April 5, 2020 Sunday LIVESTREAM (Sinhala)

Song Lyrics: මේ දවසේ - මේ උදයේ - මේ ස්ථානයේ මා ස්වාමීන් නමදිමී x2 ශුද්ධාත්මයේ උපකාරයෙන් මා ජීවත් වන්නෙමි වචනයේ එළිදරව්වෙන් මා බලවන්ත වෙමී හිමි යේසුස් නාමෙන් සවිමත් වෙමින් ඇදහිල්ලෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ.... මේ ලෝකයේ - මේ ද්වීපයේ - මේ නගරයේ යේසුස් නාමය ඔසවමී x2 දිව්‍ය සුවයෙන් හා සඑලත්වයෙන් මා ජීවත් වන්නෙමි පරේමෙන් හා ජීවනයෙන් මා බලවන්ත වෙමී කිතු යේසුස් තුළින් සවිමත් වෙමින් අනුග‍්‍රහයෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ.... . . . උතුම් හිමි මා තුළයි x2 බලවත්වූ ශුධතුමන් මා තුළ ජිවත් වේ (x2) මා භිය නොවන්නෙමි නපුරු සතුරා කරනා සැම තර්ජනයන් කෙරෙහී අප ජය ලබා ගත්තේ බැටළුතුමන්ගේ ලේ තුළින් උතුම්වූ හිමි තුළින් . . . යේසුස් දෙසට මගේ - නෙත් මා ඔසවන්නෙමී සමිඳුන්ගේ නාමෙන් මට - පිහිට ලැබෙන්නේ අහස පොළොව මැවූ - සමිඳුන් මගේ උපකාරය වේ එබැවින් යේසුස් වෙත මගේ - නෙත් මා ඔසවන්නෙමී එතුමාණන් අවදිව සිටිමින් කිසිදා සැතපෙන්නේ නෑ x2 මගෙ පය සෙලවෙන්නේ නෑ මා පැකිළී වැටෙන්නේ නෑ නිදිබරවීමක් හිමිට නැතේ එතුමන් කිසිදා සැතපෙන්නේ නෑ X2 සදාකාලික දෙවිඳුන් මගේ සුරකිනා රැකවරණය වේ x2 මා දවාලේ පීඩා ජයගත්තේ අඳුරු සමයේ විපතින් මා මිදුවේ X2 මා රැක බලනා සවිබල දෙවිඳුන් මා ළඟ සිට ආරක්ෂා කරයි X2 සෑම නපුරෙන් මා ආරක්ෂා කළේ මා යන එන විට සුරැකව තැබුවේ X2 මෙදිනත් සැමදා උතුම්වූ දෙවිඳුන් මා දිවි රැකවල් කර ඇතේ X2 . . . අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන් අපි ගමන් කරන්නේ පෙනීමෙන් නොවේ අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයි (x2) පෙනෙන දේවල් නොවෙයි අපි දකින්නේ නොපෙනෙන දේවල්මයි දකින්නේ අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයි පෙනෙන දේවල් නම් තාවකාලිකයි නොපෙනෙන දේවල් සදාකාලිකයි අපි ගමන් කරන්නේ ඇදහිල්ලන්මයි . . . ඇදහිල්ලේ සතුරන්ට ඉඩ නොදෙන් ඔබෙ දිවි අල්ලා ගන්නට භය හා සැකයට ඉඩ නොදෙන් ඔබෙ දිවි අල්ලා ගන්නට වෙභෙස නොවී ධෛර්යමත් වන්න දෙවිඳු ක‍්‍රියා කරන බව දනිමින් හිමි හා එකඟ වී ඇදහිල්ලෙන් ගමන් කරන් ඔබෙ අවට වාතාවරණය බැලීම නතර කරන් යේසුස් දෙසම බලමින් මෙ දිවීමේ යෙදී සිටිමු x2 එතුම් ඇදහිල්ලේ කර්තෘ හා සම්පූර්ණ කරන්නායි . . #believersfellowship #churchlivestream #pastormanu #manumahtani #yashamanu Follow Believers Fellowship: Facebook: https://www.facebook.com/BelieversFellowshipLk/ Instagram: https://www.instagram.com/believersfellowshiplk/ Twitter: https://twitter.com/BFManuYasha Subscribe to Believers Fellowship's Youtube Channel: https://www.youtube.com/channel/UChd4okPnVjSIgugMZkYG3_w?view_as=subscriber?sub_confirmation=1
Category: LIVESTREAM | Created by: Believers' Fellowship | Hits: 89
Vote now
0.0/5 (0 votes)