Print this page

පුදුමයි හරි පුදුමයි

VERSE:
පුදුමයි හරි පුදුමයි - ඔබෙ නොවරිදින ප‍්‍රේමේ
ඔබෙ කුරුසියෙන් මට දයාව ප‍්‍රකාශ කළේ
ඇසට නොපෙනුනත් කනට නොඇසුනත්
සිතට මුළුමනින් නොදැණුනත්
ඔබෙ මහිමෙන් ඔබ කෙතරම් අලංකාරදෝ

අලංකාර සමිඳුට ආදරෙයි
අලංකාර සමිඳු නමදිමි
අලංකාර සමිඳුට මගේ ප‍්‍රාණය ගැයිය යුතුයි (x2)

බලවන්තයි හරි බලවන්තයි
ඔබෙ මහිමෙ සගය පුරවයි
ඔබෙ බලවත් කි‍්‍රයා සැමට විදහා පෙනෙයි
ඔබෙ තේජසේ අලංකාරය
මා හද ගයන්ට පුබුදුවයි
ඔබ කෙතරම් අරුමදෝ පුදුමදෝ

නැවත පුදුම දෙයට නෙත් විවර කළේ
මා හද පේ‍්‍රමෙන් ග‍්‍රහණය කළේ
ඔබ මෙන් අලංකාර කෙනෙකු
මිහිපිට නැතේ

මා ප‍්‍රාණය ගැයිය යුතුයි x3
අලංකාර සමිඳුට

 

Read 59 times