+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු - ආත්මික දේවල් වලට ඇලුම් වී සිටීම - යෝෂා මනූ
April 28, 2024 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවත් දෙවියන්වහන්සේය. උන්වහන්සේගේ වචනයෙන් අපව ජීවත්කර ඇත. අපට තිබෙන්නේ උන්වහන්සේට කැපවූ ජීවිතයක් ගත කිරීමයි.

අපගේ ආත්මික ජීවිතයේ මූලික කරුණු වලින් ස්වාමීන්වහන්සේ කෙතරම් යහපත්ද කියා අපට දැනගැනීමට පුළුවන.

අපගේ ඇදහිල්ලේ ගමන දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ගෙනා ආකාරය අපට දැක බලා ගත හැක.

සියල්ල කළාවූ විශ්වාසවන්ත යේසුස්වහන්සේ හට අප ස්තූතිවන්ත වෙමු.

මූලික කරුණු වලින් අත්තිවාරමක් ගොඩනඟා ගැනීම, අලුත් මැවිල්ලක් වීම, ආත්මයෙන් ගමන් කිරීම, ආත්මයෙන් මඟ පෙන්වීම ලබා ගෙන ජීවත්වීම, ආත්මයෙන් නමස්කාර කිරීම, ආත්මයෙන් අලුත් ආකාරයෙන් සේවය කිරීම යන කරුණු අප හැදෑරුවෙමු.

අද අපි බලමු ආත්මික දේට ඇලුම් වන්නේ කොහොමද කියා.

ආත්මික දේට ඇලුම්වීම ඉතාම වැදගත්ය.

ආත්මික දේට ඇලුම් විය යුත්තේ ඇයි?

ගැළවීම ලැබීමට පෙර අපට තිබුණේ පව්කාර ස්වභාවයකි. අප ජීවත්වූයේ මාංසික දේට ඇලුම්වය.

ආත්මිකව නව උත්පාදනය ලබා ගත් පසු අපගේ ජීවිතය වෙනස් වූයේය. එය සම්පූර්ණ හැරවීමක් විය. දෙවියන්වහන්සේ අපට නව ස්වභාවයක් දෙන ලදි.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් සම්පූර්ණ මිලය ගෙවා නිමකරන ලදි.

අප නව ගිවිසුමේ පොරොන්දු කියවිය යුතුය. ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ක‍්‍රියාව නිමකර හමාරය. එහෙත් බොහෝ අය නොදන්නාකමින් “ස්වාමිනි දෙන්න, දෙන්න” යැයි කියමින් තවමත් අයැදිමින් සිටිති.

අපගේ ආත්මික ගමන සාර්ථකව ගමන් කළ හැකි වන්නේ දෙවියන්වහන්සේගේ ක‍්‍රියාව දැනගැනීමෙනි.

අප නොදැන සිටියහොත් එම නොදන්නාකම අපව බන්ධනයකට අසු කරයි.

අප දැනගත් විට, දන්නා සත්‍යය අපව නිදහස් කරයි.

මෙම ගමනට මාංසාකාර දේවල් එකතුවීමට පටන් ගතහොත් එය මහත් බරක් බවට පත්වේ.

යේසුස්වහන්සේ පැවසුවේ, අපගේ බර උන්වන්සේ පිට තබා අපට සැහැල්ලුවෙන් ගමන් කරන ලෙසයි. (මතෙව් 11:28-30)

1 කොරින්ති 12:3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.

යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව කියන්නට අපට උපකාර කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

අප යේසුස්වහන්සේ ගැළවුම්කරු ලෙස පිළිගත්විට ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත තුළට පැමිණ, අපගේ ආත්මය වෙනස් කරයි.

එමඟින් අප මනුෂ්‍යයාට සුභාරංචිය ප‍්‍රකාශ කිරීමෙන්, අපගේ වාතාවරණය වෙනස් කිරීමටද, යහපත කිරීමටද පුළුවන.

1 කොරින්ති 3:16 නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

අපගේ ආත්මික අපට ගමන ගමන් කළ හැකි වන්නේ, අප තුළට පැමිණ සිටින ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම මතයි.

1 කොරින්ති 6:17 නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

උන්වහන්සේ කිසිදා අපව දාලා යන්නේවත්, තනිකරන්නේවත් නැත. අපට දී තිබෙන පොරොන්දු ඉටු නොකර හරින්නේද නැත.

1 කොරින්ති 6:19-20 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? 20නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

ඔබ ඇවිදින දේව මාළිඟාවකි. දෙවියන්වහන්සේ ඔබ යන යන තැන ඔබ සමඟ යන්නේය.

ඔබගේ ජීවිතය යේසුස්වහන්සේට භාර කළ පසු ඔබ ගතකරන ජීවිතයට ගණන් දීමක් ඇත.

ඔබ පව්කාරයන්ව සිටියදී කළාවු දේවල් දැන් කිරීමට බැරිය.

