+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

Welcome to Believers’ Fellowship, with Manu Mahtani as founder and Teacher, along with his wife Asha and their daughters, Shamma and Shalome. We are so glad you are here!
Our vision is to spread the message of the Kingdom of God through Faith Building Messages and Songs of Praise and Worship, which also includes ministry to Children.
We believe that you will be Encouraged and Equipped with the Truth of God’s Word that will enable you to be a Winner in every area of your life!
JOIN US ON SUNDAY
8 AM - Sinhala
11 AM - English
BELIEVERS FELLOWSHIP
1st Floor, 28 Galle Road, Dehiwala South, Sri Lanka.
WATCH LIVE
English Service
Sinhala Service
Sinhala Bible Study
Our desire is to lead people to praise and worship our Creator, through lyrics inspired by revelation of the Word and Holy Spirit and with Dynamic and Life-changing teachings that will strengthen your faith and bring wisdom to everyday living.
We pray that the Lord ministers to you through these songs and sermons!
HEALING SCRIPTURES AND CONFESSIONS
Healing Confessions
Sinhala Healing Audiobook
BELIEVERS FELLOWSHIP BOOKSTORE

Believers' Fellowship Bookstore has one central goal in everything it does - that is to glorify God. We believe that God can use books, songs, and inspiring messages through audio and video or even through a scripture poster and much more to minister and change lives.
We are open daily Monday to Friday from 9.00 am to 5.30 pm, Saturdays from 9.00 am to 1.30 pm.
For postal delivery (local and international) please contact us.
Greetings
I am writing about your kids YouTube channel called Raising Champions.
Thank you for the good work you are doing and specifically appreciate all the teachers that train those kids. A big thank you to the pastoral team more so the one related to kids and teens, keep up the good work.
Please pass the message to them.
මම ජුකී මැෂින් එකක් ගන්නවා කියන විශ්වාසයෙන් සිටියා. නමුත් මගේ අතේ ඇති මුදලට එය ලබා දෙන්න ඒ අය කැමතිවුණේ නැහැ. ඉරිදා මම ඇවිල්ලා ඒ ගැන කියලා සිස්ටත් එක්ක යාච්ඤා කළා.
මම ඒක මිලදී ගන්න පළමු වර ගිය අවස්ථාවේ ඒ අය කිව්වා මගේ අතේ ඇති මුදලට එය දෙන්න බැහැ මොකද එය හොඳ මැෂිමක් කියා.
මම ඉරිදා යාච්ඤා කරගෙන ගියාට පස්සේ සඳුදා ඒ අය මගේ මහත්තයට කියා තිබෙනවා අතේ ඇති මුදල දීලා ඒක අරගෙන යන්න ඉතුරු ටික පස්සේ දෙන්න කියලා.
මම දෙවියන්වහන්සේට ස්තූති කරනවා දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවට පිළිතුරු දීලා මැෂින් එක ලබා දුන්නාට.
දෙවියන්වහන්සේ ට ස්තුති වේවා!
ඒක පිළිකා තත්වයක්....මීට අවුරුදු 10කට කලින් වම් පියයුරු වල ගෙඩියක් තිබිලා ඉවත් කළා. ඒක බයොප්සි ටෙස්ට් එකෙන් කිව්වා එවෙලේ පිළිකා සෛල නැහැ තව අවුරුදු 2කින් විතර නැවත බයොප්සි එකක් කරන්න කියලා. අවුරුදු 10ක් යනකල් මට ඒක කරන්න අමතක වුණා.
නැවත මට කලින් වගේ රිදෙන්න ගත්තා. කරන්ට් එක වගේ රිදීමක් තිබ්බේ. නිපල් එකෙන් ස්‍රාවයක් එනවා සැරින් සැරේ. ඩොක්ට රෝග ලක්ෂණ අහපු ගමන්ම ටෙස්ට් වලටත් යන්න කලින්ම තීරණය කළා.
ඊට පස්සේ දෙවියන්වහන්සේ මට නිතරම මුනගැස්සෙන්න සැලැස්සුවේ පිළිකාව තියන අය. මට ඒ කාරණා තේරුම් ගියා.
ඊට පස්සේ තමයි මං සිස්ටර්ට කතාකරලා ඇහුවේ.
දෙවියන්වහන්සේට ස්තුති වේවා! මම දැන් සම්පූර්ණයෙන්ම සුවයි. ඇත්තම කියනවා නම් සිස්ටර් මම කිසිම බෙහෙතක් පාවිච්චි කළේ නැහැ. යාච්ඤා වත් සුවයේ පද ප්රකාශකිරීමත්. මගේ වාතාවරණය අමතක කරමින් දෙවියන්වහන්සේව වර්ණනා කරමින් නමස්කාර කළා. දිගින් දිගටම මේ විදියට කළා.
