+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමු - යෝෂා මනූ
April 21, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ අපව තෝරා ගත්තේ උන්වහන්සේගේ වස්තුව අප තුළ තැන්පත් කරන පිණිසය.

දෙවියන්වහන්සේගේ මැවිල්ලවූ ඔබව අවතක්සේරු කර නොගන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබව ඔසවා යේසුස්වහන්සේ සමඟ හිඳුවා ඇත. උන්වහන්සේට ඔබ වටිනා තැනැත්තෙකි.

ඔබ දෙවියන්වහන්සේ සෑහේ, උන්වහන්සේ ශුද්ධයි කියා පවසනවා සේම, ඔබ ඔබව පහත් නොකර ඔබ ගැනත් යහපත් දේ කථා කරන්න.

ඔබ දෙවියන්වහන්සේට වටිනා උන්වහන්සේගේ ජීවමාන වස්තුවයි. ඔබ ඔබට දොස් පවරා නොගන්න.

දෙවියන්වහන්සේගේ සත්‍යතාවේ වචනය දැනගත් ඔබ කිසිවෙක් අනුකරනය නොකරන්න.

ගැළවීම ලබා ගැනීමෙන් පසු අපි දැනගත යුතු මූලික කරුණු ගැනයි අපි බලමින් සිටින්නේ.

අපි පළමුකොට අපගේ හොඳ ආත්මික නිවසට අත්තිවාරමක් ගොඩනඟා ගැනීම වැදගත් වේ.

ඒ නිසා අපගේ අත්තිවාරම යේසුස්වහන්සේය. උන්වහන්සේ මත අපගේ ජීවිතය ගොඩනඟා ගනිමු.

‭1 කොරින්ති 3:11
මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

යේසුස්වහන්සේ මත අපගේ අත්තිවාරම ගොඩනඟා ගත හැක්කේ දේව වචනය තුළිනි. උන්වහන්සේගේ චරිතය, ස්වභාවය, මූළධර්ම අපට වචනය තුළින් දැන ගත හැකිය. එය අපගේ ජීවිතයට මුල් කර ගත යුතුය.

‭එපීස 2:20
නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක.

යේසුස්වහන්සේ මත ගොඩනඟන්නාවු අත්තිවාරම කිසිදා කඩා නොවැටේ.

දෙවැනි කාරණාව ලෙස අපි බැලුවේ අපි අලුත් මැවිල්ලක් වී සිටින්නෙමු.

අපි අලුත් මනුෂ්‍යයා වීමෙන් මාංශාකාර ජීවිතය ගත කිරීම නතර කළ යුතුයි.

‭ගලාති 6:15
මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්‍යවත් අචර්මඡේද්‍යයවත් කිසිවක් නොවේ.

අප මාංසයෙන් කරාවූ පරණ දේ කිසිවක් නොව ක‍්‍රිස්තුස්වහන්සේ අප උදෙසා කළාවු දෙයයි වටින්නේ.

ඔබගේ ජීවිතයේ දේව කැමැත්ත කිරීමට පටන් ගන්නේ ගැළවීම ලැබුවායින් පසුවයි.

අලුත් මැවිල්ලක්වූ ඔබ දෙවියන්වහන්සේ සමඟ ජීවමාන සම්බන්ධකමක් ඇතිවයි ජීවත්වන්නේ.

තුන්වැනි කාරණාව නම් අපි ආත්මයෙන් ගමන් කිරීම නැතහොත් ආත්මයෙන් මඟ පෙන්වීම ලබා ජීවත් වීමයි.

දෙවියන්වහන්සේ ආත්මයේ ප්‍රකාර හැසිර ජීවත් වීම ගැන පරණ ගිවිසුමේ අනාවැකි ඵල කළේය.

‭එසකියෙල් 36:27
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.

දෙවියන්වහන්සේගේ වචනය පවත්වන්නට උපකාර කරන්නට උන්වහන්සේ අපට උන්වහන්සේගේ ආත්මයාණන් දී ඇත.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

මෙයින් අදහස් කරන්නේ, මාංසය අනුව නොව ආත්මයාණන් අනුව ගමන් කරන අයට දැන් වරදට පත් කිරීමක් නැත, අපට විරුද්ධව නඩු තීන්දුවක් නැත.

රෝම 8:4
එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.

ආත්මයෙන් ගමන් කළහොත් අපට මෙම ගමන පහසුවෙන් ගමන් කළ හැකිය. නමුත් මාංසයෙන් එය කළ නොහැකිය.

‭ගලාති 5:16
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

ආත්මයෙන් හැසිරෙමින් ගමන් කළහොත් අපට ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කළ හැකිය. (හෙබ්‍රෙව් 11:6)

‭ගලාති 5:25
අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

ආත්මයෙන් හැසිරෙන විට අපගේ ව්‍යවහාරය පවා වෙනස්විය යුතුය.

