+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි උන්වහන්සේගේ හවුල් සේවකයන් - මනූ මැතානි
August 27, 2021 Bible Study Notes

 

හෙබ්‍රෙව් 13:15
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ගීතාවලිය 23:5

2 කොරින්ති 2:14
තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

හෙබ්‍රෙව් 8:6
නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.

2 කොරින්ති 3:6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

2 කොරින්ති 4:7
නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

2 කොරින්ති 6:14
නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

කොලොස්සි 3:1
ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

ගීතාවලිය 119:89
ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.

හෙබ්‍රෙව් 9:13-14
13 මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්,

14 කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?

යොහන් 15 පරිච්ඡේදය

ගීතාවලිය 45:1

හෙබ්‍රෙව් 9:15
මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.

හෙබ්‍රෙව් 12:24
අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.

උත්පත්ති 4:4

මතෙව් 27:46

රෝම 8:32
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

රෝම 8:33
දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?

හෙබ්‍රෙව් 7:25
එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.

1 යොහන් 3:19-21
19 මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව;

20 මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.

21 ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

හෙබ්‍රෙව් 9:15-17
15 මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.

16 මක්නිසාද* ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළාවූ අයගේ මරණයද පෙන්විය යුතුය.(* මුල් වචනයෙන් - 'අන්තිම කැමැත්ත' යන අර්ථයත් හැඟේ)

17 එසේය, ගිවිසුමක් ස්ථිරවෙන්නේ මරණය සිදුවුණායින් පසුය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත් වලංගු නැත.

රෝම 8:11
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.


Watch the Sermon Video

Read 819 times