසි පිටස්තර බාධා අපේ නිවාස වලට ඇතුළු වූ විට අපගේ නිවසේ කැලඹිලි තත්වයන් අඩුපාඩු ඇති විය හැකිය. යම් යම් අසනිප තත්වයන් සහ අප තුළ ඇති ඇදහිල්ලද නැතිවිය හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ නාමටයන් ඒ බාධා ඉවත් කිරිමට අපිට හැකියාව ඇත. එවිට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය අපේ ජීවිතයට පැමිණේ.
කිතුණුවන්ගේ ජීවිත අලංකාර කරන්නේ දෙවියන්වහන්සේය.
පිටස්තර පුද්ගලයන්ට අපේ ජීවිතයේ බලපෑම් ඇති කිරීමට ඉඩ නොදෙමු.
තීතස් 1:9
[9] තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.
එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍ය කාරණා දෙවියන්වහන්සේ තුළින් ඉෂ්ට කර ගනිමු.
වංචා සහිතව ක‍්‍රියා කරන මනුෂ්‍යයන් දේව බලය ගැන පැවසුවාට ඒ අයගේ පෞද්ගලික ජිවිත වල කිසිම සාක්ෂියක් නැත.
බයිබලයේ පවසන්නේ බොරුකාර ගුරුවරුන්ගෙන් සහ බොරුකාර මනුෂ්‍යයන්ගෙන් ප‍්‍රවේසම් වෙන්න කියාය.
යෙසායා 9:15
[15] හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.
බොරු උගන්වන අනාගතවක්තෘන් වලිගය හා සමානය.
ඔවුන් කවදාකවත් අපට සත්‍යය උගන්වන්නේ නැත. අපව ජයග‍්‍රහණය කරා ගෙනයන්නේත් නැත. ඔවුන් වලිගය. අපි දෙවියන්වහන්සේගේ හිසය.
යෙසායා 9:16
[16] මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.
ද්වීතීය කථාව 28:12-13
[12] ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය. [13] මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,
ද්වීතීය කථාව 28:14
[14] මා අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස නුඹ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; නුඹද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
අපේ සියළු වැඩ වලට දෙවියන්වහන්සේ ආශීර්වාද කරයි. කිසි කෙනෙකුට වළක්වන්නට බැරි ආශීර්වාදයන් දෙවියන්වහන්සේ අපට ලබා දෙයි.
සියළු දේට වඩා ඉහලින් සිටිම දෙවියන්වහන්සේගේ කැමැත්තය.
අප දෙවියන්වහන්සේගේ අශීර්වාදලද්දෝනම් තවත් කෙනෙකුට ආශීර්වාදයක් විය හැකිය.
දෙවියන්වහන්සේ පවසන්නේ අපේ ජීවිතයේ තිබෙන බාධාවන් ඉවත් කරගත්තානම් ඉබේම අපේ ජීවිතවලට ආශීර්වාදය ලැබෙන බවයි.
අප වැරදි දේවල් වලින් මිදුනොත් දෙවියන්වහන්සේට පුළුවන් අළුත්, අවංක මිත‍්‍රයන් මුනගස්වන්න සහ ඔවුන් තුළින් අපේ ජීවිතවලට ආශීර්වාදද ලැබේ.
උත්පත්ති 12:1
[1] ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.
උත්පත්ති 12:2-3
[2] මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. [3] තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
අපි ආබ‍්‍රහම්ගේ වංශයයි. ආබ‍්‍රහම්ට දී ඇති සියළු ආශීර්වාද අපටද දෙවියන්වහන්සේ ගෙන දෙයි.
දෙවියන්වහන්සේ සියල්ල හරි ලෙස අපගේ ජිවිත වලට අවශ්‍යය දේ ලබා දී ඇත්තේ වචනය තුළිණි.
ගලාති 3:13
[13] ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.
ගලාති 3:14
[14] මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.
ආබ‍්‍රහම්ට දී තිබෙන ආශීර්වාද නම් ඔහුට ජාතියක් දී කීර්ති නමයක් දී දෙවියන්වහන්සේ තුළ ඔහුව ආශීර්වාදලද්දෙක් කරන ලදි.
යෙසායා 8:18
[18] බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.
