Print this page

ගැළවීම ගැන ඔබට ඇති සැබෑ සහතිකය - මනූ මැතානි
March 6, 2022 Sunday Sermon Notes



එළිදරව් 3:10 මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.

එළිදරව් පොතේ උන්වහන්සේගේ සභාව "ශුද්ධවන්තයන්" ලෙසයි හඳුන්වා තිබෙන්නේ.

උන්වහන්සේ සමඟ සිටින අයට උන්වහන්සේ ජීවනය දී තිබෙනවා.

යේසුස්වහන්සේ තුළින් අපි ගැළවීම ලබා ගත් පසු අප් තුළ යම් වෙනසක් ඇති වී තිබෙනවා.

ගැළවීමෙන් පසු, අපි අපගේ පාපයට කමාව ලබා ගත්තා එතැනින් බොහෝ යහපත් දේවල් දෙවියන්වහන්සේ එකතු කර තිබෙනවා.

එළිදරව් 12:11 ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

2 තෙසලෝනික 2:10 විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.

දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මය නොවේ.

රෝම 8:15 මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ බන්ධනයේ ආත්මයක් නොවේ.

රෝම 8:16 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

හිතෝපදේශ 1:21-23
මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි. එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද? මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.

හිතෝපදේශ 1:24 මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;

හිතෝපදේශ 1:25-29 නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය. එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට භය පැමිණෙන විටද, නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි. එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත. මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.

හිතෝපදේශ 1:30 ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.

හෙබ්‍රෙව් 12:5 ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;

දේව වචනය ජීවමානයි දෙමුවහත් කඩුවක් හා සමානයි.

හෙබ්‍රෙව් 12:6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.

මනුෂ්‍යයා වපුරන දේ කපාගන්නේය.

ගලාති 6:8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

අපගේ ආශාවන් මැඩ්පවත්වා ගන්නා පිණිස දෙවියන්වහන්සේ අපට හික්මවීමේ මනසක් දී ඇත.

රෝම 12:1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

ස්වාමීන්වහන්සේගේ අපට මග පෙන්වයි, කතා කරයි නමුත් කවදාවත් උන්වහන්සේ මනුෂ්‍යයන්ව පාලනය කරන්නේ නැත.

රෝම 12:2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත (මනස) අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

අපට විරුද්ධව සිටින විශාලම සතුරා යක්ෂයා නොව, නමුත් අපගේම කැමැත්ත කිරීමයි.

රෝම 7:15 මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.

මේ ස්ථානයේ කතා කරන්නේ අපගේ පරණ මනුෂ්‍යයා ගැනයි.

රෝම 7:16 ඉඳින් මම අකැමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි. එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.

අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි.

කොලොස්සි 1:13 පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

හෙබ්‍රෙව් 9:22 ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.

යේසුස්වහන්සේ මුළු ලෝකයා වෙනුවෙන්යේසුස්වහන්සේගේ අනර්ඝ ලේ වගුරුවා නිදහස් කළ හමාරයි.

2 තෙසලෝනික 2:9-12
ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය. මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස, බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක.

එළිදරව් 3:10
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.

ඔබ උන්වහන්සේගේ සෙනඟ නිසා, උන්වහන්සේගේ හඬ අසන නිසා ඔබට ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව තිබෙනවා.

යෙසායා 1:19 නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

එළිදරව් 6:6 ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි.

තෙල්වලටත් මුද්‍රිකපානයටත් යැයි පවසන්නේ ගිවිසුමක් අතුව සිටින ආලේප ලත් සෙනඟ.


Watch the Sermon Video

Read 489 times