සිස්ටර් මට මේ එවලා තිබුණේ බයිබල් පද අතරින් මම නිතරම පාවිච්චි කළේ රෝම 8:11. “යේසුස්වහන්සේ නැගිටෙවු තැනැන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මා තුළ වාසය කරන බැවින්” කියන බයිබල් පදය.
ටික ටික මාව සුව වෙන්න ගත්තා. මට තිබුණු වේදනා පහව ගියා. මගේ ශරීරයට දැනෙන්න ගත්තා මාව සුව බව.
එක් දවසක් මං උන්වහන්සේට පැය ගානක් තිස්සේ ගීතිකා කියමින් උන්වහන්සේ මගේ ජීවිතේ තුළ කළ, කී, දෑ සිහි කරමින් ලස්සන නමස්කාරයක් එසෙව්වා. ඒ නමස්කාරය අවසානයේ මාව සුව කළ බව උන්වහන්සේ මට කිව්වා.
ඉතින් සිස්ටර්, මාව මේ විදියට ගොඩ නැගුවේ සිස්ටර්ගේ වචන. දෙවියන්වහන්සේට සිස්ටර් ගැන බොහෝ ස්තුති කළා, ස්තුති කරනවා. තව තවත් සිස්ටර් ඇතුලු පවුලේ සැම විසින් ගෙන යනු ලබන සේවය තවත් පුලුල් කරගෙන යන්නට හැකියාව ලැබේවා!
තව දෙයක් තමයි සිස්ටර්, මං මේ වාතාවරණය දැනගත්තු වෙලේ ඉඳලා ඩොක්ටට ඇර වෙන කිසි කෙනෙකුට කිව්වේ නැහැ. දරුවෙකුටවත් කිව්වේ නැහැ. සිස්ටර් කිව්වා වගේම රෑ මැදත් නැගිටගෙන අන්‍ය භාෂාවෙන් යාච්ඥා කළා.
සුවය ලැබුවට පසුවත් මං දෙවියන්වහන්සේ එක්ක ඒ සතුටත් ප්‍රීතියත් තනියම රසවින්දා. සෑහෙන්න දවසක් ගියාට පසුවයි ගෙදර අයට, අන් අයට මේ සාක්ෂිය කිව්වේ.
දෙවියන්වහන්සේගේ ආදරය, යහපත්කම පුදම විදියට දැනුණා ඒ බයිබල් පද මෙනෙහි කරද්දි උන්වහන්සේ සැබවින්ම යහපත්!
දෙවියන්වහන්සේට සියලු ගෞරවය ඔසවනවා. සිස්ටර් ඇතුලු සභා පවුලටත් යේසු පිහිටයි!
මගේ මිනිබිරී, දුවගේ දුව, හග්ගල කියන ප්‍රදේශයේ නවතින්නට ස්ථානක් සොයාගෙන හිටියා. බොහෝ දෙනෙක් කීවේ “මේ හග්ගල උද්‍යානය කිට්ටුවෙන්ම තැනක් හොයා ගන්නට නම් අමාරු වෙයි” කියා.
නමුත් මම මගේ දෙවියන්වහන්සේට යාච්ඤා කළා, “ස්වාමිනි ඔබවහන්සේට පුලුවන් ඇයට ඒ ළඟින්ම නවතින්නට සුදුසුම තැනක් සොයා දෙන්නට” කියා.
ඒ වගේම ස්වාමීන්වහන්සේ මගේ හඬ අසා, මා විශ්වාස කළ ආකාරයටම උද්‍යානය ළඟම ඇයට නවාතැනක් ලබා දුන්නාට මම ස්තූති කරනවා. සියලු මහිමය උන්වහන්සේට පුදමි.
සති තුනකට ඉහතදී මාගේ බිරිඳට ඩෙංගු උණ සෑදී රෝහල් ගත විය. නේවාසික ප්‍රතිකාර ලබා සති 3ක් විවේකීව සිටින පිණිස නිවස කරා පැමිණියත් දින තුනකට පසුව මටද ඩෙංගු සෑදී එය රක්තපාත තත්වය දක්වා උස්සන්න විය.
මා රෝහල් ගත වී සිටින කාලය තුළ පුතාටත් එම උවදුරට මුහුණ දෙන්නට විය. ලොකු දියණියද උණ සෑදී පවුලක් හැටියට අපි සියළු දෙනාටම මහත් පීඩාකාරී කාල පරිච්ඡේදයක් ගත කරන්නට වූවා.