අප ජීවත්විය යුත්තේ දේව කැමැත්ත අනුවය. අප අපටම අයිති නැත.

අපව යේසුස්වහන්සේ සමඟ කුරුසපත් කර ඇත. (ගලාති 2:20)

රෝම 8 පරිච්ඡේදය තුළ ආත්මයාණන්වහන්සේ ගැන 21 වතාවක් පමණ සඳහන්ව ඇත.

රෝම 5:5 බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

රෝම 8:1 එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

දැන් අප ආත්මික ලෙස ජීවත්වන දරුවන් නිසා ආත්මයෙන් ගමන් කිරීමෙන් අපට කිසි දොස් පැවරීමක් නැත.

8:2 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

වචනාර්ථය අනුව ජීවත් වන කල ඔබට හිමිවන්නේ පරාජය පමණි.

ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ජීවත්වන කල ඔබට ජයග‍්‍රහණය තිබේ, ඔබ නිදහස් කෙනෙකි.

රෝම 8:3
මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.

පරණ ගිවිසුමේ අය සමඟ ආත්මයාණන්වහන්සේ වාසය නොකළ සේක.

යම් යම් අවස්ථාවලදී ක‍්‍රියාවන් කිරීමට පමණක් ආත්මයාණන් වහන්සේ පැමිණ එය නිමවු පසු නික්ම යන ලදි.

දාවිත් ගොලායත් පරාජය කිරීමේදී ආත්මයාණන්වහන්සේ දාවිත් තුළින් ක‍්‍රියා කළේය.

සිම්සොන් තුළට ආත්මයාණන් පැමිණි කල ස්වාමින්ගේ ශක්තිය උහු තුළ ක‍්‍රියා කළේය. (විනිශ්චයකාරයා 14:6, 19, 15:14)

නව ගිවිසුම තුළ ආත්මයාණන්වහන්සේ අප තුළ සිටිමින් බලවත් ලෙස ක‍්‍රියා කරයි.

8:4-5 එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. 5මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

ආත්මික දේවල් වලට ඇලුම් වී සිටීමෙන් ඔබගේ මනස ආත්මික දේවල් වලට රඳවා තැබිය හැකියි.

අපට ආත්මික හැරීමක් දෙවියන්වහන්සේ දුන් පසු අපගේ මනස අප විසින් වෙනස් කර ගත යුතුය.

දේව වචනයේ ඇති පොරොන්දු දැනගෙන, ඒ තුළ පැවතෙන කල අපට ඒ පොරොන්දු අත්පත් කරගත හැකිය.

අලුත් මනුෂ්‍යයා අලුත් දේ කෙරෙහි ඇලුම්විය යුතුයි.

මාංසයට ඇලුම්වන්නා තුළ ඇත්තේ නිතරම ඇල්මැරුණු, ලෙඩ රෝග තිබෙන පරාජිත සහිත ජීවිතයකි.

මාංසයේ තෘෂ්ණාවන් තුළ ජීවත්වීමෙන් මරණය ගෙන එයි.

යේසුස්වහන්සේ පැමිණියේ අධික ජීවනය දීමටයි. එහෙත් යක්ෂයා එන්නේ සොරකම් කරන්ටත්, මරන්ටත්, විනාශකරන්නටත්ය. (යොහන් 10:10)

යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබ තුළ ඇති සත්‍යයේ වචනය සොරකම් කිරීමටය.

ඔබ සත්‍යය නොදැන සිටිනතාක්, යක්ෂයා ජයග‍්‍රාහිකයි. ඔබ සත්‍යය දැනගත් විට, ඌ පරාජය වෙයි.

මාංසයේ ඇල්ම මරණය හෙයින්, මාංසාකාර දේවලට මුල් ස්ථානය නොදෙන්න.

ආත්මික දේ වලට ඇල්ම ජීවනය හා සමාදානය ගෙන එයි.

රෝම 8:6-8
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. [7] කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය. [8] මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය.

මාංසාකාර දේ වලින් වෙන්වී ආත්මික දේ වලට ළං වුවහොත් අපි දෙවියන්වහන්සේගේ මිතුරන් බවට පත් වන්නෙමු.

අප තවමත් මාංසාකාරව ජීවත්වන්නේ නම්. සතුරට පහර ගැසීමට අප ඉඩ සලසා දෙයි.

මාංසය කවදාවත් දේව වචනයට කීකරු නොවන්නේය.

මාංසාකාරව ජීවත් වීමෙන් අප දරන්නේ මාංසයේ ඵලය.

මාංසයේ දේ කවදාවත් දෙවියන්වහන්සේ තෘප්තිමත් කරන්නේ නැත.

1 කොරින්ති 2:14
නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.

ආත්මික දේ තේරුම් ගන්නට නම් ඒ පුද්ගලයාගේ ආත්මික ඇස් විවර විය යුතුය.


Watch the Sermon Video

Read 50 times