+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව ප්‍රේමය (Part 2) - යෝෂා මනූ

August 29, 2021 Sunday Sermon Notes

Yasha

ප්‍රේමයේ දෙවියන්වහන්සේ කවදාවත් ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබට කිසිදා ශාප කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ කිසිවෙකුට දොස්පවරන්නේ නැත. දඬුවම් කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ කාවදාවත් වරදට පත් කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබව හෙළා දකින්නේ නැත/ලැජ්ජාවට පත් කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබ වටින්නේ නැත කියා ඔබව අයින් කරන්නේවත් අහකට දමන්නේවත් නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබට අසමාදානය ගෙනෙන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබව පරාජයට පත් කරන්නේ නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබගේ වැරදි සොයන්නේ නැත. ඔබ සමඟ තරහෙන්, කෝපයෙන්, උදහස් වී නොවෙයි සිටින්නේ. නැත. නැත.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබව කිසිදා අත් හරින්නේ නැහැ.

1 යොහන් 4:19

අපි උන්වහන්සේට ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසයි.

එළිදරව් 1:5

උන්වහන්සේ අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ දෙවියන්වහන්සේය.

කෙනෙකු තමාගේ ලේ වගුරුවන විට ඒ දෙදෙනා අතර පුදුමාකාර බැඳීමක්
හට ගන්න පටන් ගන්නේය.

ප්‍රේමයයි අපව බිහි කළේය.
ප්‍රේමයයි අපට මේ නව උපත දෙනු ලැබුවේ.

ප්‍රේමය තමාගේ වටිනාම (අනගි) ලේ අප වෙනුවෙන් වගුරුවා හැරියේය.

ඒ නිසයි අපි යේසුස්වහන්සේගේ ලේ වර්ණනා කරන්නේ. ඒ ශුද්ධ පවිත්‍ර ලේ, කිසි පාපයක් හෝ කැලලක්වත් නොමැති අනර්ඝ ලේ අප වෙනුවෙන්, අපගේ පාපයේ කුලිය (විපාකය) උදෙසා පූජා කරනු ලැබුවේ.

සතුරාගේ පාපයට හසුකරගෙන, බන්ධනයේ තබා සිටි අපව යේසුස්වහන්සේ මුදවා ගන්නට තමන්ගේම ලේ වැගිරූසේක. උන්වහන්සේ අපගේ ප්‍රාණය වෙනුවෙන් උසස්ම මිලය ගෙවා මිලදී ගත්සේක.

ගලාති 5:6 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස,.............

අපගේ ඇදහිල්ල ක්‍රියා කරන්නේ ප්‍රේමයෙන්.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් ප්‍රකාශ වූයේ දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි.

එපීස 2:1-5
අපි අපගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ අපව ජීවත්කළසේක.

රෝම 5:6-10
 
6 මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක.

7 ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන.

8 නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

9 එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව.

10 මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.

එපීස 3:17 (16-19)
ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, .....


Watch the Sermon Video

ඔබ ඉදිරියේ දර්ශනයක් තබාගෙන ඇදහිල්ලෙන් ගමන් කරන්න - මනූ මැතානි
August 29, 2021 Sunday Sermon Notes


22.08.2021 Manu

කොලොස්සි 2:7

එපීස 3:17

2 කොරින්ති 5:7
මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

හිතෝපදේශ 29:18
දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.

නික්මයාම 3:8

යෙසායා 48:17

1 පේත්‍රැස් 2:1-3
එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රුවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

හෙබ්‍රෙව් 8:6

ගණන් කථාව 21:4-5
4 ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.

5 සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.

ගණන් කථාව 21:6
ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.

1 කොරින්ති 10:10-11
නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

1 පේත්‍රැස් 1:23

මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

රෝම 14:17
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

පිලිප්පි 3:1
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

හිතෝපදේශ 17:22
තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

1 කොරින්ති 4:2-3
ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය. නුමුත් නුඹලා විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේය, මමම මා විනිශ්චය නොකරමි.

යෝෂුවා 1:8

1 සාමුවෙල් 30:6

යාකොබ් 3:1-8

හෙබ්‍රෙව් 13:5-6
5 මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

6 මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

1 රාජාවලිය 18 පරිච්ඡේදය

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

2 කොරින්ති 1:21

2 රාජාවලිය 4:1-2
1 ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.

2 එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.

2 රාජාවලිය 4:3
එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න.

2 රාජාවලිය 4:4
නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය.

2 රාජාවලිය 4:5
ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

1 කොරින්ති 10:13 


Watch the Sermon Video

Read 609 times