Print this page

ඔබ මට දුන් පොරොන්දුව


VERSE:
ඔබ මට දුන් පොරොන්දුව මා තදින් අල්ලා ගනිමි
මා සැක නොකරන්නේ - ඔබෙ වචනය සත්‍යය නිසයි
එය ක‍්‍රියාකරන්නට ඔබ විශ්වාසවන්තයි
ඔබතුමන් මාහට පැවසූ සැමදේ
ඇදහිල්ලෙන් දනිමි මා දැන් දකින බැවින්

ඔබ මාහට පැවසූ වදන්
මා විශ්වාස කරන්නෙමි
ඔබහට කරන්න අපහසු දෙයක් නැතේ
ඔබෙ වචනය මා අදහන්නෙමි
මා තුළ එය ජීවමානයි
ඔබහට අපහසු වූ කිසි දෙයක් නැතේ

ඔබෙ වචනය මාගේ හදවතෙහී ලියා ඇතේ
එය මාගෙන් දුරස්ව නොව මා හද පතුලේ පවතී
මගේ පාදයට එය පහනයි - මගේ මාවතට එය එළියයි
යේසුනි ඔබෙ සත්‍යය මා නිදහස් කළේ

 

 

Read 165 times