Print this page

ස්වාමීන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසැකකම - යෝෂා මනූ
February 20, 2022 Sunday Sermon Notes


1 යොහන් 5:14-15  දෙවියන්වහන්සේගේ නිසැකකමෙන් ජීවත්වන්නේ කෙසේද කිය අපි බලමු.

අප දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුතුයි.

දෙවියන්වහන්සේගේ වචනය ලියා තිබෙන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ටයි. 

එහි තිබෙන දේ ලෝකයාට නොතේරේ. 

ලෝකයාට එය කථාන්දර පොතක් මෙනි. 

එය තේරුම් ගැනීමට එහි කර්තෘ අප තුළ සිටිය යුතුය. බයිබලයේ කර්තෘ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඒ කර්තෘ අදත් ජීවමානව සිටිමින් අප තුළ බලවත්සේ සිටින හෙයින් අපට එය තේරුම් ගත හැක. 

වචනය තුළ මොනයම් පදයක් කියෙව්වත් ඔබට දෙවියන්වහන්සේගෙන් නිසැකකම ලැබේ.

යාකොබ් 1:6 අප යමක් ඉල්ලන විට සැකයෙන් තොරව අනුමාන නොකර ඉල්ලිය යුතුයි.  

අනුමාන කරන්නා සුළඟින් ගෙනයන්නාවු සෙලවෙන්නාවු මුහුදේ රැළට සමානය.

යාකොබ් 1:7 එහි ප‍්‍රතිඵලය - එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතිය යුතුය.

සමහර පොරොන්දු ඉටුවීමට කාළයක් ගතවේ. 

සෑම දෙයටම දෙවියන්වහන්සේට වෙලාවක් තිබේ.

     1. අප නිසැකවම දෙවියන්වහන්සේ තුළ සිටිය යුතුය.

     2. අප දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ඉල්ලිය යුතුය. 

ඔබ වචනය තුළ පවතිනවානම් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගත හැකිය. 

දේව වචනය දෙවියන්වහන්සේගේ කැමැත්තයි. 

යොහන් 15:4 සඳහන් පරිදි අත්ත මිදිවැලෙහි පවතිනවා සේ අපද දෙවියන්වහන්සේ තුළ පැවතිය යුතුයි. 

අප රාජාලියන් හා සමානවී, රාජාලියන් මෙන් සිතීමට අවශ්‍යවේ.

අප දෙවියන්වහන්සේගේ පවිත‍්‍රත්වය ලබා උන්වහන්සේ තුළ පැවතිය යුතුය. 

එවිට දෙවියන්වහන්සේ අප තුළ පවතී.  

වචනය තුළ පැවතීමෙන් එහි රසවත්භාවය ලැබේ. දෙවියන්වහන්සේගෙන් වෙන්ව කිසිවක් කළ නොහැකිය.

     3. ඉල්ලූ දෙය ලැබෙන බව ඇදහිය යුතුයි.

ගීතාවලිය 37:3-5,7 ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත කළ යුතුය.  

ස්වාමීන් කෙරෙහී පී‍්‍රතිමත් විය යුතුය. 

අපගේ මාර්ගය ස්වාමීන්වහන්සේට භාරදිය යුතුය. එවිට උන්වහන්සේ අපගේ ආශාවන් ඉෂ්ඨකරන සේක. ස්වාමීන් කෙරෙහී රඳා පැවතිය යුතුය.

     4. නිසැකකමෙන් ස්තූති කළ යුතුය.

විශ්වාස කරන දේ පොතක ලියා එය ප‍්‍රකාශ කරමින් ස්තූති කරන්න.

යොහාන් 15:4 මා තුළ පවතින්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම් ඵල දරන්ට ඔබට බැරිය.

ගීතාවලිය 37:3-5, 7

3 ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.

4 ස්වාමීන් කෙරෙහී පී‍්‍රතිමත්වෙව; උන්වහන්සේද තාගේ සිතේ ආශාවන් ඉෂ්ටකරනසේක.

5 තාගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ඨකරන සේක. 

7 ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප‍්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කළ නොකිරෙව.


Watch the Sermon Video

Read 505 times