+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භයින් ක්‍රියා කරන්නෙකු නිවැරදි තීරණ ගනී - යෝෂා මනූ
September 18, 2022 Sunday Sermon Notes


ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ කිසි අඩුවක් නැත.

ස්වාමීන්වහන්සේ අපගේ සැපයුම්කරු ලෙස අපට සපයා දෙන්නට පොරොන්දු වී ඇත.

ගීතාවලිය 23:1
ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.

මෙය අපගේ ජීවිතයේ ප‍්‍රකාශයක් පමණක් නොව එළිදරව්වක් වෙන්නට අවශ්‍යයයි.

එවිට අපගේ ප‍්‍රකාශය පෙරටුවට තබමින් අප ඉල්ලනවාටත් හිතනවාටත් වැඩියෙන් ලබා දෙන්නට අපගේ සැපයුම්කරුට පුළුවන් වේ.

එපීස 3:20
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

දෙවියන්වහන්සේ අපගේ පියාණන්ය, පියාණන්ගේ වගකීම දරුවන්ට සැපයීමයි. අපට පියාණන්වහන්සේ සමඟ සම්බන්ධතාවය තිබිය යුතුයි.

මෙම පදය අනුව අප තුළ ක‍්‍රියා කරන්නාවූ බලය නම්
1 අපගේ දිවෙන් නික්මෙන වචන (හිතෝපදේශ 18:21)
2 ශුද්ධාත්ම බලය (ක්‍රියා 1:8)

අපගේ සැපයුම්කරු දෙවියන්වහන්සේය.

දේව භයින් ක්‍රියා කරන්නෙකු දේව පොරොන්දු තුළින් ජීවත් වන්නේය.

දේව භයින් දේව පොරොන්දු දෙස බලමින් ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ විය. (උත්පත්ති 22 පරිච්ඡේදය)

අප දෙවියන්වහන්සේට කීකරු වන විට එම කීකරුකම තුළින් අප තුළ ඇති දේව භය දෙවියන්වහන්සේ දකී.

අප දෙවියන්වහන්සේට කීකරු වන්නෙත් උන්වහන්සේගේ හඬ අසන්නෙත් දේව භය නිසයි.

දේව භය අපගේ ජීවිතයේ ඉතාම වැදගත්ය.

දේව භය පොරොන්දු ලබා දෙනවා පමණක් නොව අප ගන්නාවු තීරණ වලට පවා අපට මඟ පෙන්වනු ලබනවා ඇත.

2 කොරින්ති 7:1
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.

දෙවියන්වහන්සේ කථා කරන්නේ උන්වහන්සේ ප්‍රේමකරන සෙනඟටය.

අපගේ ආත්මය තුළ යේසුස්වහන්සේ වැඩවාසය කරනු ලබනවා. එහි කිලුටු භාවයක් නැත.

සියලු කිලුටුකම් වලින් අප අපව පවිත‍්‍ර කර ගත යුතුය.

අපගේ පාපය අප කියා දිය යුත්තේ ස්වාමීන්වහන්සේටය.

1 යොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.

අප චාරිත‍්‍රයක් ලෙස නිකරුනේ පව් කමාව නොඉල්ලිය යුතුය.

අප ධර්මිෂ්ඨ දේව පුත‍්‍රයන් බව අපගේ මුවින් ප‍්‍රකාශ කළ යුතුයි.
දෙවියන්වහන්සේ පවසන්නේ තමාවම සියලු කිලුටුකම් වලින් පවිත‍්‍ර කරගනිමින් දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව ශුද්ධකම අලුත් කර ගනිමු කියාය.

දෙවියන්වහන්සේ අපව තෝරා ගෙන ඇත්තේ උන්වහන්සේව නමස්කර කිරීමටය.

නමස්කාරය ගැන එළිදරව්වක් යේසුස්වහන්සේ යොහන් පොතේ අපට පෙන්වා දී ඇත.

