Print this page

මාගේ පැසසුම සමිඳේ ඔබටයි

මාගේ පැසසුම සමිඳේ ඔබටයි
මාගේ නැමදුම සමිඳේ ඔබටයි
මාගේ ගෞරවය සමිඳේ ඔබටයි
මාගේ ස්තූතිය සමිඳේ ඔබටයි  (x2)

මාගේ දෑතේ සවියෙන් කරනා ක‍්‍රියාවන් තුළින්
සැම මහිමය සමිඳේ ඔබටයි
මා මුවින් හා සිතින් කියන කරනා දෙයින්
සැම වර්ණනාව සමිඳේ ඔබටයි  (x2)

සර්වබලධාරී දෙව් රජිඳාණෙනි
මාගේ හඬ අසනා සමිඳු ඔබයි
අති උත්තම වූ සවිබලවත් වූ
මා රැුක බලනා දෙවිඳු ඔබයි  (x2)

 

 

Read 402 times