නමුත් බිරිඳ රෝහල් ගතවූ මොහොතේ පටන් මගේ හදවත තුළ සෑම මොහොතකම මෙනෙහි වූයේ දෙවියන්වහන්සේගේ වචනයයි. “අහස පොළොව පහව ගියත්, මාගේ වචනය පහව නොයන්නේය.” “පෙනෙන දේ කාලිකයි, නොපෙනෙන දෙය සදාකාලිකයි” යැයි නිතරම සිහිපත් විය. “බිය වෙන්න එපා, කැලඹෙන්න එපා” කියමින් දෙවියන්වහන්සේ මට නිතරම කතා කළා.
කොපමන අභියෝග මධ්‍යයේ වුවද මම වචනය විශ්වාස කළා. බිරිඳට විවේක ගත යුතු කාලය තුළ ඇයට මුහුණ දෙන්නට වුණ අභියෝග වලට දේව කරුණාව මිස මනුෂ්‍ය ශක්තියෙන් නම් කිසිවක් කළ නොහැකියි. ඇයගේ අයදීම වුණේ ඇයට ශක්තිය ලබා දෙන ලෙසයි.
ඇයට දිව්‍යමය සුවය ලබා දෙමින් දිනකට වතාවල් තුනක් මාවද බලා, දරුවන්ගේ අවශ්‍යතාවයන් සියල්ල සපුරාලන්ට ඇයට දුන් ශක්තිය සහ දිව්‍යමය සුවය නිසා මම දෙවියන්වහන්සේට හදවතින්ම ස්තූති කරනවා.
වසර 18ක් පුරාවට වචනය තුළ අපිව ගොඩනැගූ Pastor Sister සහ කෑගල්ල සභාවේ සහෝදර ධනුෂ්ක නිසා මම දෙවියන්වහන්සේට ස්තූති කරනවා.
මනුෂ්‍යයන් දෙස නොබලමින් මෙවැනි අභියෝගාත්මක අවදියක ඊට නිර්භීතව මුහුණ දීමට අපට මග පෙන්වූ Pastor Sister ඇතුළු මේ සභාව නිසා මම දෙවිඳුට නැවතත් ස්තුති කරනවා.
මටත් මාගේ පවුලේ අයටත් දිව්‍යමය සුවය දෙමින් පීඩාව තුළින් ජය ගන්නට අපිව අත් නෑර අප ළඟින්ම සිටි මගේ දෙවියන්වහන්සේට මහිමය වේවා! ආමෙන්.
හෙලෝ Sister Yasha, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මගේ මනසේ නිතරම ගීතිකාවක්ද තනුවක් මතකයට එමින් තිබුණා. ඒක ඔයාගේ සිංහල ගීතිකා වලින් එකක්ද කියලා මම ඔයාලාගේ Ministry list එකේ හෙව්වා, නමුත් මට ඒක එතැන හොයාගන්නට බැරි වුණා. ගීතිකාව මෙයයි, "ඔබගේ නාමය උසස්ම නාමය….." වගේ පද තියෙනවා.
මම දැන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඒ ගීතිකාවට ඇහැරෙනවා, නමුත් ගීතිකාවේ නම මම දන්නේ නැහැ?
ඒ ගීතිකාව මොකක්ද කියලා ඔයා දන්නවද කියලා මම කල්පනා කළා! ඒක ලිව්වේ කෙනා කවුරු වුවත්, ඒක ලස්සන ගීතිකාවක්. ස්වාමීන්ට ප්‍රශංසා වේවා!
ඊට පස්සේ මම ඒ ගීතිකාව ඇයට ඇරියා “මේකද කියලා?”
ඇයගේ පිළිතුර මෙයයි,
Sister Yasha ගොඩක් ස්තූතියි. හරියටම ඒ ගීතිකාව තමයි. මම කිව්වා වගේ, ඒක අපේ ස්වාමීන් වන ගැළවුම්කරු යේසුස්වහන්සේට ප්‍රශංසා කරන ලස්සනට ලියපු දෙවියන්වහන්සේගේ ගීතිකාවක්. සංගීතයත් ලස්සනයි, මම සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඒ ගීතිකාවටත් තනුවටත් අවදි වෙනවා!
ෂම්මා සහ ෂාලෝම් ඒකේ ඉංග්‍රීසි අනුවාදයක් කරලා තියෙනවද? ඒ ගීතිකාව නිසැකවම දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් ලියපු එකක්, ඒ වගේම ඔබව නිසැකවම මෙහෙයවනු ලැබුවේ ශුද්ධාත්මයාණන් විසින්මයි. ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!
ඔබගේ දේවසේවය ගීතිකා ලිවීමටත් ඒවාට තනු තාල music හදන්ටත් සැබවින්ම දීමනාවක් තුළින් ආශීර්වාද ලබා තිබෙනවා.
ඔබ හොඳ ක්‍රිස්තියානි ගීතිකා කිහිපයක් සිංහලට පරිවර්තනය කර තිබීමත් හොඳයි. එය පහසු කාර්යයක් නොවන නිසා එය ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ලැබුණු දීමනාවක්. මා සෑම විටම YouTube හි සේවාවන් දෙකම නැරඹීමට සැලසුම් කරමින් සිටිනවා.
