Print this page

අපි ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, ඇසුවාවූ හා දුටුවාවූ දේවල් අනුව ක්‍රියා කරමු - Yasha Manu

January 30, 2022 Sunday Sermon Notes

දේව වචනයට මුල් ස්ථානය දෙන්න.

එය වැදගත්, එය කියවන්න, මෙනෙහි කරන්න, මනසේ රඳවාගන්න. 

 

දේව වචනය කියවීමෙන් ඔබේ ජීවිතය සඵලවත්වේ, ජයග‍්‍රහණය ගෙන දෙයි, දවසට අවශ්‍ය පෝෂනය ලබාදේ.

 

යේසුස්වහන්සේ ගැළවුම්කරු ස්වාමීන්යැයි ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කල මොහොතේ සදාකාල ජීවනය හිමිවේ. රෝම 10:9-10



ආදම්ගේ වැටීමෙන් පසු ස්වභාවයෙන් අප සිටි ආකාරය:

වරද සහ පාපය කරන කොටගෙන අපි මැරී සිටියෙමු. එපීස 2:1

 

කි‍්‍රස්තුස්වහන්සේ අප තුළට පැමිණි පසු දැන් අප සිටින ආකාරය:

දෙවියන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිමු. රෝම 6:11

 

ඔබ සිතට පැමිණෙන සිතුවිල්ල කි‍්‍රයාවට දැමීමට පෙර දේව කැමැත්ත සෙවිය යුතුය.

 

කුණාටු පැමිණේ, නමුත් අත්තිවාරම ස්ථීරව ගොඩනගාගත යුතුය. මතෙව් 7:24-29

 

ගැළවීම ලැබූපසු අප දේව වචනය හා වර්ධනයවී එකඟවී ස්වාමීන්වහන්සේව විශ්වාස කරන්නේ කෙසේද? හිතෝපදේශ 3:5-6

 

ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී දෙවියන්වහන්සේගේ කැමැත්ත සෙවිය යුතුය. 

 

පිලිප්පි 4:9 අනුව 

1. ඉගෙනගත්දේ කුමක්ද? ඒ අනුව ජීවත්වනවාද, ජීවිතයේ වෙනසක් තිබේද?

2. පිළිගත්තාවූදේ - එකඟ විය යුතුය.

3. මා තුළ තිබෙන බව ඇසුවාවූ දුටුවාවූ දේ කුමක්ද?

4. එම දෙය කි‍්‍රයාකරන්න. 

 

ඔබගේ ජීවිතයේ ආත්මික ජීවිතය වර්ධනයවී ඇද්දැයි ඔබම කිරා බලන්න.

 

යක්ෂයා ඔබව වට්ටන්නට මාන බලයි, දේව කැමැත්ත ඔබ ජයග‍්‍රහයෙකු ලෙස ජීවත්වීමයි.

 

සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා තුළ සිටිනවා ඇත. 

 

සමාදානය - ”ශාලෝම්”

පිලිප්පි 4:8 - මෙනෙහි කල යුතුය.

ඉගෙන ගත්දේ කි‍්‍රයාවට දැමීමෙන් දෙවියන්වහන්සේගේ ආශීර්වාද හිමිකරගනු ඇත.

 

හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප‍්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

 

පිලිප්පි 4:6

නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා.

 

පිලිප්පි 4:8-9

8- ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප‍්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරපල්ලා.

9- නුඹලා ඉගෙනගත්තාවු, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලූත් කරපල්ලා. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමග සිටිනවා ඇත.

Watch the Sermon Video

Read 432 times