හතරවැනි කාරණාව අපි බැලුවේ අපි ආත්මයෙන් නමස්කාර කිරීමයි.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රියගේ ජීවිතයේ පරිවර්ථනයේ වෙනස දුටීය. ඇය ඇගේ ගමටම සුභාරංචියේ පණිවිඩය ගෙන යන ලදි. (යොහන් 4:39)

රෝම 7:6
නුමුත් අපි යමකට බැඳී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව. එනම් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කිරීමයි.

ආත්මයාණන්ගේ නව ජීවනය තුළ අපි ජීවත් වෙමින් උන්වහන්සේට නමස්කාර කරමු.

පස්වැනි කරුණ අපි ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමු

නමස්කාරය යන වචනයේ තවත් අර්ථයක් නම් සේවය කිරීමයි. ආත්මයාණන්ගේ උපකාර ඇතුව අපි උන්වහන්සේට සේවය කරමු.

යොහන් 6:33 ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

ඔබ තුළින් නික්මිය යුත්තේ ආත්මික හා ජීවනයේ වචනයි.

රෝම 7:6 නුමුත් අපි යමකට බැදී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.

අපි මාංශාකාරව සේවය නොකර, නිදහස්කමෙන් ආත්මයාණන් තුළ නැවුම්භාවයෙන් සේවය කරමු.

මන්ද අපව කැඳෙව්වේ දේව රාජ්‍යය තුළ ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද ඇතුව සේක කරන පිණිසයි.
යක්ෂයා නිතරම ඔබ තුළ ඇති ප‍්‍රීතිය සොරා ගන්නටත්, මරා දමන්ටත් තැත් කරයි. නමුත් යේසුස්වහන්සේ පැමිණියේ අපට ජීවනය දීමටය. (යොහන් 10:10)

ඒ ජීවනය අපට බහුල ලෙස ලබා ගත හැක්කේ ආත්මයාණන් වහන්සේ තුළිණි.

රෝම 14:17 මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

යේසුස්වහන්සේ පැවසුවේ, ශුද්ධාම බලය ලබාගත් පසු ඔබලා ගොසින් සාක්ෂි දරන්න යන්නයි.

ක්‍රියා 1:8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

යේසුස්වහන්සේ දැනන් සිටියා උන්වහන්සේගේ ගෝලයන්ට මේ පොළොවේ සාක්ෂි දැරීමට ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අවශ්‍යය බව.

ක්‍රියා 2:4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

මේ ශුද්ධාම බලය ලැබූ සියල්ලෝම ආත්මයෙන් පිරී අන් භාෂාවෙන් කතා කරමින් ශක්තිමත් වූවෝය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වුනා ඔවුන්ගේ ව්‍යවහාරය වෙනස් කිරීමට. ඔවුන් දෙවියන්වහන්සේ උදෙසා සාක්ෂි දැරීමට.

යේසුස්වහන්සේ නාදුනමියි කියමින් භයෙන් සිටි පේත‍්‍රැස් ශුද්ධාත්ම බලය ලැබූ පසු මුලිමනින්ම වෙනස් වී බලයෙන් පිරී සාක්ෂි දරනලදි. (ක්‍රියා 2:14)

ආත්මයාණන් වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපට කථා කිරීමට පුළුවන්කම ලබාදුණි.

දෙවියන්වහන්සේ අපට හරි වේලාවට හරි දේ කථා කිරීමට උගතුන්ගේ දිවක් දී ඇත. (යෙසායා 50:4)

එම ආත්මයෙන් පිරී සිටින පුත්‍රයෝද දූවරුන් හට ස්වාමීන්වහන්සේ එළිදරව් කරන්නට යන බව පවසා තිබේ.

ක්‍රියා 2:17-18 අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. 18 එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

දෙවියන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ආත්මයෙන් පුරවනු ඇත. උන්වහන්සේගේ සත්‍යය ප‍්‍රකාශ කිරීමට උන්වහන්සේ ඔබත්, මාත් ඔසවා ඇත. අප උන්වහන්සේගේ දූ දරුවන්ය.

පේතෘස් බලයෙන් පිරී නිර්භීතව ක‍්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පැවසීය. (ක්‍රියා 2:35-36)

ශුද්ධාමයාණන්ගේ බලයෙන් පූර්ණ වූ සියල්ලෝම දැක, පේත්‍රැස් දේශනා කළ පණිවිඩයද අසා ඒ මනුෂ්‍යයන් වෙනස් වෙන්නට හැරෙන්නට කුමක් කළ යුතු දැයි ඇසුවෝය.

ක්‍රියා 2:38 පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.

පේත්‍රැස් සහ අනෙකුත් සියල්ලෝම ශුද්ධාමයාණන්ගේ බලයෙන් පූර්ණ වීමෙන් පසු බලවත් ලෙස ක්‍රියා කළෝය එසේම නිර්භීත ලෙස කථාකළෝය.

අපිත් ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ශක්තිමත් වන කළ අපට මනුෂ්‍යයන් වෙත මෙම සුභාරංචිය ගෙන යාමට පුළුවන.