සිංහල සේවයේදී මම බලන්නේ ප්‍රශංසාව සහ නමස්කාරයේ පළමු කොටස පමණි. ඉංග්‍රීසි සේවයේදී මම මුළු සේවයම නරඹනවා. ඔබගේ අපූරු සේවය උදෙසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!
මම ජීවමාන දෙවියන්වහන්සේට ස්තූති කරනවා.
පොරොන්දු දුන් තැනැන්වහන්සේ බලවත්ය බව. ගීතාවලිය 91 පරිච්ඡේදය මම නිතර කියවලා එම වචන ප්‍රකාශ කළා. අප පවුල වෙනුවෙන් එම පොරොන්දු මගේම කරගත්තා.
සෑම උදෑසනකම අපේ ගෙදර අය එළියට ගිය විට එයාලගේ ආරක්ෂාව සඳහා මතක්වෙන සෑම මොහොතකදීම ගීතාවලිය 91 පද ප්‍රකාශ කළා.
කාලයක් යද්දි මට හිතුනා “නුඹ” කියන සෑම පදයකටම “මාගේ පවුල” අදාල වන පරිදි “නුඹ” වෙනුවට “මාගේ පවුල” කියා සෑම පදයකටම යොදන්න. එය මම වෙනස් කර ප්‍රකාශ කළා.
උදාහරණයක් ලෙස ගීතාවලිය 91 පලමු පදය
උන්වහන්සේ මාගේ රක්ෂස්ථානයයි
උන්වහන්සේ “මාගේ පවුලේ” රක්ෂස්ථානය කියා ප්‍රකාශ කරන්න පටන් ගත්තා.
පසුගිය සෙනසුරාදා අප ගමනක් ගිහින් වාහනේ එනවිට රියදුරු අසුනේ පුතා වාහනය පදවමින් සිටියා. ඔහු වාහනය මදක් වේගයෙන් අරන් ගියා. පාර පැහැදිලිව තිබුණා. අප සාමාන්‍ය වේගයෙන් රිය පදවමින් ඉදිරියට එන විට නොසිතූ මොහොතක ක්ෂනිකව වාහනයක් යූ ටර්න් එකෙන් එක ක්ෂනයකින් පාරට දැම්මා.
මොකද කරන්නේ කියලා සිතාගන්නවත් බැරි මොහොතක උන්වහන්සේ ඔහුට ප්‍රඥාව දුන්නා. විශාල අනතුරක් වෙන්න යන්නේ කියලා ඇස් ඉදිරියේ පෙනෙද්දීම පුතා ක්ෂනිකව වාහනේ අනිත් පැත්තට කැපුවා.
ඒ මොහොතේ එම පැත්තේ එක වාහනයක්වත් නොතිබුණු නිසාත්, අනිත් වාහනේ අපේ වාහනේ බද දෙසට එන බවත් පෙනෙමින් තිබියදීත් අප වාහනේ ඉදිරියට ඇදීගෙන ගියා. ඒ මොහොතේ අපට දැනුනා අප වාහනේ ඉදිරියට ඔසවලා තැබුවා මෙන්.
මම උන්වහන්සේට ස්තූති කරනවා පුතාට දුන්න ප්‍රඥාව නිසාත්, සියලු මාර්ග වලදී අපව ආරක්ෂා කරන පිණිස දූතයන් තැබූ නිසාත්, අපගේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට අපව උසුලාගත් නිසාත්. ආමෙන්!
මම නයෝමි, 31වැනිදා රාත්‍රී මෙහෙයේදී ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම තුළින් මම බිජයක් වැපුරුවා. දෙවියන්වහන්සේගේ වචනය අනුව වැන්දඹු කාන්තාව මෙන් මගේ අතේ තිබූ අන්තිම මුදල මම විශ්වාසයෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුන්නේ.
ඊළඟ දවසේ 1වැනිදා උදෑසන 9 ට විතර මගේ බැංකු ගිණුමට ඒ වැපූරූ බීජයට වඩා තුන් ගුණයකින් ආශීර්වාදයක් ලබාගත්තා.
සාක්ෂියක් ලෙස මේක අනික් අය සමඟ බෙදා ගන්න.
ඒවගේම මගේ ස්වාමිපුරුෂයාට ටික කාලයක් රැකියාවක් තිබුණේ නැහැ, නමුත් ස්වාමීන්වහන්සේ ඔහුට රැකියාවක් ලබා දී දැන් නොනවත්වා වැඩකරන්නට ඔහුට අවස්ථාවක් ලබා දුන්න නිසා මං දෙවියන්වහන්සේට ස්තූති කරනවා.
