+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(20 වැනි කොටස)

1_E.png

ලියවිලිවල තිබෙන සෑම පොරොන්දුවක්ම යේසුස්වහන්සේට දී ඇත, ඔබ යේසුස්වහන්සේ තුළ සිටින බැවින් ඔබ දිගටම දේව පොරොන්දු කතා කරන්න.

 

මෙම වසරේ අධිෂ්ඨාන කරන්න: "මගේ වචන දෙවියන්වහන්සේගේ වචනය සමඟ පෙළගැසෙන්න සලස්වන්නෙමි, මන්ද මම විශාල ලෙස පසුතැවිලිවීම් සහ විශාල ලෙස නැවත පිහිටුවීම් දකින්නට යන බැවිනි.

ස්වර්ගයේ තිබෙන විශාලම ප්‍රීතිය නම්, එක පව්කාරයෙක් පසුතැවිලි වන විට, විශේෂයෙන්ම සභාව, එනම්, ඔබත් අපත් කොපමණ වැඩියෙන් ප්‍රීති විය යුතුද?

එක පව්කාරයෙක් පසුතැවිලි වුවහොත්, මුළු ස්වර්ගයම ප්‍රීති වන්නේය, එසේම ආත්ම ගැළවීම ලබනවා දකින විට සභාවත් ප්‍රීති වෙන්නට පටන් ගත යුතුය.

මෙය සභාව තුළ විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් සිද්ධ වෙන්නාවු වසරක් වන අතර, එය ලෝකයා වෙතටතද ගලා යන්නේය.

ලෝකයේ සෙනඟ පසුතැවිලි වෙන්නට යන අතර, ඔවුන් හැරී, "අපි සභාවට යන්නෙමු, අපි දෙවියන්වහන්සේව විශ්වාස කරන්නෙමු" යනුවෙන් පවසනු ඇත.

"මෙවන් ප්‍රේමයක් ගැන අපි කවදාවත් අසා නැත. මෙවන් ඇදහිල්ලක් ගැන අපි කවදාවත් අසා නැත.” 

“මේ වාගේ හාස්කම් අප දැක නැත. මේ වාගේ සුවවීම් සිද්ධ වෙනවා අප දැකලා නැත."

දෙවියන්වහන්සේ සෙනඟට විශාල පසුතැවිලිවීම් තුළින් ඒ ආකාරයේ නැවත පිහිටුවීම්ද දෙන්නට යන්නේය.

විශාල පසුතැවිලිවීම් විශාල නැවත පිහිටුවීම් ගෙනෙන්නට යන්නේය. 

ඔබත් මමත් මේවාගේ දවස් දකින්නට ජීවත්ව සිටීම ගැනත් උන්වහන්සේගේ අනුග‍්‍රහය උදෙසාත් ස්තූති කරමු.

මනුෂ්‍යයන් කඳුළු සලමින් පැමිණ, "යේසුනි, අපි ඔබවහන්සේට ප්‍රේම කරන්නෙමු, අපට පසුතැවිලි වීමටත් හැරෙන්නටත් අවශ්‍යයි, අපි ඔබවහන්සේව ස්වාමීන් හා ගැළවුම්කරුන් ලෙස පිළිගන්නෙමු" යනුවෙන් පවසන්නෝය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#869)]

Read 14 times