+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

මේ මුළු විශ්වයේම මැවුම්කාර  දෙවියන්වහන්සේ ඔබට මෙසේ කියයි: ‘යාච්ඤාවෙන් මට හඬ ගසන්න, එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ තවමත් නොදන්නා ශ්‍රේෂ්ඨ හා බලවත් දේ මම ඔබට පෙන්වන්නෙමි.’ යෙරෙමියා 33:3  ඔබේ මනසේ පැන නගින ප්‍රශ්නවලට ඔබට පිළිතුරු අවශ්‍යද? දෙවියන්වහන්සේ පවසන්නේ, “ඔබට අවශ්‍ය පිළිතුරු සියල්ලම මා සතුව ඇත.” උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ යාච්ඤාවෙන් හඬ ඔසවමින් දෙවියන්වහන්සේට කීමයි.

වචනය මෙලෙස පවසන්නේය, නපුරුකමෙන් පරාජය නොවී, (නපුරෙන් ග‍්‍රහණය නොවී) යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න. 

යහපත් සිතුවිල්ලක්ද, යහපත් ප‍්‍රතිරූපයක්ද රැගෙන ඔබේ මනසද, හදවතද එයින් පුරවා ගන්න. එසේ කරන විට, අයහපත් ප‍්‍රතිරූප පහවී යනු ඇත.

"මනුෂ්‍යයෙකුගේ හදවත (සිත) ඔහුගේම වචන වලින් අපවිත‍්‍ර විය හැකියැ"යි යේසුස්වහන්සේ මතෙව් 15:11 පැවසූසේක. 

වෙනත් වචන වලින් කිවහොත් ඔබව අපවිත‍්‍ර කරන්නේ ඔබ ආහාරයට ගන්නා දේවල් නොවේ. ඔබ කතා කරන්නාවූ දේවල්ය.