මාස පහක් විතර මගේ අත් දෙකේ, ඇඟේ කැසීමක් තිබ්බා. දෙවියන්වහන්සේ මාව සුව කළා. මට නිදාගන්නවත් බැරි තරමට මං මගේ ඇඟ කැසුවා.
දෙවියන්වහන්සේගේ කරුණාවෙන් මං සම්පූර්ණ සුවය ලැබුවා. දෙවියන්වහන්සේට ස්තූති වේවා!
දෙවියන්වහන්සේට ස්තූතී වන්ත වෙනවා ආත්මික මවක්, පියෙක් ඒ වගේම ආත්මික සභාවක් තුළ මාව වර්ධනය කරමින්, පෝෂණය කරමින් ඉදිරියටත් ඉහළටත් රැගෙන යන නිසා.
ඒ වගේම මගේ පළවෙනි ආත්මික පිබිදීමේ රැස්වීමට මගේ දායකත්වය, ශ්‍රමය ඒ වගේම ඒ හැම කාර්යක්ම කරගන්න දෙවියන්වහන්සේ දුන්නා වූ ඒ මග පෙන්වීමට මම ස්තූතී වන්ත වෙනවා.
ඒ වගේම අක්කා පවා මං ගැන සාක්ෂි දීලා තිබ්බා, වචනය තුළ මේ කෙටි කාලය තුළ මගේ වර්ධනය ගැන. ඒ වගේම හැම සේවයක් තුළම, සේවය තුළ කරන්නා වූ හැම කාර්යක් තුළම මගේ දායකත්ව අනිවාර්යයෙන් දෙනවා. God bless Pastor.
මම මුලින්ම දෙවියන්වහන්සේට ස්තුති කරනවා මගේ ස්වාමිපුරුෂයා වෙනස් කර දුන්නාට. මම කියන්නේ මගේ ස්වාමිපුරුෂයාගේ වෙනස් වීම ගැන.
මගේ ස්වාමිපුරුෂයාව, මම දන්න තරමට ඉස්සර පාස්ට හිටපු විදියට තමයි මගේ ස්වාමිපුරුෂයා හිටියේ. එහෙත් මම මගේ දෙවියන්වහන්සේට නිතරම යාච්ඤා කරලා දැන් මගේ ස්වාමිපුරුෂයා වෙනස් වෙලා.
ඒවගේම මගේ ස්වාමිපුරුෂයාට රැකියාවක් නැතුව නිවසටම වෙලා හිටියා. මම නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් සිටියා.
එක පාරටම ස්වාමිපුරුෂයාට ඇමතුමක් එනවා දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවෙන්: “ඔයාට 12, සඳුදා ඉඳලා ජොබ් එකට එන්න කියලා.
මම ගොඩක් සතුටු වුණා. මම දෙවියන්වහන්සේට ස්තුති කරා. මට මගේ දෙවියන්වහන්සේව විශ්වාසයි මගේ ස්වාමිපුරුෂයාව ඉක්මනට ගැළවීම ලබනවා කියලා.
ඒවගේම මගේ මේ පවුලව සතුටින්, ලස්සනට පවුල් ජිවිතය ගතකරන්නට දෙවියන්වහන්සේගේ ශක්තිය ලබා දුන්නට ස්තුතියි.
මගේ දරුවාට ඉගෙනීමේ වැඩ කටයුතු කරගැනීමටත් දරුවාව නිරෝගීව ජීවත් කරාටත් මාවයි මගේ කුස තුළ සිටින දරුවාවත් අරක්ෂා කරාටත් ස්තුතියි! අමෙන්!
දෙවියන්වහන්සේට මම බොහෝ සේ ස්තූති ප්‍රශංසා කරනවා.
පසුගිය වසර පුරාවට උන්වහන්සේ මට සහ මගේ පවුල තුළ පුදුමාකාර ආශීර්වාද කිරීම ගැන, ඒ කියන්නේ හොඳ සුවයෙන්, සමාදානයෙන්, සඵලත්වයෙන් ප්‍රීතියෙන් ජයග්රහණයෙන් ගමන් කරන්නට දීම ගැන ස්තූති කරනවා.
ඒ වගේම දෙවියන්වහන්සේ මගේ දරුවන්ටත් බොහෝ සේ ආශීර්වාද කළා. අපිව ආත්මිකව වර්ධනය කරන පිණිස අපට යහපත් සභාවක් සහ ආත්මික මව, ආත්මික පියා, සහ ෂම්මා,ශාලෝම් නිසා දෙවියන්වහන්සේට ස්තුති කරනවා.