දේව මාළිඟාව අසල සිඟමින් සිටි කොරාගේ සුවපත්වීම දුටු මනුෂ්‍යයන් පුදුමවූ අතර ඔවුන් සිතුවේ එය පේතෘස් විසින් කරන ලද්දක් බවයි. නමුත් පේත‍්‍රැස් පැවසුවේ එය ඔහුගේ බලයෙන්වත්, හැකියාවෙන්නත් කළාවු දෙයක් නොව, එය දෙවියන්වහන්සේ තුළින් සිදුවූවක් බවය. (ක්‍රියා 3:12-13)

ක්‍රියා 4:8 එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි,

ක්‍රියා 4:9-10
9දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන, ඔහු සුවකරනු ලැබුවේ කොයි විධියෙන්දැයි අද අපි විභාගකරනු ලබමු නම්, 10නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා.

පේතෘස් ප‍්‍රඥාවෙන් හා බලයෙන් පූර්ණව කළ කථාවට විරුද්ධ වීමට කාටත් නොහැකිවිය.

ක්‍රියා 4:31 ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

ආත්මයෙන් සැබෑකමින් කථා කරනවා පමණන් නොව, අප මනුෂ්‍යයන්ට සේවය කළ යුත්තේද ආත්මිකවයි.

ආත්මයෙන් පූර්ණ වී කරන සේවය බලවත් වන්නේය. ආත්මයෙන් පිරී සේවය කිරීමෙන් කිසිකෙනෙකුට ඊට විරුද්ධව නැගී සිටින්නට නොහැකියි.

ක්‍රියා 6:10 ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොටගෙනද කළ කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකිවිය.

යේසුස්වහන්සේ පැවසුවේ, ඒ ජීවනදායක වතුර ඇති ගංගා
අප තුළින් ගලා එන්නට අප ඉඩ හැරිය යුතු බවයි. මේ ශුද්ධාමයාණන් තුළ පූර්ණ වීම සිදුවූයේ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුවය.

යොහන් 7:37 මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.

ශුද්ධාත්ම බලයෙන් පිරීමට පළමුව ඔබ තුළ පිපාසය තිබිය යුතුයි.
ශුද්ධාත්ම බලයෙන් පිරුනොත් අනිවාර්යයෙන්ම ඔබ බලය ලද්දෙක් වනු ඇත.

යොහන් 7:38 මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.

ඔබ සමහර විට මනුෂ්‍යයන්ට කථා කරන විට දෙවියන්වහන්සේ ඔබ තුළින් වචන ගළා එන්නට සලස්වනු ඇත.

යොහන් 7:39 උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

ආත්මයාණන් වහන්සේ ලැබූ පසු පේතෘස් තුළින් ජීවනයේ වචන ගලා එන ලදි.

ස්තේපන්ද ආත්මයාණන්වහන්සේගේ බලයෙන් පිරුණාවූ වචන කථාකලේය. (ක්‍රියා 6:10 / 7:55-56)

ස්තේපන් මැරෙණ මොහොතේදී පැවසුවේ ඔහුට වරඳ කළ අයට සමාව දෙන ලෙසය. (ක්‍රියා7:60)

ඔහුට එවැනි ජීවන වචන කථා කිරීමට හැකිවූයේ ඔහු තුළ ආත්මයාණන් වහන්සේ සිටි නිසාවෙනි.

ආත්මයෙන් ගමන් කරන කළ ඔබ තුළ සමාව දීමේ ආත්මය ක‍්‍රියාත්මකවේ.

ශුද්ධාමයාණන්ගේ බලයෙන් හා යේසුස්වහන්සේගේ නාමයෙන් අපට යක්ෂයන් දුරු කරන්නට හැකියි.

‭ශු. ලූක් 10:19
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.

මතෙව් 12:28 නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකාරයාණෝය. උන්වහන්සේ නිතරම අපට උගන්වා මඟ පෙන්වන්නේය.

යොහන් 14:17 ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක. 18 නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.

අපව සනසන්නේ, ශක්තිමත් කරන්නේ, ධෛර්යමත් කරන්නේ අප තුළ සිටින්නාවූ ආත්මයාණන් වහන්සේය.

ස්වාමීන්වහන්සේ කිසිදා අපව අත් නාරින සේක.

යොහන් 14:26 නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන් වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

අප කථා කල යුතු වචන උන්වහන්සේ අපට උගන්වනු ඇත.

යොහන් 15:26 නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.

ඔබ තුළ දෙවියන්වහන්සේගේ සාක්ෂිය ඇත.

ආත්මයාණන් වහන්සේ අපගේ මැදිහත්කරුය. උන්වහන්සේ අප වෙනුවෙන් සාක්ෂි දරමන්, අපව සනසමින්, අප උදෙසා යාච්ඤා කරමින් අප තුළ සිටිනු ඇත.

යොහන් 16:13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.

ඔබ අසන දේ, මෙනෙහි කරන දේ ස්වාමීන්වහන්සේ තුළ ක‍්‍රියාවට නංවන්න.

එකිනෙකාට ප‍්‍රේම කිරීමට ඔබ තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ඇත.

ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ සිටිමින් ඔබ දෙවියන්වහන්සේට සේවය කරන්න.


Watch the Sermon Video

Read 52 times