Print this page

මේ කරුණ උදෙසා එළිදරව් වුණේ කි‍්‍රස්තුස්


මේ කරුණ උදෙසා
එළිදරව් වුණේ කි‍්‍රස්තුස්

නපුරාගේ ක්‍රියාවන් විනාශ කරන්නයි
ක්‍රිස්තුස් අප තුළ ජයගෙන ඇත්තේ
සතුටින් ගයනෙමි
දෙව් රාජ්‍යය පිළිගනිමින්


එතුම් පාපෙන් ජය ගත්තේ
(හලෙලූයා ජය ගත්තේ)
එතුම් මරණින් ජය ලැබුවේ
(හලෙලූයා ජය ලැබුවේ)
ලෙඩ රෝගෙන් ජය ගත්තේ
(හලෙලූයා ජය ගත්තේ)
සැමකල් රජකරයි යේසුස් 
සැමකල් රජකරයි යේසුස්


යේසුස්ගේ නාමයෙන් අප ජයගත්තේ
අපට භුමිය උරුමයි
එතුමගේ ලේවල බලෙන්

සාතන්හට නැත මෙහි අධිපතිකම්
අඳුර දුරුවී යයි ජය කි‍්‍රස්තුස්ටයි

 

Read 503 times