ඒ වගේම අපගේ සභාවේ සිටින සියලුම සහෝදර සහෝදරියන් නිසාද ස්තූති කරනවා. උන්වහන්සේ කොතරම් යහපත් ද අපි හැමෝම එකමුතු කළ නිසා.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාර තුළින් වචනයෙන් සහ ගීතිකා වලින් අපිව ශක්තිමත් කරන නිසාත් ස්තූති කරනවා.
අපිට එක පවුලක් වශයෙන් සහෝදර සහෝදරියන් එකමුතුකමින්, ප්‍රේමයෙන්, සමගියෙන්, සමාදානයෙන් මේ ආත්මික ගමන ස්ථීරව ගමන් කිරීමට, අපි හැමදෙනාටම මග පෙන්වන නිසාද උපකාර කරන නිසාද උපදෙස් දෙන නිසාද ස්තූතියි පියාණනි.
හෙබ්‍රෙව් 6.10 හි, උන්වහන්සේ කියනවා, “මක්නිසාද නුඹලාගේ වැඩයද නුබලා ශුද්ධවන්තයන්ට කලා වූ කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන් වූ ප්‍රේමයද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත” කියා.
දෙවියන්වහන්සේ අපි හැමෝටම බොහෝ සේ ප්‍රේම කරන නිසයි මෙවැනි යහපත් ආශීර්වාද මත් සභාවක් අපට ලබා දී තිබෙන්නේ. ඒ වෙනුවෙන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා.
මම විශ්වාස කරනවා 2026 වසරට අපි හැමෝටම උන්වහන්සේ පුදුමාකාර ආශීර්වාද, බලවත් හාස්කම්, අපි නොදන්නා වු, මහත් වූ, අපහසු දේ පෙන්වා අපිව ආශීර්වාදයෙන් ආශීර්වාදයට, මහිමයෙන් මහිමයට, සඵලත්වයෙන් සඵලත්වයට, ජයග්රහණයෙන් ජයග්‍රහණයට, ගෙන යන බවත්!
ක්‍රියා14.17 හි උන්වහන්සේ කියනවා, “අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී කෑමෙන් ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින් යහපත්කම් කළ බැවින් සාක්ෂි නොදී සිටින්නේ කෙසේද?”
උන්වහන්සේ මගේ පවුල තුළ සහ මගේ සභාව තුළ කළ සියළුම යහපත්කම් නිසාද කරන්නට යන්නා වූ සියළුම යහපත්කම් නිසාද උන්වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා!
යේසුස්වහන්සේගේ නාමයෙන්! ආමේන්! ?
දෙවියන්වහන්සේට ස්තූති වේවා
මම නමින් ජයනි ඇල්ලෙපොල. මම මගේ සාක්ෂිය දෙවියන්වහන්සේට ස්තූතිදීම උදෙසා යොදා ගනිමි.
මම මවක්, බිරිඳක්, දියණියක්, ගෘහණියක්, ගුරුවරියක් ලෙස ලෝකයේ බොහෝ කාර්ය බහුල ජීවිතයක් ගත කරමින් සිටි අයෙකි.
මීට වසර දෙකකට පමණ පෙර මම පවුලෙන් රැකියාවෙන් දුරස්ව තනිව දුකින්, අසරණව සිටි දිනෙක උන්වහන්සේගේ දේව වචනය YouTube මාධ්‍යය හරහා අප සභාවේ සිස්ටගේ කටහඬින් ගීතිකාවක් අසන්නට ලැබුණා. එය අප කවුරුත් දන්නා ”මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමෙට ......” ගීතයයි.
මා මින් පෙර කවදාවත් අසා නොතිබුණු එම පදමාලා මගේ සිත දෙවියන්වහන්සේ සොයන්නට පෙළඹෙව්වා.
ඒ ගීතිකා තුළ දේව වචනය ඇති බව මා දැන සිටියේ නැත. ඒ ගීතයේ පසුපස ඇදී ආ මම, අද මේ වන විට උන්වහන්සේගේ ප්‍රේමය තුළ ගැළවීම ලබා සිටිමි. මා පමණක් නොව, මගේ දරුවන් සහ මවද දෙවියන්වහන්සේ තුළ නව ජීවනය ලබා ඇත. මාගේ මුළු පවුලම උන්වහන්සේ ගළවාගත් නිසා ස්තූති ප්‍රශංසා පුද කරමි.
දේව වචනයෙන් අපව පෝෂණය කරන අපගේ සභාවේ දේවගැතිතුමන් වන පාස්ටර් මනු මැතානි ඇතුළු පවුලේ සියළු දෙනාටම ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
අප අනගි සභාවේ සියළු දෙනාටමත් මාගේ පවුලේ ස්වාමියා, දරුවන් ඇතුළු සියලු දෙනාමත් මුළු හදින්ම ස්තූතිය පුද කරමි.
