+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ දකින්නේ අපගේ ඇදහිල්ලයි - මනූ මැතානි
August 6, 2021 Bible Study Notes

 

ලූක් 5:17-20

17 ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.

18 එවිට මිනිස්සු අංශභාග රෝගියෙකු ඇඳක තබා ගෙනාවෝය. ඔහු ඇතුළට ගෙනැවිත් උන්වහන්සේ ඉදිරියෙහි තබන්ට ඔව්හු සෙවුවෝය.

19 නුමුත් සමූහයා නිසා ඇතුළට ගෙනයන්ට අන්දමක් නොදැක, වහලට නැගී සෙවිල්ල ඇර, යේසුස්වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමඟ ඔහු මැදට බැස්සෙවුවෝය.

20 උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: මනුෂ්‍යය, නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීසේක.

ලූක් 5:21-23

21 එවිට ලියන්නෝද ඵරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය.

22 යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?

23 වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකර තිබේයයි කීමද? නොහොත්–නැගිට ඇවිදින්නැයි කීමද?

රෝම 10:11-13

11 උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

12 මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.

13 මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.

යාකොබ් 2:14-26

දානියෙල් 11:32

නුමුත් තමුන්ගේ දෙවියන්වහන්සේ හඳුනන්නෝ වන සෙනඟ බලවත්වී, සමර්ථකම් කරන්නෝය.

ද්වීතීය කතාව 7:17

ක්‍රියා 4:12

රෝම 10:14

එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?

මාර්ක් 4:16-17

16 එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්,

17 තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්.

රෝම 10:17

මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

මතෙව් 9:27-31

27 යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය.

28 උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.

29 එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.

30 ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක.

31 එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය.

යොහන් 10:10

ලූක් 17:11-19

11 තවද ඔවුන් යෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියද ගලීලයද මැදින් ගියසේක.

12 උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වන කල, කුෂ්ඨරෝගීන් දසදෙනෙක් උන්වහන්සේට සම්මුඛවූවෝය.

13 ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය.

14 උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.

15 තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්,

16 උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.

17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද?

18 මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,

19 ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.

යාකොබ් 1:5-6

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

6 නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.

 


Watch the Sermon Video

Read 720 times