Print this page

ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය ඇත - යෝෂා මනූ
May 8, 2022 Sunday Sermon Notes

 

1 පේත්‍රැස් 2:24
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක. උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

අප තුළ නව ස්වභාවයක් තිබෙනවා

අප පවිකාරව සිටියා,නමත් දැන් ධර්මිෂ්ඨකමේ පුත්‍රකම තිබෙනවා.

ඔබ නිතරම පුත්‍රකමේ අදහස ගොඩ නගාගන්න.

කිතුනුවන් හැගීම් වලින් ජීවත්වන්නේ නැත. කිතුනුවා ජීවත්වන්නේ ඇදහිල්ලෙන් හා ධර්මිෂ්ඨකමෙනි.

පාපයට නැසුනු අප ධර්මිෂ්ඨකමට අවදිවෙමු.

ධර්මිෂ්ඨකමේ එළිදරව්ව අපට අවශ්‍යයයි

ක්‍රියා 26:17 - පාවුල් තමාගේ කැදවීමේ සාක්ෂිය අග්‍රිපා ඉදිරියේ ප්‍රකාශ කරයි.

අපද අපගේ කැදවීමේ කාර්්‍යය කළයුතුයි.

2 කොරින්ති 4:5 - මේ ලෝකයේ මේ ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ ඇස් මනස අන්ධකර තිබේ දෙවියන්වහන්සේගේ කැමැත්ත අපව පාවිච්චිකර මනුෂ්‍යයන්ගේ ඇස් පැහැදවීමය.

හිතෝපදේශ 12:28
ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.

හිතෝපදේශ 15:9
දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.

ප්‍රේම කරනවා යනු සියලු යහපත් දේ දෙවියන්වහන්සේ අපට දීමය. යොහාන් 3:16

හිතෝපදේශ 21:3 ධර්මිෂ්ඨකම කරන්නා නිතරම ධර්මිෂ්ඨ ක්‍රියා කරනු ලබයි. යහපත් දේ හරි දේ කරයි

හිතෝපදේශ 21:21
ධර්මිෂ්ඨකමේ මාවතෙහි යන්නාට කරුණාව, ධර්මිෂ්ඨකම හා ගෞරවය නිසැකවම ලැබේ

1 ) උන්වහන්සේ ජීවමාන බව අපි දැන සිටීම වැදගත්.

යේසුස්වහන්සේ පැමිණ පෙන්නුවා දෙවියන්වහන්සේ යහපත පමණයි කරන්නේ කියා.

ක්‍රියා 10:38
යේසුස්වහන්සේ ශුභාරංචිය ප්‍රකාශ කළා සේම උන්වහන්සේ රෝගීන් සුවකරා, යක්ෂයින් දුරුකරා එසේ කරමින් දෙවියන්වහන්සේ යහපත් බව පෙන්නුම් කරා

මාර්ක් 12:27
උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේය. නුඹලා බොහෝසේ වරද්දාගන්නහුයයි කීසේක.

ඔබගේ යාච්ඤාවන් දෙවියන්වහන්සේ අසා සිටිනවා

හොෂෙයා 4:6 - අපගේ ජීවිතයට නිතරම දැනුම එකතුකර ගතයුතුයි.

යොහාන් 14:6 අප නොදන්නා දේ දෙවියන්වහන්සේ අපට පෙන්වා දෙනවා.

2 කොරින්ති 5:17

එපීස 4:24 තවද, දෙවියන්වහන්සේගෙන් පසුව ධර්මිෂ්ඨකමින් හා සැබෑ ශුද්ධකමෙන් මවන ලද අලුත් මනුෂ්‍යයා ඔබ පැළඳගන්න.

කොලොස්සි 3:10
අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය


Watch the Sermon Video

Read 473 times