පිලිප්පි 4 වන පරිච්ඡේදයේ සඳහන් අයුරින්ම මම දෙවියන්වහන්සේට ප්‍රීතියෙන් ස්තුතිදීමෙන් ගුණ වර්ණනා කරමින් එතුමාණන්ට මහිමය දෙමි.
දෙවි පියාණනී, ඔබවහන්සේට ස්තූතිවේවා! දේව වචනය නිසා මට ලැබුණු සතුටට, සමාදානය, සුවය, සඵලත්වය සහ සැනසීම නිසා ස්තූතිවේවා!
ගෙවුණු 2025 වසර උදෙසා ස්තූතියි! ලබන්නාවු නව වසර යහපත් කරන නිසා ස්තූතියි!
පිලිප්පි 4:4-7 කියන ආකාරයෙන්ම මම යාච්ඤාවෙන්ද, සාකෂි දීමෙන්ද උන්වහන්සේ තුළ ප්‍රීතිවෙමින් දේව රාජ්‍ය, දේව වචනය තව තවත් පැතිරීම උදෙසා බීජ වපුරමින්ද, මුළු පවුලක් ලෙස ඔබවහන්සේට දණ නමා ආචාර ප්‍රශංසා දෙමින් සේවය කරන්නට ඔබවහන්සේ මා හට දුන්නාවු අනුග්‍රහය නිසා ස්තූති ප්‍රශංසා කරමි. දෙවිඳුන්ට ස්තුතිවේවා! ප්‍රශංසා වේවා! මහිමය වේවා!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්!
පසුගිය ඉරුදිනක මම සභාවට එන්ට සිටියත්, උණයි ඔලුවේ කැක්කුමයි නිසා මට එන්න බැරිවුණා. මම ෆාමසියෙන් බෙහෙත් ගත්තත් මට හොඳ වුණේ නැහැ. මට හොඳටම උණයි ඔලුවේ කැක්කුමයි තිබුණා.
බදාදා රාත්‍රියේ අම්මයි මමයි එකතුවෙලා සිස්ටගේ සුවයේ ගීතිකා දාලා අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් යාච්ඤා කරමින් සිටින විට, මගේ වේදනාව මට දරාගන්න බැරුව මට ඇඬුණා. මට දැනුණා මගේ ශරීරයෙන් මොකක් හරි දෙයක් පිට වුණා වගේ.
මගේ ඇගේ තිබුණු රස්නය එවෙලෙම පිට වෙලා මට දාඩිය දාලා මගේ උණයි ඔලුවෙ කැක්කුමයි එවෙලෙම සුවවුණා.
මම එහෙම්මම නිදා සිටිය තැනින් නැගිටලා මගේ දෙවියන්වහන්සේට ස්තූති ප්‍රශංසා කළා. දෙවියන්වහන්සේ අපේ හඬ අසනවා. උන්වහන්සේ ජීවමානයි. ආමෙන්!
When I was crossing the road with my friend in front of my school, suddenly my friend shouted and pulled me towards the pavement. When I turned and looked back at the road, I saw a biker standing on the road with his bike, and his number plate and mud-guard were on the ground. I was so surprised to see such a thing without me noticing. Then I asked my friend what happened? She said that I got hit by the by the bike and his license plate and tyre guard broke because it knocked me. I was so amazed to hear that cause I didn't feel anything at all. Not even a little pain. The security guard in our school came and asked me whether I was okay and our school headmistress also came and asked whether to put CctV and checked what happened? I told them I don't wanna check any CCTV or anything. Cause i was totally fine, and I didn't feel anything. There was a small wound on my leg, but It didn't really be painful, too. I didn't even put medicine to my wound. It was God who healed my wound and protected me. In Psalms 91:11 and 12, it says that the Lord gives his angels charge over me, to keep in all my ways and they shall bear me up with their hands, let not me dash my foot against a stone. So I thank God for his protection.
Amen
මම මගේ මිතුරිය සමග මගේ පාසල ඉදිරිපිට පාරෙන් එහා පැත්තට යන අතරදී, එකපාරටම මගේ මිතුරිය කෑ ගහලා මාව පදික වේදිකාවට ඇදගත්තා.
මම පාර දිහාවට ආපහු හැරී බලන කල, මොටර් බයිසිකල් කාරයෙක් තමාගේ බයිසිකලයත් එක්ක පාරේ හිටගෙන එයාගේ බයිසිකලයේ number plate එකයි tyre guard එකයි (අංක තහඩුව සහ ටයර් ආරක්ෂකය) බිම වැටිලා තිබුණා දැක්කේ.