දෙවියන්වහන්සේ අපට හැම අතින්ම ආශීර්වාද කරයි. අප මොනම ස්ථානයක සිටියත් අප දෙවියන්වහන්සේගේ ආශීර්වාදලද්දෝය.
මලාකී 3:12
[12] නුඹලා වාසනාවන්තයෝයයි (ආශීර්වාදලද්දෙක්ය කියා) සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
කිරි සහ පැණි වලින් උතුරා යන දේශයක් හැටියට අප සිටියි. දෙවියන්වහන්සේ අපට කියා තිබෙන්නේ මනුෂ්‍යයන් අප දිහා බලනා විට අප ආශීර්වාදලද්දන් ලෙසය.
දෙවියන්වහන්සේ පවසන ලෙස අප ජීවත් විය යුතුය.
ගණන් කථාව 21:4
[4] ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.
ගණන් කථාව 21:5
[5] සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.
ඔබගේ මිමිණීම්, දොස් තැබිම් නවතා දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමු.
දෙවියන්වහන්සේගේ උපකාරය නැතිව අපිට ජීවත් විය නොහැක. උන්වහන්සේට ගෞරව ප‍්‍රශංසා කලොත් අපේ ජීවිතයේ විශාල වෙනසක් ඇති වේ.
අපි අනවශ්‍යය දේවල් වැපිරුවොත් අප ඉබේටම අධෛර්යයට පත් වේ. අප එසේ නොවී දෙවියන්වන්සේ තුළට ගොස් ශක්තිමත් වෙමු.
ජීවන ගමන් මාර්ගය කෙතරම් අපහසු වුවත් දෙවියන්වහන්සේ අපව වහල්කමෙන් නිදහස් කර උන්වහන්සේ අපව ගළවාගත්තාය.
දෙවියන්වහන්සේට ස්තුති කිරීමෙන් ගෞරව කිරීමෙන් උන්වහන්සේගේ අභිමුඛත්වය අපට අත්විඳිය හැකිය.
බයිබලයේ සඳහන් වන පරිදි යෝසෙප්ගේ ජීවිතයේ ඔහු ගිය සෑම තැනකම දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටියාය. එයට හේතුව නම් යෝසෙප් කවදාකවත් කෙඳිරුවේ නැත. ඔහු දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කළා පමණි.
දෙවියන්වහන්සේ ප‍්‍රශංසා මධ්‍යයයේ වැඩ වාසය කරයි.
උත්පත්ති 39:2, 21
[2] ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.
[21] එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.
ගීතාවලිය 22:3
[3] නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.
දෙවියන්වහන්සේ සමඟ ජීවත් වන්න අපි තෝරා ගනිමු.
දෙවියන්වහන්සේ යෝසෙප් සමඟ නිතරම සිටියාය.
දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන විට උන්වහන්සේගේ අභිමුඛත්වය අපේ ජීවිතයේ ක‍්‍රියා කරන්න පටන් ගනී.
ගණන් කථාව 21:5-6
[5] සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය. [6] ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක (ඉඩ හැරිය සේක), උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.
අප තේරුම් ගත යුතු කරුණක් වන්නේ දෙවියන්වහන්සේ ඔවුන් අතරට ගිණි සර්පයන් යැව්වා නොව ස්වාමීන්වහන්සේ ඉඩ හැරියා යන්නයි.
1 කොරින්ති 10:9-11
[9] අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය. [10] නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය. [11] ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
පරීක්ෂාවන් ගෙන එන්නේ යක්ෂයා විසිනි. දෙවියන්වහන්සේට යටත්වී උන්වහන්සේගේ ආශීර්වාදයන් භුක්ති විඳිමු.
ආධිපත්‍යයෙන් සිටින්න. වලිගය හැටියට නොව හිස හැටියට ජීවත් වෙමු. උන්වහන්සේගේ වචනය හරි ලෙස භාවිතා කරමු.
කෙඳිරීමෙන් කවදාවත් කාටවත් යහපතක් ඇති වන්නේ නැත. පැමිණෙන්නේ විනාශය පමණි.
හිසව සිටින මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ ආධිපත්‍යය පාවිච්චි කරයි.
වචනය පිළිඅරගෙන වචනය සමඟ ගමන් කරමු.
