+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (23 වැනි කොටස)

1_E.png

දැන් මේ මොහොතේ ඔබගේ හාස්කම් ලබා ගන්න. දැන් මේ මොහෙතේ සුවය ලබා ගන්න. එක්කෙනා දෙන්නා ගැළවීම ලබන දවස් හමාරයි; විශාල හාස්කම් සිදු වන්නේය. සෙනඟ සමූහයක් ගැළවීම ලබන්නට යන්නේය. විශාල නැවත පිහිටුවීම් සිද්ධ වන්නේය. යේසුනී, ඔබට ස්තූතියි ස්වාමිනි!

අපි අපගේ දේශයට කතා කරන්නට යන්නෙමු; අපි ලෝකයා වෙතට කතා කරමින්, විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් යැයි කියන්නෙමු. යේසුනී, ඔබට ප‍්‍රශංසා වේවා! ස්වාමිනී ඔබට ස්තූතියි!

මනුෂ්‍යයන් ශුභාරංචිය අසන්නට සුදානමින් සිටී. යේසුනී, අපි ඔබව උසස් කරන්නෙමු! අපි ඔබට ප්‍රශංසා කරමු! ඔබට ප‍්‍රශංසා වේවා! යේසුනී, අපි ඔබට ප‍්‍රශංසා කරන්නෙමු ස්වාමිනී! ඔබට ස්තූතියි යේසුනී! ඔබට ස්තූතියි යේසුනී! ඔබගේ මහිමවත් නාමයට ප‍්‍රශංසා වේවා! මහෝත්තම දෙව් ස්වාමීන්ට ස්තූති වේවා! ඔබට ප‍්‍රශංසා වේවා! ප‍්‍රශංසා වේවා! යේසුස් ස්වාමිනී ඔබට ස්තූතියි! ඔබගේ මහිමවත් නාමය උසස් කරන්නෙමු!  

ස්වර්ගීය පියාණෙනි, අපි ඔබට ස්තුතිවන්ත වන්නෙමු! අපි අපේ රැකියා ස්ථානවල සහ අපගේ ව්‍යාපාරික ස්ථානවල තනිවෙන්ට යන්නේ නැත. බොහෝ අය ගැළවීම ලබා, අප වටා බොහෝ ගැළවිම ලැබූ අය සිටින්නට යන්නේය. එක්කෙනා දෙන්නා ගැළවිම ලබාගත් කාලය හමාරවී ඇත. අපි විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් ගැන කතා කරන්නෙමු.

සර්වබලධාරී දෙව් ස්වාමිනී, ඔබවහන්සේගේ අනුග‍්‍රහය උදෙසා ස්තූතියි. අපි තවදුරටත් යක්ෂයාගෙන් බිය ගන්වනු ලබන්නේ නැත, නමුත් අපගේ ඇදහිල්ල යක්ෂයාව බිය වද්දන්නට යන්නේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නමයෙන්, සාතන්, අපි දැන් ඔබට අමතන්නේ, අපගේ ජීවිතයෙන් ඔබේ අත් ඉවත් කර, පිට වී යන්න. ජීවිතය ජයගන්නට පොරබදිමින් සිටින කෙනාව නුඹේ අත්වලින් ගළවා ගන්නෙමි. යේසුස්වහන්සේගේ නාමයෙන්, පිටවෙන්න! යේසුස්වහන්සේගේ නාමයෙන්, පිටවෙන්න! යේසුස්වහන්සේගේ නාමයෙන්, පිටවෙන්න! සෑම අශුද්ධාත්මයක්ම, යේසුස්වහන්සේගේ නාමයෙන් පිටවෙන්න!

භය ගන්වන්නාවූ ආත්මය, යේසුස්වහන්සේගේ නාමයෙන් පිටවෙන්න! යේසුස්වහන්සේගේ නාමයෙන් ඉවත් වී යන්න! යේසුස්වහන්සේගේ නාමයෙන් පිටවෙන්න! අපි අපගේ තත්වයන් ගැනත් අපගේ ශරීර වලට ජීවනයෙන් පූර්ණ වූ වචන කතා කරන්නෙමු. අපගේ රැකියා කරන ස්ථානවල සහ අපගේ ව්‍යාපාරික ස්ථානවල වල සිටින අය කෙරෙහි යේසුස්වහන්සේගේ නාමයෙන්, ජීවනය කතා කරන්නෙමු! 

අපි යම් ස්ථානවලට ගොසින්, “යක්ෂයා, ඔබේ අත් ඉවතට ගන්න කියා අණ කරන්නෙමු, මම මෙම ස්ථානයේ සිටින්නෙමි යේසුස් ක්‍රිස්තුස්වහන්සේද මෙහි සිටී. ශුද්ධාත්මයාණන්වහන්සේද මෙහි සිටී; දෙවියන්වහන්සේද මෙහි සිටී. යේසුස්වහන්සේගේ නාමයෙන්, ඔබේ කුණු කසළ රැගෙන පිටවී යන්න!” යේසුනී විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් සඳහා ස්තූතියි. දෙවිඳුනි, ඔබවහන්සේගේ වචනය අප ලබා ගන්නෙමු. යේසුස් ස්වාමිනී, ඔබට ස්තූතියි!

අපි තවදුරටත් නිශ්චලව නොසිටින්නෙමු, නමුත් අපි දෙවියන්වහන්සේගේ වචනය කතා කරන්නෙමු. අපි දෙවියන්වහන්සේගේ පොරොන්දු කතා කරන්නට යන්නෙමු. ඔබට ස්තූතියි යේසුනී! ඔබගේ මහිමවත් වූ නාමයට ප්‍රශංසා වේවා! ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා! යේසුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්, ආමෙන්, ආමෙන්!

ඔබට දේව ආශීර්වාද වේවා, 2024 ඔබ සැමට  ආශීර්වාදමත් වසරක් වේවා!

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!

පහත link එක ක්ලික් කරන්න.

https://www.youtube.com/watch?v=MpQ400BSXO4&t=10985s

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#872)]

Read 321 times