Print this page

ඔබව සුව කරන්නේ මනුෂ්‍යයෙකුගේ වචනය නොව දේව වචනයයි - මනූ මැතානි
January 21, 2022 Bible Study Notes

 

ඔබවහන්සේගේ දිව්‍යමය ප්‍රේමය සෑම භයාදුකමේ ආත්මය දුරුකරනසේක.

සෑම රෝග වලින් සුවය ලබාගන්න. ඔබවහන්සේගේ ආලේපයෙන් මනුෂ්‍යයන් සුව කළ නිසා ස්තූතියි.

ඔබවහන්සේගේ වචනය නමැති බීජය නිතරම ඵල දරනසේක.

දෙවියන්වහන්සේත් වචනයත් කිසිදා වෙන් කළ නොහැකියි.

වචනය කිසිදා වෙනස් වන්නේ නැත.

අපි වචනය විශ්වාස කරන්නට තෝරා ගත යුතුයි.

පිලිමොන් 1:14

නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.

ශුද්ධාමයාණන්වහන්සේ අපගේ කැමැත්ත නොමැතිව කිසි දෙයක් කරන්නේ නැත.

අපි කීකරු වෙමු, උන්වහන්සේගේ හඬ අසන්නට කැමති වෙමු.

දීම යනු අපගේම ප්‍රයෝජනය සඳහාම අපි වපුරන දෙයක්. සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක.

අපි හැමෝටම පොදු දර්ශනයක් දී තිබෙනවා, එනම්: සියල්ලන්ටම ශුභාරංචිය පවසන්නට.

අපි කුඩා දේවල් වලට විශ්වාසවන්ත වෙමු. දෙවියන්වහන්සේ ඒ දැක් අපට වැඩික්වීමක් කරනසේක.

සෙකරියා 4:10    

මලාකි 3:13-16

2 තිමෝති 2:16

නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලිවලින් අහක්ව සිටින්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන්කරනවා ඇත,

2 තිමෝති 2:17

ඔවුන්ගේ වචනයද පිළිකාවක් මෙන් කාවදිනවා ඇත. 

අපි සමාව නොදීමෙන් ඒ ආත්මය තුළින් අපගේම ජීවිතයට බලපෑමක් විය හැකිය

යාකොබ් 5:16

එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

අපි එකිනෙකාට සමාව දිය යුතුයි. නැතිනම් අපගේ ශරීරයට එය බලපෑමක ඇති විය හැකියි.

ඔබගේ සිතින් ඔබ සමාව දීමෙන් නිදහස් වන්නේ ඔබයි. එකිනෙකා සමඟ සමාදානයෙන් ජීවත් වෙමු.

සමාව නොදීමෙන් අපගේ ඇදහිල්ල ක්‍රියා විරහිත වන්නේය.

මාර්ක් 11:25

නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.

1 තෙසලෝනික 2:13

එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.

1 පේතෘස් 1:23

මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.

දේව වචනය ඔබගේ මුලු ඉරණම වෙනස් කරනසේක.

දේව කැමැත්ත අපි නිදහස්කම තුළ ජීවත් වීමයි.

මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීම ශාපයකි. නුමුත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස තැබීම ආශීර්වාදයකි.

ස්වාමීන්වහන්සේගේ වචනය තුළ අපි වර්ධනය වෙමු.

හෙබ්‍රෙව් 4:12  

1 පේතෘස් 2:1-3

1 එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,

2 ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,

3 ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

හෙබ්‍රෙව් 5:13-14

13 ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.

14 නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.

හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය තුළින් වර්ධනය වුවහොත් ඔබට වැරදි දේ හරි දෙයින් වෙන් කර ගත හැකිය. 

බොරුව සත්‍යයෙන් වටහා ගැනීමට නම් ඔබ වචනය දැන ගත යුතුයි.

දෙවියන්වහන්සේ පවසා ඇති දේවල් අපි විශ්වාස කරමු. එවිට අපි කිසිසේත් රැවටෙන්නේ නැත.

මතෙව් 24:4

යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න.

අන්තිම කාලයේ පැතිර යන ආත්මය මුළාවයි.

1 පේතෘස් 1:24

කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.

1 පේතෘස් 1:25

නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.

1 තෙසලෝනික 2:13

එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.

මේ වචනය දෙවියන්වහන්සේගේම වචනය බව අපි විශ්වාස කරන්නට තෝරා ගමු.

ක්‍රියා 9:32‭-‬35

32 තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය.

33 එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය.

34 පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය.

35 ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.

ක්‍රියා 14:8-11

8 මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය.

9  ඔහු පාවුල් කථාකරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක:

10 නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය.

11 එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය.

ක්‍රියා 3:11‭-‬12

11 ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.

12 පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?

ක්‍රියා 3:16

උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.


Watch the Sermon Video

Read 520 times