ශු. ලූක් 10:19
[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
සතුරන් නැවැත්වීමට දෙවියන්වහන්සේගේ නාමය පාවිච්චි කරන්න. උන්වහන්සේගේ ලේ බලය ගැන කතා කර උන්වහන්සේගේ ශුද්ධාත්ම බලයන් උන්වහන්සේගේ පොරොන්දු ගැන කතා කරමින් සර්පයන් සහ ගෝණුස්සන් පාගා දමා දශ්ඨ කරන්නට ඉඩ නොදෙමු.
ගීතාවලිය 112:1-3
[1] ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය. [2] ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. [3] සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා කරන අය උන්වහන්සේට දේව භයෙන් ජිවත් යන අය දෙවියන්වහන්සේගේ ආශීර්වාදලද්දෝය.
දෙවියන්වහන්සේ පවසන්නේ අපගේ සම්පත් නිවසේ තිබිය යුතුයි කියාය. දෙවියන්වහන්සේ කතා කරන්නේ ධර්මිෂ්ඨයාටය.
ගීතාවලිය 112:7
[7] ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
ඔබට මොන ප‍්‍රශ්න පැමිණියත් භය නොවන්න දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටී. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ ඇදහිල්ලෙන් කතා කරන්න. දේව කැමැත්ත මිස වෙන කිසියම් බාධාවක් අපේ ජීවිතයට පැමිණෙන්නට දෙවියන්වහන්සේ ඉඩ නොතබයි.
යක්ෂයා ක‍්‍රියා කරන්නේ හඟීම් තුළිනි. ශුද්ධාත්මයාණන්වහන්සේ ක‍්‍රියා කරන්නේ ඇදහිල්ල තුළිනි.
දෙවියන්වහන්ස්ගේ වචනය විශ්වාස කර ජීවත් වන්න.
දේශනාකාරයා 8:4
[4] එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?
දේව වචනය කියවා මෙනෙහි කරන්න. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ කතා කරන්න
එළිදරව් 1:5-6
[5] විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත්වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,[6] අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.
දෙවියන්වහන්සේ අපව රාජකීය පූජකයන් කර තිබේ. අපට සේවාවන් දෙකක් ඇත. රජවරුන් ආධිපත්‍යය දරයි පූජකයන් දෙවියන්වහන්සේට නමස්කාර කරයි. දෙවියන්වහන්සේ අපගේ රජුන්ගෙත් රජය.
එළිදරව් 5:9 -10 [9] ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන, [10] ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.
අප වෙනුවෙන් දෙවියන්වහන්සේ මිලයක් ගෙවන ලදි. උන්වහන්සේ ලේ වැගිරීමක් කර අපව මිලයට ගෙන දෙවියන්වහන්සේට අපව භාර කරන ලදි. අප පොළොවේ රජකම් කරනා පිරිසක්ය. අප දෙවියන්වහන්සේගේ වචන කතා කරමින් ජයගත් පිරිසක්ය.
උන්වහන්සේ අපව ලකුණක් හා පුදුමයක් හැටියට පත් තර ඇත. ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් සියල්ල කළ නිසා අප උන්වහන්සේව විශ්වාස කරමු.
ක‍්‍රිස්තුස්වහන්සේ අපගේ ස්වාමීන්වහන්සේය අපගේ මිදුම්කරුය. අපගේ යහපත් එෙඬ්රායි. අපට මඟ පෙන්වන තැනැන්වහන්සේයි.
ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවන සේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.[ ගණන් කථාව 14:8]
තීතස් 1:7, 9-11
[7] මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
[9] තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය. [10] මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කථාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය. [11] ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.
ඔබට විරුද්ධව යම් කෙනෙක් කතා කරනවානම් නැවත ඒ අයට තරවටුවෙන්ද ප‍්‍රේමයෙන්ද පහදා දීමට අපට හැකියාව තිබිය යුතුය.
අපේ ජීවිතයට ප‍්‍රශ්න ඇතිකරගන්නේ අපගේ මුඛයෙන්මය.
ඔබගේ සිතින් දෙවියන්වහන්සේට නමස්කාර කරන්න. දේව ලියවිල්ලට මුල් ස්ථානය දෙන්න.
Watch the Sermon Video