යොහන් 4:23-24
23 නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳු වූවන් සොයනසේක. 24 දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

ඔබ නමස්කාර කරන විට දේව වචනය ඔබගේ සිතේ තබා ගෙන තොල් වලින් ප‍්‍රකාශ කරන දේට එකඟ විය යුතුය.

අපි දෙවියන්වහන්සේ විසින් තෝරා ගෙන කැඳවා ගත් අය මෙන් උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපගේ භාජනය ශුද්ධ පවිත්‍රව තබා ගනිමු.

දේව භයින් ක්‍රියා කරන්නෙකු යහපත් තීරණ ගනු ලබයි.

අපි නිවැරදි තීරණ ගැනීම වැදගත්, හොඳ තීරණ මෙන්ම
දේව කැමැත්ත අනුව තීරණ ගැනීමද වැදගත්ය.

අපි ආබ්‍රහම් ලොත්ගෙන් වෙන් වූ ආකාරය ගැන බලමු.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට ඔහුගේ නිවසෙන්ද, නෑයන්ගෙන්ද, දේශයෙන්ද ඉවත්ව පොරොන්දු දේශයට පිටත් වෙන්නැයි පැවසීය.

නමුත් ලොත්ද එම ගමනට ආබ‍්‍රහම් හා එක්විය.

උත්පත්ති 12:4-5
මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය. ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.

උත්පත්ති 13:1‭-‬2
ආබ්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය. ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.

ආබ‍්‍රහම් නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් පූජාසන ගොඩනැගූ අතර ආබ‍්‍රහම්ගේ ජීවිතයේ තිබු ගුණාංග ලොත්ගේ ජීවිතෙන් ඉස්මතු නොවුණි.

උත්පත්ති 13:5 ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය.

උත්පත්ති 13:6 ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීමට ඔවුන්ට නුපුළුවන්විය.

උත්පත්ති 13:7 ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.

ආබ‍්‍රහම් අන්‍ය ජාතීන් ඉදිරියේ දබර වීමට කැමතිවූයේ නැත. ඔහු ලොත්ගෙන් වෙන්වීමට හරි තීරණය ගන්නා ලදි.

උත්පත්ති 13:8 එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.

උත්පත්ති 13:9 මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.

ආබ‍්‍රහම් ලොත්ට තෝරා ගැනීමට ඉඩ දුනි.

ආබ‍්‍රහම් ඔහුගේ ගමනට මඟ පෙන්වීමට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවේය.

ලොත්ගේ ගමන, විනාශකාරී නගරයවූ සොදොම සහ ගොමෝරා කරා ඔහු තම සෙනඟ ගෙන යන ලදි.

අවසානයේදී සොදෙම සහ ගොමෝරා නගර විනාශ කරන අවස්ථාවේදී ලොත් ඔහුගේ පවුල සමඟ තනිවුණේය. ඔහුගේ භාර්යාව පිටිපස බැලූ නිසා ලුනු කණුවක් බවට පත්විය.

ලොත් තුළ උඩඟුකම, අකීකරු කම, භේද ඇති කිරීම, ඊර්ෂ්‍යාව, වෛරය, මුරණ්ඩකම, කැරලි ගැසීම, යන මෙවැනි බලවත් විරෝධතාවයන් තිබුණේය.

හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

හිතෝපදේශ 15:18
තරඟකාර මනුෂ්‍යයෙක් (වහා කිපෙන සුලු) තරඟ (කලහ, ඩබර ආරම්භ කරයි) උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.

හිතෝපදේශ 26:21
ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.

හිතෝපදේශ 17:1
තරඟ (ඩබර) ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.

හිතෝපදේශ 17:14
ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න. නවත්වන්න.

මේ පදයෙන් අර්ථවත් වන්නේ, රණ්ඩුවක ආරම්භය වේල්ලක කාන්දුවක් වැනිය, එය පුපුරා යාමට පෙර නැවැත්විය යුතුයි.

2 තිමෝති 2:23
නුමුත් මෝඩවූ අඥානවූ විවාදවලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරන්න.

රණ්ඩු ඩබර කිරීම අපි නතර කරමු.


Watch the Sermon Video

Read 361 times