මං පුදුම වුණේ මට නොදැනුවත්වම ඒ වගේ දෙයක් දැක්ක නිසයි. ඉතින් මං මගේ මිතුරියගෙන් ඇහුවා, “මොකද වුණේ?” ඇය කිව්වා, “මාව බයිසිකලේ හැප්පුනා” කියලා, ඒකයි එයාගේ number plate එකයි tyre guard එකයි කැඩුණේ. මං ඒක අහලා පුදුම වුණා, මොකද මට කිසිම දෙයක් හැඟුනේවත් නැහැ, පොඩි වේදනාවක්වත් දැනුනේවත් නැති නිසයි.
අපේ පාසලේ Security Guard (ආරක්ෂක නිලධාරිය ඇවිත් මගෙන් ඇහුවා, “මං කොහෙමද” කියලා අපේ පාසලේ headmistress (ප්‍රධාන ගුරුවරියත්) ඇවිත් ඇහුවා, “අපි CCTV එකෙන් බලමුද මොකද වුණේ කියලා?”
මං කිව්වා, “මට CCTV එකෙන් බලන්න ඕනේ නෑ, මොකද මම හොඳින් ඉන්නවා, මට කිසිම දෙයක් දැනුනේවත් නැහැ.” මගේ කකුලේ පොඩි තුවාලයක් විතරයි තිබුණේ, නමුත් ඇත්තටම ඒක රිදුනේවත් නැහැ.
මගේ තුවාලෙට බෙහෙත්වත් මං දැම්මේ නැහැ. මගේ තුවාලය සුව කළේ දෙවියන්වහන්සේ. මාව ආරක්ෂා කළේ දෙවියන්වහන්සේ. ගීතාවලිය 91:11 සහ 12 පදවල පවසන්නේ, “ස්වාමීන්වහන්සේ තමාගේ දූතයන්ට මක්නිසාද මගේ සියලු මාර්ගවලදී මා ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට මා ගැන අණදෙනසේක. ඔව්හු මගේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට මා උසුලාගන්නෝය.”
ඉතින් මම දෙවියන්වහන්සේගේ ආරක්ෂාව උදෙසා ස්තූති කරනවා. ආමෙන්!
Sister Asha. හැමදාම අපව මගපෙන්වන දේව වචනය නිසා ස්තුතීයි. එම වචනය අපට බොහෝ ආශීර්වාදයක්. අපට මගපෙන්වන ඔබට ස්තුතීයි. දෙවීයන් වහන්සෙගේ ආශීර්වාදය ඔබලාට වැඩියෙන් ලැබෙන්න කියලා දෙවීයන් වහන්සෙගෙන් ඉල්ලනවා.
ඔබ වහන්සේ දී ඇතී සුවය නිසා ස්තුතියි ස්වාමීනි.
ඔබවහන්සේ කරණකොටගෙන සැබවින් මා ශක්තිමත් යොවෙල් 3.10 ගීතිකාවට මම හරිම කැමතියි.
පැහැදිලි එළිදවිව නිසා ස්තුතියී. ස්වාමීනී.
මාව ශාපයෙන් නදහස් කර නිසා ස්තුතියි යේසුනි.
Sister Asha. Thank you for the Word of God that guides us every day. That word is a great blessing to us. Thank you for guiding us. I ask God to bless you more.
සිස්ට, මාස 7 ක් පුරාවට මට දේව වචනය කිය දෙමින්, මාගේ සෑම ප්‍රශ්නයකදීම මා ලගින් සිටිමින්, මා වේදනාවෙන් සිටින විට, මා අධෛර්යමත් වන විට, මාව දේව වචනය තුළින් සිස්ට මාව ශක්තිමත් කළා. ඒ වගේම අද මම මුහුණ දෙන ප්‍රශ්න වලදී මට, මාගේ පවුලේ අය වෙනුවෙන් යාක්ඤා කරමින්, මග පෙන්වමින් සිස්ට, පාස්ට ගොඩක් මට උදවු කළා. සිස්ට නිතරම දේව වචනය තුළින් සෙවනැල්ලක් වගේ මා ලගින් සිටියා. සිස්ට ඔයා, පාස්ට මටකරපු මේ සෑම උදවුවකටම ගොඩක් ස්තුතියි. සිස්ටට, පාස්ට, ඇතුළු මුළු පවුලටම දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය තව තවත් ලැබේවායි කියා යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා. සිස්ට ඇතුළු මුළු පවුලටම
යේසු පිහිටයි❤️❤️
Sister you have been teaching the Word of God to me for 7 months, staying close to me in all my problems, strengthening me through the Word of God when I am in pain, when I am discouraged. Also, in the problems I face today, Sister, Pastor you helped me a lot by praying and guiding me for my family. Sister was always close to me like a shadow in the Word of God. Sister, thank you so much for all this help. In the name of Jesus, I pray that God the Father will continue to bless the whole family, including Sister and Pastor. To the whole family, including Sister Jesus' blessings!















