Print this page

පවුල් ජීවිතය රැක ගන්නට අවවාද - මනූ මැතානි
May 15, 2022 Sunday Sermon Notes


අපට සමාදානය දෙන්නේ ස්වාමීන්වහන්සේමයි.

ලෝකයා තුළ තිබෙන්නේ තාවකාලික සමාදානයයි.

අපට දෙවියන්වහන්සේ ආශීර්වාද කර තිබෙන්නේ දිව්‍යමය සමාදානයෙන්.

යොහන් 14:27 නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අපට මේ සියලු ආශීර්වාද උරුම වී තිබෙනවා.

එපීස 5:23 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.

එපීස 5:24 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.

එපීස 5:25 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.

හිතෝපදේශ 13:13 දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

අපි කා සමඟ ද මිත්‍රත්වක් ගොඩ නගා ගන්නේ ද?

අපි වගකීමක් ඇතුව ජීවත් වෙමු.

අපගේ විශ්වාසය ස්වාමීන්වහන්සේ මත තබමු.

අපි දේව දරුවන් නිසා අන් අය ඉදිරියේ හරියාකාරව ජීවත් වෙමු.

අපි උන්වහන්සේගේ දරුවන් ක්ර තිබෙනවා. අපගේ අවයවයන් හිරි දේට පාවිච්චි කරමු.

ගීතාවලිය 55:12 මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි.

ගීතාවලිය 55:13-15
13 නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ නුඹමය.
14 අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.
15 හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා. මක්නිසාද දුෂ්ටකම ඔවුන්ගේ වාසස්ථානයෙහි, ඔවුන් මැද, ඇත්තේය.

ඔබේ ජීවිතයේ ප්‍රතිපත්ති කිසිදා වෙනස් නොකරන්න.

විවාහය ගිවිසුමක් නිසා ඒ නිවස තුළ ස්වාමීන්වහන්සේගේ ප්‍රතිපත්ති තිබිය යුතුයි

1 පේත්‍රැස් 3:2 ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.

දෙවියන්වහන්සේ අපට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ......

1 කොරින්ති 16:12-14

1 තෙසලෝනික 5:16 නිතරම ප්‍රීතිවෙන්න;

හෙබ්‍රෙව් 12:5-9
5 ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.
7 නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද?
8 එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය.
9 තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?

හෙබ්‍රෙව් 12:5‭-‬9

හෙබ්‍රෙව් 12:10‭-‬12
10 මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
11 කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.
12 එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.

1 තෙසලෝනික 5:17 නොකඩව යාච්ඤාකරන්න.

1 තෙසලෝනික 5:18-19
18 සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
19 ආත්මයාණන්වහන්සේ නොනිවන්න;

1 තෙසලෝනික 5:20‭-‬21
20 අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;
21 සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;

1 යොහන් 4:1 ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

1 තෙසලෝනික 5:22 සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න

* අවදිවන්න

* පුරුෂයන් මෙන් ඇදහිල්ලෙන් සිටින්න

* ශක්තිමත්ව සිටින්න

* සියල්ල ප්‍රේමයෙන් කරන්න


Watch the Sermon Video

Read 462 times