+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රශංසාවෙන් දේව අභිමුඛයට ඇතුල් වන්න!

1_E.png

ගීතාවලිය 100:4 පවසන්නේ, ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්. 

දොරටුව යන වචනයේ හෙබ්‍රෙව් අර්ථය දොරකඩ යන්නයි.

දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුල්වීමේ දොරටුව යේසුස්වහන්සේය. 

යොහන් 10:7, 9

අපට ස්තුති දීමෙන් උන්වහන්සේගේ අභිමුඛයටම පැමිණිය හැකිය.

අපි යේසුස්වහන්සේ තුළින් නිතරම උන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව දෙවියන්වහන්සේට ඔප්පුකරමු. හෙබ්‍රෙව් 13:15

ඔබේ ස්තුති පූජාව උන්වහන්සේ වෙත ගෙන එමින් උන්වහන්සේගේ අලංකාර නාමයට ප‍්‍රශංසා පුදන්න (ආශීර්වාද කරන්න)!

අපගේ යාච්ඤාව ආරම්භ කළ යුත්තේ මෙලෙසයි, උන්වහන්සේට ස්තුති දී ප්‍රශංසා කිරීම සහ ආශීර්වාද කිරීම මගින් උන්වහන්සේගේ අභිමුඛයට ඇතුළු වීමෙනි.

දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වන ආකාරය යේසුස්වහන්සේ යාච්ඤාවෙන් අපට ඉගැන්වූසේක. 

උන්වහන්සේ මතෙව් 6:9 හි මෙසේ පැවසූසේක: "ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” 

අපගේ පියාණන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය පිළිගැනීමෙන් අපගේ යාච්ඤාව ආරම්භ කරමු.

අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ යහපත් නිසාය. 

අපි උන්වහන්සේගේ අලංකාර නාමයට ප්‍රේමයේ ප්‍රශංසා ගී ගායනා කරන්නේ උන්වහන්සේ අලංකාර නිසාය. 

ගීතාවලිය 135:3

ප්‍රශංසාව අවධානය වෙනතකට යොමු කරන්නාවූ දේවල් පලවා හරින අතර දෙවියන්වහන්සේගේ අභිමුඛය අප මධ්‍යයට ගෙන එයි.

ප්‍රශංසාව දෙවියන්වහන්සේගේ සවනට මිහිරි තනු නිර්මාණය කිරීමක් නිසා අපට උන්වහන්සේට ප්‍රශංසා හා ස්තුති ගීතිකා ගායනා කළ හැකිය.

ඔබ, උන්වහන්සේ වෙතට ‘දෙවියන්වහන්සේ, විනිශ්චයකරු, හෝ මැවුම්කරු’ ලෙස ළඟා නොවන්න. එය පුද්ගලයකු සමඟ සම්බන්ධකමක් නැති දුරස්ථ ස්වභාවයක් ඇති මිත්‍රත්වයකි. 

පරණ ගිවිසුමේ සිටි ශ්‍රේෂ්ඨතම ශුද්ධවන්තයන්ටත් වඩා, අලුත් ගිවිසුමේ දෙවියන්වහන්සේගේ නැවත ඉපදුන සෑම දේව දරුවෙකුටම ස්වාමීන්වහන්සේ සමඟ ඉතා සමීප පෞද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගත හැකිය.

එය කොතරම් යහපත් දෙයක්ද? උන්වහන්සේගේ යහපත්කම සහ අනුග‍්‍රහය ගැන ඔබටම මතක් කරදෙන්න. උන්වහන්සේ ඔබ සමඟ කෝප වී නොසිටින බව දැනගන්න. 

ඔබ පව් කළත්, උන්වහන්සේ ඔබව හෙළා දකින්නේ නැත. 

දෙවියන්වහන්සේ ඔබ ගැන ප‍්‍රසන්න වන අතර ඔබට බොහෝ සෙයින් ප්‍රේම කරයි. 

ඔබ උන්වහන්සේගේ අභිමුඛයට ඇතුළු වන විට, උන්වහන්සේ ඔබේ පියාණන් වහන්සේ බව මතක තබා ගන්න!  

ඔබ ඔබගේම අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, උන්වහන්සේගේ යහපත්කම උදෙසා ස්තූති කරන්න!

අලුත් ගිවිසුම අපට අණ කරන්නේ, ස්තුතිවන්තව සිටින්න කියාය. කොලොස්සි 3:15

හලෙලූයා! ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා!

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එය එවීමට බොහෝසෙයින් සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ මෙය SHARE කරන්න! "‘අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න." හෙබ්‍රෙව් 3:13.

[#1)]

Read 554 times